HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දෙවන එලිසබෙත් මහ රැජින සිහසුනේ වසර 70ක් සපුරයි!

එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින එක්සත් රාජධානයේ රාජ්‍යත්වයට පත්ව පසුගිය පෙබරවාරි 6 වැනි දාට වසර 70ක් සපිරුණා. වර්තමාන‍ ලෝකයේ මෙතරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජෙක් හෝ රැජිනක් හෝ ඇත්තේ නැහැ. ඒ අනුව දෙවන එලිසබත් මහ රැජින වසර 70ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙනවා. 

දෙවන එලිසැබත් මහ රැජින

මහ රැජින සිහසුනට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජු අභාවයට පත් වූ නිසයි. එතැන්පටන් එතුමිය ඒ තනතුර දැනට වසර 70ක් දරා තියෙනවා. මේ අනුව ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට ඇය පත් සිටිනවා. 

වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමායි. එතුමාගේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව බවට පත්වුණා. එතුමිය තවමත් රජකම අත්හැර නැති නිසා ඇගේ මේ ලෝක වාර්තාව තවමත් අවසාන නැහැ. 

දෙවන එලිසබත් මහ රැජිනගේ 70 වැනි ජුබිලිය ඇගේ කිරුළ පිළිගන්නා රටවල මහ ඉහළින් සමරනවා ඇති. එක්සත් රාජධානියේ කිරුළ දරන එතුමිය ඒ සමගම පොදු රාජ්‍ය මණ්ඩලයේ තවත් රාජ්‍ය 14කට නායත්වය දෙනවා. 

එතුමියගේ 70 වසරක රාජ්‍ය කාලය සමරනු පිණිස වීඩියෝ ගණනාවක් 7 වැනිදා ලොව පුරා විකාශය වුණා. එයින් එකක් පහතින් නරඹන්න!

Post a Comment

0 Comments