HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 118කට කලින් සිනාවට ලක් වූ විස්මිත පළමු අහස් ගමන

මීට අවුරුදු 118කට ඉස්සර, එනම් 1903 දෙසැම්බර් 17 වැනිදා මුලින් ම මිනිසෙක් යන්ත්‍රයක් තනාගෙන අහසින් ගියා. ඒක තමයි, මුල් ම අහස් ගමන ලෙස හැඳින්වෙන්නේ. ඒ ගමන ගිය ඕවිල් රයිට් (Orville Wright) නම් රයිට් සහොයුරන්ගෙන් එක් අයෙක්. ඒක සිදු වුණේ හරියටම උදේ 10.30ටයි. ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ කිටීහෝක් හී කිල් ඩෙවිල් කන්දෙදියි. ඒ් සඳහා ඔහු යොදා ගත් යානය හැඳින්වෙන්නේ ‘ෆ්ලයර් 1’ කියලයි.

ඕවිල් සහ විල්බර් රයිට් සහෝදරයෝ

 ඒ අහස් ගමනට ගත වුණු කාලය තත්පර 12ක් විතරයි. එහිදී ගමන් ගත් උස අඩි 8ත් 12ත් අතර වුණා. පැයට හැතැප්ම 30-35ත් අතර වේගයකින් තමයි ගියේ. ඒ ගමන ගැන ඇසින් දුටු සාක්ෂිකරුවා වූයේ ඔහුගේ සොහොයුරු විල්බර් රයිට් (Wilbur Wright) තමයි. මේ අපූරු යානයේ සම නිමැවුම්කරුවාත් ඔහුයි. ඔහු පමණක් නොවෙයි, එහි උන් වෙරළාරක්ෂක භටයන් පස් දෙනකුත් මේ අසිරිමත් සිදු වීම දැකලා තියෙනවා. 
රයිට් සොහොවුරන් පළමුවරට අහසින් ගිය යානය

එදා දවස ඇතුළත ඔවුන් අහස් ගමන් තුනක් ගියා. එයින් යානය පදවා ගෙන දිගින් වැඩි ම ගමන ගියේ විල්බර්. අඩි 852ක් වූ ඒ ගමන යාමට ඔහුට ගත වූ කාලය තත්පර 59ක්. ඒක ගුවනින් සැතැපුම් බාගයකට වැඩි දුරක්. මේ සිදු වීම පසුවදා ම බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පත්තරයේ පුවතක් හැටියට පළ වුණා. ඒත් ඇමරිකාවේ පත්තර ඒ ආරංචිය පිළිගත්තේ නැහැ. රයිට් සොහොවුරන්ගේ නංගී මේ පුවත අරගෙන ඇමරිකන් පුවත්පත් ආයතන කීපයකට ම ගියත් ඒ තරම් කෙටි කාලයක් උඩ පැනලා වුනත් අහසේ රැඳී ඉන්න පුලුවන් කියා ඒ පුවත හාස්‍යයට ලක් කළා. පළ කළේ නැහැ. හැබැයි ඊට අවුරුදු 100කට පස්සේ ඒ පුවත් පත් ප්‍රසිද්ධියේ සමාව ගත්තා, ඒ ගුවන් යානය නිපදවා සියවසක් පිරුණු අවස්ථාවේදි. 

එදා අත්හදා බැලීමේ ගමන්වලින් පස්සෙ පළමුවරට මගියකු අරන් පියාසර කළේ විල්බට් සහෝදරයායි. ඒ මුල් ම අහස් ගමනින් අවුරුදු පහකට පසුවයි. එනම් 1908 මැයි 14 වැනිදායි. ඔහු ඒ යානයෙන් රැගෙන ගියේ ඔහු ළඟ වැඩ කළ කාර්මික ශිල්පියෙක්. ඔහු නමින් චාල්ස් ඩබ්ලිව්. ෆර්නාස්. ඔහියෝ ජනපදයේ ඩේටන්වලින් පැමිණි අයෙක්. එදා අහසින් ගිය යානය හැඳින්වූයේ 'රයිට් ෆ්ලයර් තුන' කියලයි. ඒ අහස් ගමන තත්පර 29කට සීමා වුණා. අද මගීන් 600ක් විතර ගෙන යන්න පුලුවන් යානා තනා තියෙනවා. 

දැන් අහසේ සරණ යෝධයෙක්, එකවර 500කට වැඩි 
මගීන් රැගෙන යන එයාබස් A380-800 යානය.

එදා විනාඩියකට අඩු කාලයක් ගිය ඒ ගුවන් ගමන අද ‌ඉතිහාසයට එක්වෙලයි, තියෙන්නේ. වසර 118කට පසු අද ගුවන්ගමන් කොච්චර දියුණු ද කීවොත් අද ලෝකයේ ලොකුම මගී ගුවන්යානය හැටියට සැලකෙන එයාබස් A380-800 යානයට අඩි 43,100ක් ඉහළින් එක දිගට සැතැපුම් 8,000ක් යන්න පුලුවන්. එකවර මගීන් 500කට වඩා ගෙන යා හැකියි. තට්ටු දෙකක අසුන් පනවා තියෙනවා. එයට යා හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 1099ක්. රයිට් සොහොයුරන්ගේ ඒ අහස් යානය වසර 118ක් තුළ කොතරම් දියුණු ඇද්දැයි මේ අනුව අපට සිතා ගන්න පුලුවන්. 

- පර්සි ජයමාන්න 

  

Post a Comment

0 Comments