HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළ තැනැත්තිය ඇල්ලුවේ මෙහෙ‍මයි.

අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද? 

මෙන්න දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ‘අභියෝගයක්’ 


මේ මුද්ද සොරකම් කළ මෙහෙකාරිය කවුරුන්දැයි කියන්න ඔබට පුලුවන් ද? 

ස්වාමි දුවගේ බෙරලියන්තු මුද්ද නැති විය. ගෙදර මෙහෙකාරියන් වන එලිසා, බ්‍රිජට් සහ කැරලයින් යන තිදෙනාගෙන් එකෙක් තවකෙකු හවුල් කර ගෙන, එම සොරකම කරන ලදී. තෙවැන්නා ඊට සහභාගි නො වූවා ය. මේ සම්බන්ධ විභාගයේ දී ඉදිරිපත් වූ ඔවුන්ගේ කියමන් තුනක් මෙන්න. 

බ්‍රිජට් හොරකම් කළේ නෑ. 

එලිසා හවුල් වුණේ නෑ. 

කැරලයින් හොඳ සාන්තුවරියක් නම් නො වෙයි. 

මේ සෑම කියමනක් ම තමා ගෙන නොව අන‍ෙකකු ගැනය. නිවැරදි කාරිය මෙම කියමන් තුනෙන් අඩු වශයෙන් එකක් හෝ කළාය. ඇත්ත කීවේ ද ඕ පමණයි. බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද? 

නිවැරදි පිළිතුර - සොරකම් කළ තැනැත්තිය ඇල්ලුවේ මෙහෙ‍මයි. 

මෙහි දී ඇත්ත කියන්නේ නිවැරදි කාරිය පමණක් නම්, බ්‍රිජට් නිවැරදි කාරිය නම්, ඈ සොරකම් නොකළා යයි වෙනත් කෙනෙකු කියන කියමන නිවැරදි නොවේ. ඒ නිසා බ්‍රිජට් නිවැරදි කාරිය නොවේ. එ‍් නිසා නිවැරදි කාරිය වන්නේ කැරලයින් ය. පළමු වන හා දෙ වන කියමන් දෙක ම ඇය විසින් කියන ලද ඒවා ය. ඇත්ත ඒවා ය. එසේ නම් බ්‍රිජට් සොරකම් කළේ නෑ, සොරකමට උදවු වුණා පමණයි. බෙරලියන්තු මුද්ද සොරකම් කළේ එලිසායි.

Post a Comment

0 Comments