HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත රේසිං කාරය - කාකොප්ටරය මෙන්න!

පසුගියදා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණු 2021 වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ ආරම්භය සිදු වූ ආකර්ෂණීය නව නිෂ්පාදනයක් එළි දක්වමිනි. ඒ මාකා එස් 11 කාකොප්ටරය (Maca S11 Carcopter) නම් රේසිං කාර් විශේෂයයි. අනාගතයේ කාර් රේසිං තරඟවලට යෙදවිය හැකි අපූරු වාහනයක් තමයි, මෙවර මාකා නම් ප්‍රංශ ඉලෙක්ට්‍රොනික සමාගම ඉදිරිපත් කර තිබුණේ.

මාකා එස් 11 කාකොප්ටරය

සියයට සියයක් කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් තොර මේ නව යානය ක්‍රියා කරන්නේ හයිඩ්‍රජන් ඉන්ධනයෙනි. මෙහි උපරිම වේගය පැයට සැතැපුම් 155ක්. පරිසර හිතකාමී මෙම යානයෙහි වටිනාකම පවුම් 665,000ක්. මෙය මේ වසරේ ධාවන පථයට යොමු කරවන්නයි, ප්‍රංශ සමාගාම අපේක්ෂා කරන්නේ. අඩි 23ක් දිග මේ කාරය පදවන නියමුවාගේ දක්ෂතාව අනුව අනාගතයේ ෆෝමියලා 1 රේසිං කාර්වල ඉතා හොඳ තරගයක් ලබා දේවි කියා බලාපොරොත්තු වෙන බව ඔවුන් කියනවා. 

නිහඬව ක්‍රියා කරන බමන තුනකින් යුත් මේ යානය ප්ලේස්ටේශන් වීඩියෝ ක්‍රීඩාවෙහි, ඒන යානාවලට සමානයි. 

පහත වීඩියෝවෙන් කාකොප්ටරය ක්‍රියා කරන ආකාරය නරඹන්න! 

සර් ලුවිස් හැමිල්ටන් පැදවූ රේසිං කාරය

විශාල වශයෙන් ඉන්ධන දහනය කරන සර් ලුවිස් හැමිල්ටන් පැදවූ රේසිං කාර් ධාවන පථ දෙවනත් කරමින් වායුගෝලයට නිකුත් කළ වායු දූෂික කාබන්ඩයොක්යිඩ් වැනි අහිතකර ඉන්ධන කිසිවක් මේ නව කාරය සඳහා යොදා ගෙන නැහැ. 

මාකා සමාගම මේ නව නිර්මාණය කර ඇත්තේ එයාබස් සමාගම හා සහයෝගයෙනුයි. මාකා සමාගම බලාපොරොත්තු වෙනවා, 2023 දී මේ යානය වෙළඳ පොළට එවන්නට. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments