HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ අතීතයේ විස්මිත රහස් හෙළි කරන පොසිල

වදන් හැදුණු හැටි තුළින් අද කියන්නේ ‘පොසිල’ ගැනයි. වසර බිලියන ගණනක් පැරණි පෘථිවියේ ඉතිහාසය හෙළිදරවු කර ගෙන නිගමනයන්ට එළඹෙන්නේ පෘථිවිය පෘෂ්ඨයෙහි ඇති පාෂණ සමඟ වැළලී ඇති කලකට පෙර මිහිමත වාසය කළ ජීවීන්ගේ ශේෂයන්වලිනි. පොසිල කියන්නේ එම ශේෂයන්ටයි. ‘පොසිල’ (fossils) යන වදන අප ලබා ගෙන තියෙන්නේ ඉංග්‍රීසියෙන්. මුලින් භාවිතයට අරන් තියෙන්නෙ 1665 දී ප්‍රංශ බසටයි. ප්‍රංශ බසට එහි මුල් වදන ලතින් බසෙහි එන fossilis නම් ‘කැණීම් කර ලබා ගන්නා’ අරුත දෙන එකක්. 

මෙතෙක් සොයා ගෙන ඇති ‘ඩිකින්සෝනියා’ නම් වූ පැරණි සත්ව පොසිලය

පොසිල කියන්නේ, ශාක හා අනෙකුත් පටකවල ඛනිජ භවනය වූ හෝ වෙනත් ආකාරයකින් සංරක්ෂණය වූ ශේෂයන් හෝ සලකුණු (අඩි සටහන්, කවචවල සලකුණු වැනි) ආදියටයි. 

අතීතයේ දී කැණීම් කරන විට සාමාන්‍යයෙන් අපට සතුන්ගේ හැඩරුව ඇති පාෂාණ කොටස් හමු වී තියෙනවා. ඒ කාලේ අප සිතුවේ ඒවා ඉතා පුරාණයේ පැවති ලෝක විනාශයට හේතු වූ නෝවාගේ මහා ජල ගැල්මට අසූ වී මිය ගිය සතුන්ගේ සිරුරු කියලයි. 

ක‍ෙසේ වෙතත්, 1791 දී ඉංග්‍රීසි ජාතික ඉඩම් මිනුම්දෝරුවකු වූ විලියම් ස්මිත් (William Smith) පෙන්වා දුන්නා, වෙනස් වෙනස් පාෂාණ ස්තර තුළ වෙනස් වෙනස් පොසිල වර්ග ඇති බව. ඒ නිසා පාෂාණ තට්ටුව විවර වූ තැන්වලින් පොසිලවල ලක්ෂණ අනුව ඒ ස්තරය නිශ්චය කළ හැකියි. 

1796 දී ප්‍රංශ ජාතික ව්‍යුහ විද්‍යාඥයකු වූ ජෝර්ජ් කේවියේ (Georges Cuvier) මේ පොසිල ශේෂවල ව්‍යුහ අධ්‍යයනය කර බලා ඒවා අයත් වන්නේ සැබෑ ජීවීන්ට නම් ඒවා තුළින් අර්ථවත් නිගමනවලට ආ හැකි බව කීවා. ඒ වගේ ම ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ සමහර පොසිල, දැනට ජීවත්වන සතුන්ට වඩා වෙනස් සතුන්ගේ විය හැකි බවයි. 

ලොව පැරණිම කුරුල්ලකුගේ පොසිලයක්

පොසිලවල වැදගත්කම නිසා ඒ කාලවල මිහිමත වාසය කළේ යැයි සැලකෙන ජීවින් අනුව පෘථිවියේ ඉතිහාසය පුළුල් පරාසයකින් යුත් ප්‍රධාන කොටස් තුනකට බෙදනු ලැබුවා. අතීතයට විහිදෙන සේ ‍කොටස් කළ ඒවා සීනෝසොයික (Cenozoic), මීසෝසොයික (Mesozoic), පේලියෝසොයික (Paleozoic), යුග වශයෙන් හඳුන්වනු ලැබුවා. මේ වදන් තනා ගෙන ඇත්තේ ග්‍රීක බසෙහි එන පෙර ඈඳියක් හා පසු ඈඳියක් එක් කිරීමෙනුයි. Ceno යන්න ග්‍රීක බසෙහි එන ‘නව’ අරුත දෙන ‘kainos’ යන වදනින් ගත්තක්. ‘mesos’ මධ්‍යම - මැදි, ‘palaios’ පුරාණ - පැරණි අරුත් දනවනවා. එයින් ‘සොයික’ –zoic යන පසු ඈඳිය ලබා ගෙන ඇත්තේ ‘zoon’ යන සත්ව නම් අරුත් දෙන ග්‍රීක වදනින්. 

ඒ අනුව පුරාණ සතුන් (old animals), මැදි සතුන් (middle animals), නව සතුන් (new animals) යනුවෙන් බෙදෙනවා. නව සතුන් යනු ක්ෂීපායීන් එනම් මැමේලියාවන් (mammals) කැපී පෙනුනු යුගයයි. පසුගිය වසර මිලියන 60ක කාලය මේ යුගයට අයත් වෙනවා. ඊට කලින් වසර මිලියන 100ක කාලය මැදි (මධ්‍යම) සතුන් කැපී පෙනුනු යුගයයි. මේ වඩාත් කැපී පෙනුනේ උරගයන් (reptiles) තමයි. ඊටත් පෙර වසර මිලියන 300ක කාලය පුරාණ සතුන් කැපී පෙනුනු යුගයයි. එහිදි වඩාත් කැපී පෙනුනේ මත්ස්‍යයන් හා අපෘෂ්ඨවංශිකයන් තමයි. 

බොලියාවෙන් හමුවූ පැරණිම පොසිල ලෙස 
සැලකෙන ස්ට්‍රොමටෝලයිට්ස්

ඒ යුගයන් එසේ නම් කර තිබියදී තවත් යුග දෙකක් ඊට එක් කරනු ලැබුවා. එකක් ප්‍රොට‍ෙරෝසොයික (Proterozoic) යුගය කියලයි. ඒ වදන තනා ගෙන ඇත්තේ ‘පෙරාතුව’ (earlier) යන අරුත් දෙන ‘proteros’ නම් ග්‍රීක වදනින්. ඒ යුගයේ කැපී පෙනුනේ සාගර අපෘෂ්ඨවංශ සතුන්ගෙන්. දෙවැන්න ‘ආකියෝසොයික’ (Archeozioc) යුගයයි. එ් යුගයේ දී සිටියේ එක් සෛලික ජීවීන් විතරයි. ඒ වදන සාදාගෙන ඇත්තේ ‘ආදී’ හෙවත් ‘අතිපුරාණ’ යන අරුත් දෙන ‘ආකියෝස්’ (archaios) නම් ග්‍රීක වදනින්. 

දැනට හමු වී ඇති පැරණිම පොසිල ලෙස සැලකෙන්නේ ස්ට්‍රොමටෝලයිට්ස් (Stromatolites) නම් පොසිල පෘථිවිය ආරම්භය තරම් පැරණියි. ක්ෂීරපායී විද්‍යාව හෝ උරග විද්‍යාව අනුව බැලුවොත් වසර 100ක් පැරණි නිදර්ශනයක් ඇත්තෙන් ම පැරණි යයි කිව හැකියි. ‘ද ලා බ්‍රියාටා පිට්ස්’ හිදී හමු වූ පොසිල වසර 10,000ත් 50,000ක් අතර කාලයට අයත් ඒවායි. 

පොසිල ගැන ඔබට ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලයෙන් කියවන්න පුලුවන්. 

- පර්සි ජයමාන්න 

 

අභියෝගය - 4 අනාවැකිකාරිය කී දින 4 - නිවැරදි පිළිතුර 

නොවැම්බර් 29 වැනිදා අප ඔබට ඉදිරිපත් කළ ගැටලුවෙහි ආ ශාස්ත්‍රම් කියනවා කී ගැහැනිය සාත්තරය කීවේ ඔක්තෝබර 31, ඔහුට උසස් රැකියාවක් ලැබුණේ නොවැම්බර් 15, ඔහු ගමන් කළ බස්රිය අනතුරට ලක් වූයේ දෙසැම්බර් 8 වැනිදායි. ඔහුට ලොතරැයිය ඇදුනේ ජනවාරි 1 වැනිදායි.


Post a Comment

0 Comments