HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් ගෙදරට හොරෙක් පැනලා!


දවසක් මහ රෑ නිදාගෙන ඉඳිද්දී නස්රුදින්ගෙ බිරිඳ එයාට ඇහැරෙව්වා. 

"නස්රුදින් නැඟිටින්න! අපේ ‌ගෙදරට හොරෙක් ඇවිල්ලා වගෙයි. යන්න ගිහිල්ලා අල්ලා ගන්න."

නස්රුදින් කලබල වුණේ නැහැ. එයා පහත් හඬින් බිරිඳට මෙහෙම කිව්වා. 

"අපි එහෙනම් සද්ද නැතුව ඉඳිමු. එයා කැමති දෙයක් කරපුවාවෙ. ඒ මොකද අපේ ගෙදර හොරා ගන්න තරම් වටිනා දෙයක් නෑනෙ. අපට වාසනාවක් තිබ්බොත් එයා වෙන තැනකින් හොරකම් කරන් ආපු දෙයක් හරි දාලා යාවි."

"විකාර කතා කියන්න එපා! ඒ වගේ දෙයක් කවදාවත් වෙන්නේ නැහැ." බිරිඳ කිව්වා. 

"එහෙම නම් අපි මෙහෙම කරමු. එයා සමහර විට සොරකම් කරන්න තරම් වටිනා දෙයක් තිබිලා ගත්තොත් අපිට ආ පිට ඒක හොරකම් කරන්න පුළුවන්නෙ" නස්රුදින් කිව්වා. 

(පර්සි ජයමාන්නගේ 'නස්රුදින්ගේ අපූරු කතා' කෘතියෙනි.)

Post a Comment

0 Comments