HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඇයට හොඳ මනමාලයා තෝරන්න ඔබට පුලුවන් ද?

මීට අවුරුදු හැටකට ඉස්සර, අප පාසල් යන කාලේ අප වැනි ළමයින්ට දැනුම බෙදා දීම ගැන වැඩිපුර වෙහෙසුණු විශිෂ්ට ගුරුවරයෙක් සිටියේ ය. ඔහු නමින් එස්. පී. පෙරේරා විය. ගණිත විනෝදය ගෙනා රුසියානු ජාතික වී. පෙරල්මාන් වගේ එතුමා බුද්ධි කලම්බනය සඳහා අපූරු ප්‍රහේලිකා, ගණිත ගැටලු ඉදිරිපත් කළේය. එතුමා විශ්ව දැනුම සොයන පාඨකයන්ට රීඩර්ස් ඩයිජෙස්ට් පන්නයේ සඟරාවක් ‘පාඨකයා’ යනුුවෙන් ඉදිරිපත් කළේ ය. දෙවනුව ‘දැනුම’ නමින් සඟරාවක් සංස්කරණය කළේ ය. ඒ වගේ ම ‘අභියෝගය’, ‘ප්‍රහේලිකා’, ‘පැන පොඩි’ යනුවෙන් විශිෂ්ට ග්‍රන්ථ තුනක් පළ කළේ ය. මේ සමග පළවෙන්නේ ඔහුගේ ‘අභියෝගය’ කෘතියෙන් උපුටා ගත් ගැටලුවකි. මෙය ඔබට විසඳන්න පුලුවන් බලන්න! 


ඇයට හොඳ මනමාලයා තෝරන්න ඔබට පුලුවන් ද? 

දිසාපති වික්‍රමසිංහගේ රූමත් දියණියන් ක්ෂාන්ති පියාණන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “තාත්තා මැනවයි තෝරන කෙනකුට මම කැමති වෙන්නම්. නමුත් පළමුවෙන් ම ඔහු නිරෝගී, විකලාංග නැති, උස මහත පුරුෂයකු වෙන්න ඕනෑ. තවද ආණ්ඩුවේ වැදගත් රක්ෂාවක් කරන කෙනකු වෙන්නත් ඕනෑ.” යයි කීවාය. 

අභයසිංහ, බක්මීවැව, කහවිට සහ ධීරසේකර යන සිව්දෙනාගෙන් නෙකෙු තම දියණියන්ගේ අත ගනිතැයි වික්‍රමසිංහ ආශාවෙන් බලාපොරොත්තු විය. සතර දෙනා ම නිරෝගී හොඳ පෙනුමෙන් යුත් .මන්ගේ තත්වයට කැපෙන තරුණයෝ වූහ. 

තුන්දෙනෙක් එක සේ උස මහත අය වූහ. දෙදෙනෙක් බෞද්ධයෝ වූහ. ආණ්ඩුවේ රක්ෂාවක් කළේ එකකු පමණය. සතර දෙන‍ාටම ක්ෂාන්ති සඳහන් කළ අවශ්‍යතා තුනෙන් එකක් හෝ සතු විය. 

අභයසිංහ හා බක්මීවැව එකම ආගමක් ඇදහූහ. බක්මීවැව සහ කහවිට සමාන උස මහත අය වූහ. කහවිට හා ධීරසේකර එසේ සමාන නොවූහ. 

හතර දෙනාගෙන් සියලු ම සුදුසුකම් ඇතිව සිටියේ එක් කෙනෙක් පමණය. ඔහු නම් කරන්න. 

(එස්. පී. පෙරේරාගේ ‘අභියෝගය’ කාතියෙනි.) 

පිළිතුර - හෙට

Post a Comment

0 Comments