හරිම පුදුම සොයා ගැනීමක්! චීනයේ දකුණේ ජියැංෂී පළාතේ ගැන්ෂෝ නගරයේ ෂාහේ කර්මාන්ත උද්‍යානයේ දී කළ කැණීම්වල දී ඉතා හොඳින් සුරැකුණු වසර මිලියන 72කක් වයසැති අඟල් 6.7 (17cm) දිග ඩයිනෝසර බිත්තරයක පොසිලයක් හමු වී තියෙනවා. ඒ බිත්තරය තුළ ඩයිනෝසර බබෙකුගේ කලලයක් වසර මිලියන 72කට පෙර තිබූ අයුරින් ම හමුවීම ගැන චීන විද්‍යාඥයන් පුදුමයට පත් වුණා.
මේ ඩයිනෝසර බබාට ඔවුන් නමක් දීලා තියෙනවා. ඒ තමා යිං ලියෑං.(Baby Yingliang) අඟල් 10.6 (26.9 cm) ක් දිග මෙය මෙතෙක් හමුවී ඇති අංගසම්පූර්ණ ඩයිනෝසර කලලයයි. මෙය වර්තමානයේ අප දකින කුරුලු බිත්තරයකට බොහෝ සේ සමානයි. පොසිල බවට පත් වූ මේ කලලය වසර මිලියන 66-77ත් අතර කාලයට අයත් එකක් ලෙසයි කාලනිර්ණය කරලා තියෙන්නේ.
එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයයේ පොසිල විද්‍යාඥයන් පිරිසකට තමයි, මේ පොසිලය හමුවෙලා තියෙන්නේ. මේ යිං ලියෑං බබා අයත් වන්නේ ඔවිරැප්ටෝසෝරස් (oviraptorosaurs) නම් දත් රහිත හොටක් ඇති තෙරොපොඩ් ඩයිනෝසර ගණයටයි. මෙයින් ඔවිරැප්ටරයන් (oviraptors) හෙවත් 'බිත්තර හොරුන්' කියා ඔවුන් හැඳින්වෙන්නේ 'බිත්තර හොරෙන්' කෑමට දක්වන කැමැත්ත නිසයි. සිරුර පුරා පිහාටු ඇති මේ සතුන්, විවිධ හැඩ හොටවල් හා විවිධ ආහාර පුරුදු ඇතිව, විවිධ සිරුරු ප්‍රමාණ සහිතව ආසියාව හා උතුරු ඇමරිකාව පුරා ඈත අතීතයේ ජීවත්වුණා.
මෙසේ හමුවී ඇති නිදර්ශනය මෙතෙක් හමු වී ඇති සර්ව සම්පූර්ණ කලලය ලෙස හඳුන්වන්න පුලුවන්. මෙහි ස්වභාවය සාමාන්‍ය ඩයිනොසෝර බිත්තරවලට වඩා අද අප දන්නා කුරුලු බිත්තරවලට වඩාත් සමීපයි, විශේෂයෙන් ම යිංලියෑං බබා බිත්තරයෙන් එළියට එන්න ආසන්නවයි, ඉඳලා තියෙන්නෙ. ඒ කලල ඉරියව්ව දිහා බලලයි එහෙම කියන්නේ. මේ කලල ඉරියව්වෙන් පෙන්නුම් කරන්නේ වර්තමානයේ වෙසෙන කුරුල්ලන්ට සමාන බවත් ඇති බවයි. සමහර විට සාමාන්‍යයෙන් ඔවුන් කුරුල්ලන් ලෙස පරිණාමය වන්නට පෙර ඩයිනොසෝරයන් අතර පැවති දෙයක් වෙන්නත් පුලුවන්.
ඩයිනොසෝර කලලය මේ පහත වීඩියෝවෙන් දැක ගන්න.
