HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉලෙක්ට්‍රික් කාර්වලට අභියෝග කරන බෙන්ස් එක පිම්මට 1000 km ක්!

 මර්සිඩීස් බෙන්ස් ආයතනයත් දැන් විදුලි කාරයක් නිපදවා තියෙනවා. දැනට වෙළඳ පොළේ ඇති විදුලි කාර් වගේ නෙවෙයි, මේ බෙන්ස් කාරයට බැටරිය වරක් ආරෝපණය කළාට පසු එක පිම්මට කි.මී. 1000ක් (සැ. 648ක්) දුවන්න පුලුවන්. දැනට එක් වරක් බැටරිය ආරෝපණය කළාට පසු ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාරය එක පිම්මට සැතැපුම් 402ක් යනවා. ලුසිඩ් ඉලෙක්ට්‍රික් කාරය සැතැපුම් 520ක් දුවනවා. ඒ දෙකටම වඩා දුරක් මේ සම්පූර්ණයෙන් ම ඉලෙක්ට්‍රික් බෙන්ස් විෂන් EQXX රථයට යන්න පුළුවන්. 


ඉලෙක්ට්‍රික් බෙන්ස් විෂන් EQXX රථය

මෙවර 2021 වසරේ පාරිභෝගිකයන්ගේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රදර්ශනය (Consumers Electronics Show)(CES) සඳහා කොවිඩ් නොසලකා පැවැත්වූ අතර ඊට ලොව නන් දෙසින් නව නිපැයුම්කරුවන් රැසක් එක් වී සිටියා. ලෝක ප්‍රකට සමාගම් කීපයක් ‌ම කොවිඩ් නිසා කෙළින් ම සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීමට එක් වූයේ නැහැ. බෙන්ස් සමාගමත් ඒ අතර සිටියා. ඒත් ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඊට එක්වුණා. ඒ අනුව තමයි, මේ විෂන් EQXX රථය පළමු වරට දැක ගත හැකි වූයේ. 

විෂන් EQXX බෙන්ස් රථය ධාවනය වන්නේ සූර්ය බලශක්තියෙන්. සූර්ය බලශක්තිය නොමැති විට විදුලියෙන් බැටරිය ආරෝපණය කරන්න පුළුවන්. යානයේ සියලු ම කොටස් ඉවතලන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිය කිරීමෙන් තමයි, තනා තියෙන්නේ. පාරිසරික සමතුලිතතාව රැක ගැනීම සඳහා තමයි මේ විදියට ස්වාභාවික තන්තු තමයි යානයේ කොටස් තැනීමට යොදා ගෙන තියෙන්නේ. ඒ අතර දිලීර තන්තු, පෙතොක් තන්තු, ආහාරයට නොගෙන ඉවත ලන ද්‍රව්‍යවලින් ලබා ගන්නා තන්තු ආදිය ඇතුළත් වෙනවා. 


මෙහි වහලයෙහි සූර්ය පැනල 117ක් සවි කර තියෙනවා.

කෙසේ වෙතත් මේ කාරය තවමත් මහ පාරට දාලා නෑ. දැනට පරිගණක පරීක්ෂණවලට ලක් කරලා තියෙනවා. මේ වසන්තයට තමයි, මහ පාරේ ධාවනයට යොමු කරන්න සැලසුම් කරලා තියෙන්නේ. 

මේ විෂන් EQXX රථය මර්සිඩීස් බෙන්ස් සමාගම මෙතෙක් තැනූ වඩාත් සකසුරුවම් වඩාත් කාර්යක්ෂම රථයයි. ඉන්ධන දහනය අතින් මෙය ඉතා විශිෂ්ටයි. කිලෝමිටර් 100 යන්න වැය වන්නේ කිලෝ වොට් පැය 10ක් පමණයි. එය ටෙස්ලා කාරයට වඩා තුන් ගුණයක් කාර්යක්ෂමයි. 

මර්සිඩීස් සමාගම කියන විධියට මේ වාහනයේ හැඩය වාතය කපා ගෙන ඉදිරියට යාමට හැකි වන අයුරිනුයි තනා ඇත්තේ. මෙහි ඩෑෂ්බෝඩ් එක දිගට අඟල් 47.5ක දැවැන්ත ස්පර්ශක තිරයක් තියෙනවා. ගමනේ දී රියැදුරාට හැම උපදෙසක් ම ලබා ගැනීමටත්, මග කියා දීමටත්, කාරයේ තත්ත්වය පිළිබඳව අවශ්‍ය තොරතුරු දැනුම් දීමටත් ඒ ස්පර්ශක තිරය උදවු වෙනවා. 

බෙන්ස් විෂන් EQXX ඉලෙක්ට්‍රික් රථය දියත් කළ දා වීඩියෝවෙන් බලන්න 

නැවිස් (NAVIS) ස්වයංක්‍රීය පද්ධතිය නමින් ආයතනයකින් ත්‍රිමාන මාර්ග ගවේෂණ ක්‍රමයක් ලබාගෙන මෙයට සවිකළා. චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන ක්‍රියාත්මක වන මෙය මීටර් 10ක් උස තෙක් දර්ශනයක් ස්පර්ශක තිරය මතට ලබා දෙනවා. 

ඊශ්‍රායලයෙන් ගෙන්වන ලද UBQ නම් විශේෂ ද්‍රව්‍යයකින් තමයි, මෙහි බඳ නිමවා තියෙන්නේ. ඒ සුවිශේෂ ද්‍රව්‍ය තනා ඇත්තේ ඉවත ලූ ප්ලාස්ටික්, කාඩ්බොඩ්, උද්‍යානවල කසල, ඩයිපර් පවා ප්‍රතිචක්‍රීය කිරීමෙනි. මෙහි වහලයෙහි සූර්ය පැනල 117ක් සවි කර තියෙනවා. 

'මේ මර්සිඩීස් බෙන්ස් විෂන් EQXX රථය තමයි, ඉලෙක්ට්‍රික් කාරයේ අනාගත ආදර්ශයයි' කියා මර්සිඩීස් බෙන්ස් ප්‍රධාන විධායක ඔලා කීලීනියස් (Ola Kaellenius) කියනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments