HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙවර එක්ව දින හා විස්සයි විස්ස තරඟාවලි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂය වෙයිද?

එක් දින හා විස්සයි විස්ස තරඟ මාලා දෙකක් සඳහා දකුණ අප්‍රිකානු පිල මේ දිනවල ශ්‍රී ලංකාවට ඇවිත්. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අතර හොඳ වේග පන්දු බල ඇණියක් ඉන්නවා. ඒ වුණාට අපට ඒ ගැන වද වෙන්න ඕනෙ නෑ කියලයි, ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කියන්නේ. මොකද තරගය පැවැත්වෙන කෙත්තාරාම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණ තිල්ල අපේ ක්‍රීඩකයන්ට හුරුපුරුදු එකක් නිසාත් අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට ඒ වාසිය ගන්න බැරි නේනි කියලයි දසුන් ශානක හිතන්නෙ. ඒ වගේ ම අපට හොඳ දඟ පන්දු බල ඇණියක් ඉන්නවා. ඒ අයට පහසුවෙන් ම දකුණු අප්‍රිකාව පරාජය කළ හැකියි . 

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක

මේ අවුරුද්ද තුළ ශ්‍රී ලංකා පිල එක් දින තරඟ එකක්වත් දිනුවෙ නෑ. ඒත් ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරඟවලින් දෙකක් දිනා ගන්න දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සමත් වුණා. “ඉන්දියානු පිල සමග ජය නිසා අපේ කණ්ඩායම ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන්. මගේ විශ්වාසයි අපේ දඟ පන්දු යවන්නන් මේ තරඟමාලා දෙකම අපට දිනා දේවි කියලා. “ දසුන් ශානක කියනවා. 

“අපට දඟපන්දු යැවීම අතින් විවිධ දක්ෂතා තියෙන අය ගණනාවක්ම ඉන්නවා. එයින් පා දඟපන්දු යවන වනිඳු හසරංග ප්‍රධානයි. විවිධාකාරයේ දඟපන්දු යැවිය හැකි අකිල දනන්ජයත්, පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ හා රමේෂ් මෙන්ඩිස් දෙදෙනාත්, වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමත් අපට ඉන්නවා. ඒ හැම දෙනාම මේ වෙලාවේ දස්කම් අතර ඉන්නා අයයි. අද පැවැත්වෙන මුල් තරඟයට දඟ පන්දු යවන්නන් තුන් දෙනකු යොදා ගන්නට මං බලා‍පොරොත්තු වෙනවා.” යැයි දසුන් ශානක කියනවා. 

ශ්‍රී ලංකා පිල

ශ්‍රී ලංකා පිලට මුහුණ දෙන්නට ඇති ලොකුම අභියෝගය දකුණු අප්‍රිිකා පිලේ වේග පන්දු යවන යුගලය වූ ඇන්රිච් කාටේ හා කාසිලෝ රබාඩායි. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පිලට එරෙහි කලින් සාර්ථකව පන්දු යවා තියෙනවා. “ඒ දෙන්නාම දක්ෂයි, ඒත් මෙවර අපේ තණතිල්ල මන්දගාමී එකක් නිසා ඔවුන් එදා අපට කළ බලපෑම මේ වතාවේ කරන්න හැකි වෙන එකක් නැහැ.” දසුන් ශානක කියනවා. 

“මේ වතාවේ අපිට මේ තරඟ මාලාවම දිනා ගන්න පුලුවන් වුණොත් අපට ලකුණු සටහනේ දැන් ඉන්න තැනින් පස් වැනි තැනට එන්න පුලුවන් වෙනවා. ඒක අපේ ලෝක කුසලානට සහභාගිවීමට තල්ලුවක් වේවි.” දසුන් ශානක කියනවා. 

මෙවර එක්ව දින හා විස්සයි විස්ස තරඟාවලි දෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හැරවුම් ලක්ෂය වෙයිද? දසුන් ශානක කියන විදියට අපට බලා‍පොරොත්තු තබන්න පුලුවන්. අපි ඒ වෙනුවෙන් අද පිටියට බහින ශ්‍රී ලංකා පිලට සුබ පතමු! 

විස්සයි විස්ස ගැන අතුරු කතාවක්! 

විස්සයි වි‍ස්සේ (T20) තරග අද වෙන කොට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ත්‍රිකට් ක්‍රීඩා විලාසයක්. මේක ආරම්භ වුණේ 1993 දියි. ඒ එංගලන්තය හා වේල්ස් ක්‍රිකට් ආයතනයත් එක්ක එකතුවෙලා පටන් ගත්තු තරඟාවලියකින්. විස්සයි වි‍ස්සේ තරගයකදී එක පිලකට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක ඉනිමයි. ඒ ඉනිමට යැවිය හැක්කේ ඕවර 20යි. 2003 දී ඇරඹුණු ඒ ක්‍රීඩා තරඟය හැඳින්වුණේ ටී20 බ්ලාස්ට් (T20 Blast) පන්දු යවන්නකුට යැවිය හැක්කේ උපරිම පන්දු වාර හතරයි. 

මෙතෙක් විස්සයි වි‍ස්සේ (T20) තරගවලදී වේගවත්ම ශතක වාර්තා කර ඇත්තේ ක්‍රීඩකයන් හතර දෙනකු විතරයි. පන්දු 35 කදී තුන්දෙනෙක්, දකුණු අප්‍රිකාවේ ඩී. ඒ. (ඩේවිඩ්) මිලර් (2017.10. 29), ඉන්දියාවේ රෝහිත් ශර්මා (2017. 12. 22), සුදේශ් රෝයි ඩයස් වික්‍රමසේකර (චෙක් ජනරජය) ශතකය බැගින් රැස් කර ඇති අතර පන්දු 39කදී රැමේනියාවේ සිවකුමාර් පෙරියල්වාර් (2019. 08.29) ශතකයක් ලබා ගෙන තියෙනවා. විස්සයි වි‍ස්සේ තරගයකදී ද්විත්ව ශතක ලාභියකු ඉන්නේ එක් අයෙකු පමණයි. ඒ සුබෝද් භාටි (Subodh Bhati) නම් දිල්ලි නගර කණ්ඩායමට ක්‍රීඩා කරන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments