HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභියෝගය - 4 - අනාවැකිකාරියගේ දින 4 කියන්න ඔබට පුලුවන් ද?

කලින් අපි ඔබට දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ ‘අභියෝගයක්’ ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ඔබේ යහපත් ප්‍රතිචාරය නිසා අපි හිතුවා තවත් ‘අභියෝගයක්’ ඔබට ඉදිරිපත් කරන්න. ඔබට මතකද ‘සිළුමිණ’ පත්තරේ පළ වුණු අපේ සෝමවීර සේනානයක ලියපු බන්ධුල හරිශ්චන්ද්‍ර ඇන්ද ‘සත්වැනි දවස’ චිත්‍රකතාවේ අගටන්නා. ඒ වගේ ශාස්ත්‍රකාර කෙල්ලක් සම්බන්ධ කතාවක්.මීට අවුරුදු 55කට ඉස්සර එස්. පී. පෙරේරා සූරීන්ගේ ‘අභියොගය’ පොතේ තමයි. මේ අපූරු ගැටලුව පළ වුණේ. ඔබේ රසාස්වාදයට හා ගැටලුවට බාධා නොවන්න සුළු වෙනස්කම් කීපයක් විතරයි කරලා තියෙන්නේ. 

ශාස්ත්‍රම් කියනවා 

අවුරුද්ද මුලදි ලොතරැයියට ඇදුණු කාරයෙන් මා ගමනක් ගොස් මිතුරකු සමග ගෙදර එන විට ‍ගෙමිදුලේ සිටියා, තැනින් තැන යමින් සාත්තර කියන තරුණියක්. ඇය මගේ කාරෙක දිහා බලා සිනාසුණා. “මං කියන්නේ ශාස්ත්‍රම් නේද?” ඈ මගෙන් ඇසුවා.

“ඔව්, ඔව්” කියමින් මා පසුම්බිය දිග හැර ලොකු නෝට්ටුවක් ඇය අත තැබුවා. මිතුරා මවිත වී මා දෙස බලා සිටියා. ඒ නිසා මට ඔහුට කරුණු සියල්ල පහදා දීමට සිදු වුණා. 

ගිය අවුරුද්දේ ඔක්තෝබර මාසයේ දවසක මේ තරුණිය මගේ ගේ ළඟට ඇවිත් මගේ මුහුණ බලා, මෙහෙම කිව්වා, “මහත්තයාට මං ශාස්ත්‍රයක් කියන්න ඕනෑ. මට කාසි එපා. මම පස්සේ එන්නම් තෑගි ගන්න.” 

“මොකක්ද සාත්තරේ?” කියා මං ඇහුවා ම, ඇය කීවේ අපූරු කතාවක්! “මහත්තයාගෙ කාලේ හොඳයි. තව සුමාන දෙකක් තුනක් යන කොට ලොකු රස්සාවක් හම්බවෙන්න තියෙනවා. ඊට පස්සේ මහ නරක මාරකයක් තියෙන්නේ. වස නපුරු මාරකයක්, ඒකෙන් බේරෙන්න බෑ. ඒකෙන් බේරුණොත් ලොකු නිධානයක් හම්බවෙන්න තියෙනවා. වරදින්නේ නෑ” කියා ඈ මා දුන් කාසි ද නොගෙන යන්නට ගියා ය. 

“ඈ කී සාස්තරය හරියට ම හරි. ඈ කිව්වා වගේ ම පහළොස් දවසකින් මට ඉහළ රස්සාවක් ලැබුණා. එයින් සුමාන තුනකට පස්සේ හරියට ම දවස් 23ක් ගියා ම මා බදුල්ලට යද්දී මා ගිය බස් රිය මහා ප්‍රපාතයකට පෙරළුණා. මාව ඉන් එළියට විසි වී යම්තමින් පණ බේරුණා. මට ලොතරැයියේ පළමු වැනි දිනුම ඇදුණේ ඊට දවස් 24කට පස්සෙයි.” 

මේ කථාව හා සම්බන්ධ දින හතර කියන්න ඔබට පුලුවන් ද? ඔබේ පිළිතුර හරිද කියලා හෙට ‘මල් කැකුළු’ බලන්න.

Post a Comment

0 Comments