HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක ප්‍රකට 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ප්‍රහේලිකාවට විසඳුම මෙන්න!

අපි ඊයේ 'මල්කැකුළු' තුළින් ගෙනා 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ගැටලුව 


ඇමරිකාවේ එක්තරා දුම්රියක යමින් හිටියා ස්මිත්, රොබින්සන් හා ජෝන්ස් කියල තුන් දෙනෙක්. ඒ අතරින් එක් කෙනෙක්, ෆයර්මන් කෙනෙක්. ඒ කියන්නේ දුම්රියට අඟුරු දමන්නෙක්. අනෙක් දෙන්නා අතරින් එක් කෙනෙක්, ඇංජින්කරුවෙක්, තුන් වැන්නා, දුම්රිය තිරිංගකරුවෙක්. ඒ දුම්රියේ ම යමින් සිටියා, තවත් මගීන් තුන් දෙනෙක්. ව්‍යාපාරිකයන් වන ඒ අයගේ නම් කලින් කිව් අයගේ නම්වලට සමානයි. අපි ඔවුන්ට මිස්ට ස්මිත්, මිස්ට රොබින්සන් හා මිස්ට ජෝන්ස් කියලා කියමු. මෙහි ඇතුළත් හැම කරුණක් ම, හැම ඉඟියක් ම, මේ ප්‍රහේලිකාව විසඳන්න වැදගත්. ඒ නිසා ඒ හැම එකක් ම සැලකිල්ලට ගන්න ඕනෑ, ප්‍රහේලිකාව හරියට විසඳන්න නම්. 

1. මිස්ට රොබින්සන් වාසය කරන්නේ ඩෙට්රොයිට් නගරයේයි. 

2. දුම්රිය තිරිංගකරුවා වාසය කරන්නේ චිකාගෝ හා ඩෙට්රොයිට් නගර අතර හරි මැදයි. 

3. මිස්ට ජෝන්ස් වසරකට හරියටම ඩොලර් 20,000ක් උපයයි. 

4. දුම්රිය තිරිංගකරුවාගේ ආසන්න ම අසල්වැසියා ඒ දුම්රියේ යමින් සිටි අතර ඔහු උපයන මුදල තිරිංගකරුවා උපයන මුදලට වඩා හරියට ම තුන් ගුණයක් වැඩියි. 

5. ස්මිත් බිලියඩ් ක්‍රීඩාවෙන් ෆයර්මන්ව පරදවයි. 

6. දුම්රිය තිරිංගකරුවාගේ නමට සමාන නම ඇති දුම්රිය මගියා ජීවත් වන්නේ චිකාගෝ නගරයේයි. 

මේ අය අතරින් ඇංජින්කරුවා කවරෙක් ද?

'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ගැටලුවට නිවැරදි විසඳුම 

චිකාගෝ හා ඩෙට්රොයිට් නගර අතර හරි මැද ජීවත්වන තිරිංගකරුවාගේ ආසන්න ම අසල්වැසියා වන මිස්ට ------- තිරිංගකරුවාට වඩා තුන් ගුණයක් උපයනවා. මිස්ට ------- මිස්ට රොබින්සන් විය නො හැක්කේ ඔහු වාසය කරන්නේ ඩෙට්රොයිට් නගරයේ නිසයි. ඔහු මිස්ට ජෝන්ස් විය නොහැක්කේ, ඔහු උපයන ඩොලර් 20,000 තුනෙන් බෙදෙන්නේ නැති නිසයි. ඒ නිසා තිරිංගකරුගේ අසල්වැසියා මිස්ට ස්මිත් විය යුතුයි. 

තිරිංගකරුගේ නම ඇති මගියා ජීවත් වන්නේ චිකාගෝ නගරයේයි. ඒ නිසා ඔහු මිස්ට රොබින්සන් විය නොහැක්කේ මිස්ට රොබින්සන් ඩෙට්රොයිට් නගරයේ ජීවත්වන නිසයි. ඔහු මිස්ට ස්මිත් විය නො හැක්කේ මිස්ට ස්මිත් තිරිංගකරුගේ අසල්වැසියා වෙමින් චිකාගෝ හා ඩෙට්රොයිට් නගර අතර හරි මැද ජීවත්වන නිසයි. ඒ නිසා ඔහු මිස්ට ජෝන්ස් විය යුතුයි. 

එම නිසා තිරිංගකරුගේ නමත් ජෝන්ස් විය යුතුයි. 

ස්මිත් බිලියඩ් ක්‍රීඩාවෙන් ෆයර්මන්ව පරදවයි. ඒ නිසා ෆයර්මන් රොබින්සන් විය යුතුයි. ඒ අනුව ඇංජින්කරුවා ස්මිත් විය යුතුයි.

Post a Comment

0 Comments