HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද? - පිළිතුර

 

ඔබට අප ඊයේ 'මල් කැකුළු' ඔස්සේ ඉදිරිපත් කළා, දිවංගත එස්. පී. පෙරේරා ගුරුතුමාගේ 'අභියෝගය' නම් පොතෙන් ඉදිරිපත් කළ අභියෝගයක්. ඊට එතු ලකුණු 9 ක් දිනුවේ නම් මා දුන් පිළිතුර ඒ පොතෙන් ම මෙසේ උපුටා දක්වනවා. 


විද්‍යාලයයන් තුන ම දිනාගත් ලකුණු ගණන 40යි. එක තරඟයකට දිය හැකි අවරෝහන ලකුණු ගණන 3, 2, 1 වශයෙන් 6ක් හෝ ඉන් වැඩි ගණනක් විය යුතු යි. 

40හේ සාධක 8x5 හෝ 10x4 ‌වේ. එහෙයින් එක තරඟයකට නියමිත ලකුණු ගණන 8 හෝ 10 ‌වේ. තරඟ ගණන 5 හෝ 4 ‌වේ. ‌

ලකුණු 10 ‌බෙදිය හැකි 5, 3, 2 හෝ 5, 4, 1 හෝ 7, 2, 1 වශයෙනි. ලකුණු 8 බෙදිය හැකි 5, 2, 1 හෝ 4, 3, 1 වශයෙනි. 

සාන්ත තෝමස්ට දිනුම් 6 කට ලකුණු 9ක් ලබන්නට හැකි වනුයේ දෙවන ස්ථානයට ලකුණු 2ක් හා 3 වැනි ස්ථානයට ලකුණු 1 ක් දෙන ලද නම් පමණය. 

එසේ වූ විට පවත්වන ලද්දේ ලකුණු 7, 2, 1 නියම තරඟ 4 ක් හෝ 5, 2, 1 නියම තරඟ 5 ක් විය යුතුයි. 

සාන්ත තෝමස් ලකුණු 9 ක් දිනුවේ 2, 2, 2, 1, 1, 1 වශයෙනි. 1 වෙනි ස්ථානයන් දිනුවේ නම් මුළු ලකුණු ගණන 9 ය ඉක්මෙයි. 

රාජකීයයන් 1 වෙනි ස්ථාන එකක් පමණක් දිනා ඇත. 2 ක් දිනුවේ නම් මුළු ගණන 9 ය ඉක්මෙයි. 

මෙයින් පැමිණිය හැකි නිගමනය මීටර් 1,500 ය හැර ඉතිරි සියළුම තරඟවල මුල් ස්ථාන දිනුවේ සාන්ත ජෝසප්ය. කඩුලු පැනීමෙන් දිනුවේ ද සාන්ත ජෝසප්ය.

Post a Comment

0 Comments