HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභියෝගය - 1 ක්ෂාන්තිට හොඳ මනමාලයා ඔබ තේරූ විධිය හරිද?

දිසාපති වික්‍රමසිංහගේ රූමත් දියණිය වූ ක්ෂාන්ති පියාණන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “තාත්තා මැනවයි තෝරන කෙනකුට මම කැමති වෙන්නම්. නමුත් පළමුවෙන් ම ඔහු නිරෝගී, විකලාංග නැති, උස මහත පුරුෂයකු වෙන්න ඕනෑ. තවද ආණ්ඩුවේ වැදගත් රක්ෂාවක් කරන කෙනකු වෙන්නත් ඕනෑ.” යයි කීවාය. 

අභයසිංහ, බක්මීවැව, කහවිට සහ ධීරසේකර යන සිව්දෙනාගෙන් කෙනකු තම දියණියන්ගේ අත ගනිතැයි වික්‍රමසිංහ ආශාවෙන් බලාපොරොත්තු විය. සතර දෙනා ම නිරෝගී හොඳ පෙනුමෙන් යුත් .මන්ගේ තත්වයට කැපෙන තරුණයෝ වූහ. 

තුන්දෙනෙක් එක සේ උස මහත අය වූහ. දෙදෙනෙක් බෞද්ධයෝ වූහ. ආණ්ඩුවේ රක්ෂාවක් කළේ එකකු පමණය. සතර දෙන‍ාටම ක්ෂාන්ති සඳහන් කළ අවශ්‍යතා තුනෙන් එකක් හෝ සතු විය. 

අභයසිංහ හා බක්මීවැව එකම ආගමක් ඇදහූහ. බක්මීවැව සහ කහවිට සමාන උස මහත අය වූහ. කහවිට හා ධීරසේකර එසේ සමාන නොවූහ. 

හතර දෙනාගෙන් සියලු ම සුදුසුකම් ඇතිව සිටියේ එක් කෙනෙක් පමණය. ඔහු නම් කරන්න. ඊයේ අප ඔබට දුන් ගැටලුව විසඳූ විධිය හරි ද? බලන්න! 

පිළිතුර - 

සතර දෙනාගෙන් තුන් දෙනෙක් එක සේ උසමහත අය වූ නිසාත් බක්මීවැව සහ කහවිට සමාන උස මහත අය වූ නිසාත් ඒ නම් කළ දෙදෙන උසමහත අය වෙති. කහවිට හා ධීරසේකර එසේ සමාන නොවන නිසා ධීරසේකර උසමහතින් අඩු කෙනෙකි. පළමුවැනි සුදුසුකම ඔහුට නැත. එසේ නම් ඔහු ආණ්ඩුවේ රක්ෂාවක් කළ තැනැත්තා ද විය නොහැකිය. 

සතර දෙනාටම අඩු වශයෙන් එක සුදුසු කමක් වත් තිබුණේය. ධීරසේකර සතුව තිබූ සුදුසු කම කිමෙක් ද? ඔහු බෞද්ධයකු වීම පමණය. 

අභයසිංහ සහ බක්මීවැව එකම ආගමක් ඇදහූ නිසා ඔවුන්ගෙන් එක් අයකු බෞද්ධයකු විය නො හැකිය. එවිට දෙවැනි බෞද්ධයා කහවිට වේ. මෙසේ සුදුසුකම් තුනම හිමි වාසනාවන්තයා කහවිට ය. 

(එස්. පී. පෙරේරාගේ ‘අභියෝගය’ කාතියෙනි.)

Post a Comment

0 Comments