HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද?

ඔබට දැන් එස්. පී. පෙරේරා ගුරුතුමාගේ නම හොඳට හුරු ඇති. අපි දැනටමත් එතුමාගේ ප්‍රහේලිකා ගණනාවක්ම 'මල් කැකුළු' ඔස්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ පහත දැක්වෙන්නේත් එතුමා විසින් 'අභියෝගය' නම් පොතෙන් ඉදිරිපත් කළ අභියෝගයක්. ඊට මුහුණ දී ජය ගන්න ඔබටත් පුළුවන්දැයි බලන්න. 


මුත්තා කඩුලු පැනිල්ල විසඳුවේ කෙසේ ද? 

රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික ත්‍රිකෝණ ක්‍රීඩා තරඟය බැලීමට ගිය චිත්‍රා, රාජකීයයේ ශිෂ්‍යයකු වන අමල් දිනූ කුසලාන ඔසවා ගෙන ආවාය. 

පියා තරඟයේ විස්තර ඇසූ විට, "අමල් මීටර් 1500ය දිනුවා. සාන්ත ජෝසප් ලකුණු 22ක් ලබා මුල් තැන ගත්තා. අපට ලැබුණේ ලකුණු 9 ය"යි චිත්‍රා කීවාය. 

"ඇයි, අම්මෙ තැගි හයක්ම දිනාගත් තෝමස්ටත් ලැබුණේ ලකුණු 9 ය නොවැ"යි අමල් කීවේ ය. 

"තරඟවලට ලකුණු දුන්නේ කොහොම ද?"

"සෑම තරඟයට ම දුන්නේ සමාන ගණනක්ලු, පළමු වැන්නාට වැඩි ම ලකුණ, දෙවැන්නා ඊට අඩුව‍; තුන් වැන්නාට ඊටත් අඩුයි; බාග ගණන් දුන්නේ නැහැ." 

"තරඟ කීයක් තිබුණාදැ"යි පියා ඇසූ විට, "තරඟ ගණන මා දන්නේ නෑ මා බලා හිටියේ අමල් දිනන හැටියි" 

"කඩුලු පැනිල්ලකුත් තිබුණා දැ"යි පියා ඇසූ විට චිත්‍රා හිස සැලුවාය. 

"දිනුවේ කවුද?"

"අනේ මා බලා හිටියේ නෑ. අමල් දිනුවාම මා ගියා ඔහුට ස්තුති කරන්න." '

ප්‍රහේලිකා ශූරයකු ලෙස නම් දරා සිටි අමල්ගේ මුත්තා මේ කථාව අසා සිට, "ඒ අන්තිම ප්‍රශ්නයට උත්තර දෙන්න මට පුළුවනි. කඩුලු පැනිල්ල දිනූ විද්‍යාලය මම දනිමි"යි කීවේය. ඔහු එය දැන ගත්තේ කෙසේ ද? 

පිළිතුර = හෙට 'මල් කැකුළු' තුළින් බලාපොරොත්තු වන්න!

Post a Comment

0 Comments