මේ අධ්‍යයනය සිදු කළේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පෘෂ්ඨවංශී පොසිල විද්‍යාඥවරියක වූ ෆියොන් වයිසුම් මායි (Fion Waisum Ma) සහ කණ්ඩායමයි. 'ඩයිනොසෝර් කලල පොසිල ලෙසින් හමුවෙන්නේ ඉතා කලාතුරකින්. එහෙම කලාතුරකින් හමුවුණොත් ඒකත් බොහෝ විට අසම්පූර්ණ, කැඩුණු බිඳුණු ඒවා. බේබි යිංලියෑන් දැකපු ගමන් අපි විස්මයට පත් වූයේ ඒකයි. එහෙම නොවී මේ විදියෙ සර්ව සම්පූර්ණ එකක් හමුවුණු පළමුවන වතාව මේකයි. මේකෙන් අපට ඩයිනොසෝර් වර්ධනය හා ප්‍රජනනය ගැන පවතින බොහෝ ප්‍රශ්නවලට අපට උත්තර සොයා ගන්න පුලුවන් වේවි.' මායි කියනවා.
'ඩයිනොසෝර කලලය හා කුකුළු කලලය එකම ආකාරයට වර්ධනය වීමෙන් පෙනෙනවා, බිජුවට තුළ වර්ධනයට අදාළ ක්‍රියාකාරම්වල සමානත්වයක් ඇති බව පැහැදිලියි' මායි තවදුරටත් පැහැදිලි කළා.
'මේ බේබි යිංලියෑංට ඒ නම තබනු ලැබුවේ ඒ පොසිල රඳවා තිබූ ෂියාංමෙන්හි යිංලියෑං ස්වාභාවික පාෂාණ කෞතුකාගාරයේ නම අනුව යමින්. 'මේ ඩයිනොසෝර කලලය ඇතුළත් වූ මේ පොසිල බිත්තර එකතුව 2000 වසරේ දී කෞතුකාගාරයට බාර ගෙන ඇත්තේ යිංලියෑං සමූහ අධ්‍යක්ෂ ලියැං ලියූ විසින්.' යැයි මේ අධ්‍යයන වාර්තාවේ සම සම්පාදක ලිඩා ෂිං සඳහන් කරනවා. ඇය බෙයිජිංහී චීන භූභෞතික විද්‍යා පිළිබඳ විශ්ව විද්‍යාලයයේ පොසිල විද්‍යාඥවරියකි.
යිංලියෑං ස්වාභාවික පාෂාණ කෞතුකාගාරයේ 2010දී අලුත්වැඩියා ඉදිකිරීම් කටයුතුවලදී ඊට ඉඩ ලබා ගන්නට මේවා ගබඩා කාමරයක තැන්පත් කෙරුනු අතර මේ ඩයිනොසෝර බිත්තර බව හෙළි වූයේ එහි ආ පොසිල විද්‍යාඥවරියන් නිසයි. ඒ ගැන කළ විද්‍යාත්මක විමර්ශනයේ දී තමයි, බේබි ලිං ඒ ඒකක ඉන්නා බව හෙළි වුණේ.
'මේ පුරෝත්පත්ති ඩයිනොසෝර් කලලය මේ බිත්තරය ඇතුළේ ඉන්නා බව දැක ගත් විට මට ලොකු සතුටක් ඇති වුණා. මා දැක ඇති වඩාත් ලස්සනම පොසිලය මෙයයි' කියා කියන්නේ මේ අධ්‍යයනයේ සම සම්පාදක පෘෂ්ඨවංශී පොසිල විද්‍යාඥ ස්ටීව් බෲසැටියි. ඔහු එංගලන්තයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයෙක්.
මෙය ඉතාමත් විශිෂ්ට සොයා ගැනීමක්. 2000 සිට වසර ගණනාවක් තිස්සේ ඒ කෞතුකාගාරයේ තැන්පත් ව තිබූ මේ පොසිල දශකයකටත් වැඩි කාලයකට පසු මෙසේ හඳුනා ගැනීම ලොකු ජයග්‍රහණයක්. මේ වගේ තවත් සැඟවුණු දේ ලොව පුරා කෞතුකාගාරවල තිබිය හැකියි. දැන් තාක්ෂණයේ දියුණුව අනුව තව තවත් දේ අනාගතයේ දී මතුකර ගත හැකි වේවි.
- පර්සි ජයමාන්න
0 Comments