HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභියෝගය - හිමාල කන්දේ පුදුම ගුහාවේ වස්තුව සොයන්න!

අ‍ප කුඩා කාලයේ පාසල් ළමුන් වන අපට අපූරු ගැටලු, අභියෝග ආදිය ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ ගුරුවරුන් කීපදෙනෙක් ම හිටියා. එයින් එක් කෙනෙක් තමයි, ඇස්. පී. පෙරේරා මහතා. එතුමා ම‍ෙසේ අභියෝග ඉදිරිපත් කළේ ළමා අපේ බුද්ධිවර්ධනය ඉලක්ක කර ගෙනයි. මේ පැන පොඩි එතුමා විසින් ම සම්පාදනය කළ ‘පාඨකයා’, ‘පැනපොඩි’, ‘අභියෝගය’, ‘දැනුම’ ආදී පොත් සඟරා ආදියෙනුත්, ‘සිළුමිණ’ වැනි ජාතික පුවත්පත් ඔස්සේත්, ශ්‍රී ලංකාවේ ළමා පරපුර වෙත එල්ල කළා. ඒ ගැන සිහිපත් කරමින් එතුමාට කෘතවේදී වෙමින්, එසේ පළ කළ එක් පොතක් වන ‘අභියෝගය’ කෘතියෙන් උපුටා ගත් එක් පැනයක් මෙසේ පළ කරනවා. 


පුදුම ගුහා 

හිමාල කන්දේ කින්නර දේශයේ පුදුම ගුහා දෙකක් ඇත. ඒ ගුහා රකින දොරටුපාලයෝ දෙදෙනෙක් වෙති. මෙම ගුහා එකකට ඇතුළු වූ මිනිසෙක් ආපසු නො එයි. අනෙකට ඇතුළු වු කෙනෙකුට තමා බරට රන් රුවන් රැගෙන පිට විය හැකිය.දොරටුපාලයන් ගෙන් එකකු ඇත්ත පමණක් ද අනෙකා බොරුව පමණක් ද කියන බව කවුරුත් දනිති. වස්තුව සොයා යන මිනිසකුට එක දොරටු පාලයකු ගෙන් ‘ඔව්’ හෝ ‘නෑ’ යන පිළිතුර දිය හැකි එක ප්‍රශ්නයක් ඇසීමට අවසර ලබා වස්තුව ඇති ගුහාව සොයා ගැනීමට ඉඩ තිබේ. 

දිනක් සිංහල ද්වීපයේ මිනිසෙක් කින්නර දේශයට පැමිණ අවසර ලබා එක් දොරටු පාලකයකුගෙන් එක් ප්‍රශ්නයක් පමණක් අසා ඔහු ලැබූ පිළිතුර අනුව වස්තුව ඇති ගුහාව නිශ්චය වශයෙන් දැන ගත්තේය. ඔහු ඇසූ ප්‍රශ්නය ඔබට කිව හැකි ද? 

පිළිතුර - හෙට ‘මල් කැකුළු’ තුළින්

Post a Comment

0 Comments