නවම් පුර පසළොස්වක පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සම්බුද්ධ චරිතය හා සම්බන්ධව ඉතා වැදගත් සිදුවීම් මේ දිනයේ සිදුවෙලා තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි, සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා දම් සබා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ තනතුරු අපේක්ෂා කළත් බුදුරජාණන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා දෙනම සංසාරයේ පුරන ලද පාරමිතා දැක උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කර මේ තනතුරු පිරිනමා තියෙනවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් සව් හා ධර්මසේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයේ කුද්දක නිකායේ අපදාන පාලියේ සඳහන් වෙනවා.
මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත් සව් තනතුර ලබා දුන්නා. උන්වහන්සේ ඍද්ධිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරද හිමිකර ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අභිධර්මය වගේ ගැඹුරු ධර්මය ඉතා විචිත්‍රවත් ලෙස දේශනා කිරීමේ හැකියාවත් මුගලන් මහරහතන් වහන්සේට තිබුණා. මුගලන් මහරහතන් වහන්සේ තම ඍද්ධිය භාවිතා කර දිව්‍යලෝකයට වැඩම කළා. අපායටත් උන්වහන්සේ වැඩම කළා. ඒවායේ තොරතුරු මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට පැහැදිලි කළා. මිනිසුන් සුචරිතයට යොමුකර ගැනීමට එමඟින් උත්සාහ කළා.
සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කාලයේ, එනම් උපතිස්ස සහ කෝලිත වශයෙන් සිටි කාලයේ සිටම කල්‍යාණ මිත්‍රයින්. මේ දෙදෙනා අස්සජි මහරහතන් වහන්සේගෙන් බණ අසා තමයි, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බවට පත් වුණේ..
නවම් පුර පසළොස්වක පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ 'ඕවාද ප්‍රාතිමෝක්ෂය' දේශනා කිරීමයි. භික්ෂූන් වහන්සේලා මෙසේ හික්මිය යුතු යැයි සෑම බුදුවරයන් වහන්සේලාම දේශනා කරන අනුශාසනය 'ඕවාද ප්‍රාතිමෝක්ෂය' කියලයි හැඳින්වෙන්නේ..
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං
මෙහි අර්ථය වනුයේ සියලු පව් නොකිරීම, කුසල් දහම් වැඩීම, සිත දියුණු කිරීම බුද්ධ සාසනයේ ඒකම අරමුණයි. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියේද නවම් පුර පසළොස්වක් පොහෝ දිනයකයි. ඒ අනුව මාරයාගේ ආරාධනය අනුව චාපාල නම් චෛත්‍ය ස්ථානයේදී තව තෙමසකින් පිරිනිවන්පාන්නට තීරණව කළ බව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රකාශ වුණා.
ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද නවම් පුර පසළොස්වක් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එහිදී බුද්ධ පරිනිර්වාණයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඊට ඇතුළත් වුණා.
0 Comments