HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ ලෝක ප්‍රකට ප්‍රහේලිකාව විසඳන්න ඔබට පුුළුවන් ද?


ලෝකයේ ප්‍රහේලිකා අතර ඉතා විශිෂ්ට යැයි සලකනු ලබන ප්‍රහේලිකාවක් මීට වසර 25කට විතර ඉස්සර රීඩර්ස් ටයිජස්ට් සඟරාවේ පළ වුණා. ඇමරිකානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ ඒ ප්‍රහේලිකාව අද අප ඔබට මෙසේ ඉදිරිපත් කරන්නවා. ඇමරිකාවේ දී වරක් මේ ප්‍රහේලිකාව විශේෂයෙන් රැස් කළ 240 දෙනකුට දුන්නා විසඳන්න. එදා එයින් 6 දෙනකු විතරයි, මේ ප්‍රහේලිකාව විසඳන්න සමත් වුණේ. මේ ප්‍රහේලිකාව හැඳින්වෙන්නේ 'ස්මිත්-ජෝන්ස්-රොබින්සන්' ගැටලුව කියලයි. බලන්න ඔබටත් මෙය විසඳන්න පුුළුවන් ද? 

ස්මිත්-ජෝන්ස්-රොබින්සන් ගැටලුව

ඇමරිකාවේ එක්තරා දුම්රියක යමින් හිටියා ස්මිත්, රොබින්සන් හා ජෝන්ස් කියල තුන් දෙනෙක්. ඒ අතරින් එක් කෙනෙක්, ෆයර්මන් කෙනෙක්. ඒ කියන්නේ දුම්රියට අඟුරු දමන්නෙක්. අනෙක් දෙන්නා අතරින් එක් කෙනෙක්, ඇංජින්කරුවෙක්, තුන් වැන්නා, දුම්රිය තිරිංගකරුවෙක්. ඒ දුම්රියේ ම යමින් සිටියා, තවත් මගීන් තුන් දෙනෙක්. ව්‍යාපාරිකයන් වන ඒ අයගේ නම් කලින් කිව් අයගේ නම්වලට සමානයි. අපි ඔවුන්ට මිස්ට ස්මිත්, මිස්ට රොබින්සන් හා මිස්ට ජෝන්ස් කියලා කියමු. මෙහි ඇතුළත් හැම කරුණක් ම, හැම ඉඟියක් ම, මේ ප්‍රහේලිකාව විසඳන්න වැදගත්. ඒ නිසා ඒ හැම එකක් ම සැලකිල්ලට ගන්න ඕනෑ, ප්‍රහේලිකාව හරියට විසඳන්න නම්. 

1. මිස්ට රොබින්සන් වාසය කරන්නේ ඩෙට්රොයිට් නගරයේයි. 

2. දුම්රිය තිරිංගකරුවා වාසය කරන්නේ චිකාගෝ හා ඩෙට්රොයිට් නගර අතර හරි මැදයි. 

3. මිස්ට ජෝන්ස් වසරකට හරියටම ඩොලර් 20,000ක් උපයයි. 

4. දුම්රිය තිරිංගකරුවාගේ ආසන්න ම අසල්වැසියා ඒ දුම්රියේ යමින් සිටි අතර ඔහු උපයන මුදල තිරිංගකරුවා උපයන මුදලට වඩා හරියට ම තුන් ගුණයක් වැඩියි. 

5. ස්මිත් බිලියඩ් ක්‍රීඩාවෙන් ෆයර්මන්ව පරදවයි. 

6. දුම්රිය තිරිංගකරුවාගේ නමට සමාන නම ඇති දුම්රිය මගියා ජීවත් වන්නේ චිකාගෝ නගරයේයි. 

 මේ අය අතරින් ඇංජින්කරුවා කවරෙක් ද? 

 නිවැරදි පිළිතුර හෙට 'මල් කැකුළු' බලන්න! ‍

Post a Comment

0 Comments