HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙන් බොදු කතා - තුන් විදියක ගෝලයෝ තුන් දෙනෙක්!


ගෙටන් සෙන් ගුරුවරයෙක්. තොකුගාවා යුගයේ අන්තිම කාලෙ තමයි, වාසය කළේ. ඒ දවස්වල ඔහු නිතරම වාගෙ මෙහෙම කිව්වා. “ගෝලයො තුන් ආකාරයි. අනිත් අයට සෙන් අවබෝධ කර දෙන අය, පන්සල් හා බුදු ගෙවල් පවත්වා ගෙන යන අය හා ඒ වගේ ම හාල් මලු - ඇඳුම් එල්ලන වැනි අය.” 

ගසන් කියන සෙන් ගුරුවරයා ඒ අදහස ම වෙනත් විදියකට කියල තියෙනවා, ඔහු තෙකිසුයි නම් වූ ඉතා සැර සෙන් ගුරුවරයකුගෙන් ඉගෙන ගන්නා කලෙ. ඒ ගුරුවරයා සමහර විට ගෝලයන්ට පහර දුන්නා. ඔහුගේ ඉගැන්වීම් දරා ගන්න බැරිව සමහර සිසුන් ඉගෙනීම අත ඇර දාල යන්න ගියා. ඒත් ගසන් ගුටි කාගෙන නතර වුණේ තුන් ආකාර ගෝලයන් ගැන මේ විදියෙ අදහසක් කියා පාමින්, “අසරණ ගෝලයා තමන් යටත් කර ගෙන ඉන්නා ගුරුවරයාගේ බලයට නතු වෙනවා. මැදහත් ගෝලයා ගුරුවරයාගේ කරුණාව අගය කරනවා. හොඳ ගෝලයා ගුරුවරයාගේ දැඩි විනය ඉදිරියේ ප්‍රබලව වැඩෙනවා.” 

(සුරස පොතක් ලෙස පළ වී ඇති ‘පර්සි ජයමාන්නගේ සෙන් බොදු කතා’ නම් පරිවර්තනයෙනි.) 


ඊයේ ‘මල් කැකුළු’ තුළින් ඔබට ඉදිරිපත් කළ පැනයට පිළිතුර


 

අභියෝගය - හිමාල කන්දේ පුදුම ගුහාවේ වස්තුව සොයන්න! 

සිංහලද්වීප වැසියා එක ගු‍හාවක් අසල රැක සිටි කින්නර දොරටුපාලයාගේ ළඟට ගොස් ඇසූ පැනය මෙයයි. “ඇත්ත කියන දොරටුපාලයා අද රකින්නේ වස්තුව තියෙන ගුහාව ද?” ඒ දොරටුපාලයා දුන් පිළිතුර “ඔව්!” නම් කෙළින් ම එම ගුහාවට ද, “නෑ!” යන පිළිතුර ලද්දේ නම් අනෙක් ගුහාවට ද හේ ඇතුළු වෙයි.

Post a Comment

0 Comments