HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බ්‍රිතාන්‍යයේ ‍දී පළමුවරට රියැදුරකු නැති බස්රියක් මහ මග දුවයි!

වර්තමානයේ ලොව පුරා අත්හදා බැලීම් කෙරෙන්නේ රියැදුරන් නොමැතිව වාහන පැදවීමටයි. එවැනි සාර්ථක අත්හදා බැලීම් සිදු වූ අවස්ථා ගැන අපි කලින් ‘මල් කැකුළු’ තුළින් කීපවතාවක් ම පෙන්වා දුන්නා ඔබට මතක ඇති. පසුගියදා එංගලන්තයේ කේම්බ්‍රිජ් නගරයේ ජනාකීර්ණ පාරක රියැදුරකු නැතිව බස් රියක් ධාවනය කර පෙන්වූයේ අනාගතයේ එළඹෙන තත්වයන් ප්‍රදර්ශනය කිරීමටයි. 

බ්‍රිතාන්‍යයේ ‍දී පළමුවරට රියැදුරකු නැති බස්රියක් මහ මග ගිය අවස්ථාව.

මේ විස්මිත අවස්ථාව, එක්සත් රාජධානියේ අනාගත ප්‍රවාහන කටයුතු බාර අමාත්‍ය රැචෙල් මැක්ලීන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. රියැදුරන් නොමැතිව ප්‍රථම බස් රථ සේවාව ආරම්භ කරන්නට ඔවුන් බලාපොරොත්තු වන්නේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය අවට මාර්ගවලයි. මේ අත්හදා බැලීම සිදු කෙරුණේ ‍ප්‍රසිද්ධ ප්‍රවාහනය සඳහා ස්වයංක්‍රීයව වාහන පදවන තාක්ෂණය යොදා ගැනීම ගැනයි. ඊට Greater Cambridge Partnership සහ Smart Cambridge යන ආයතනවල අනුග්‍රහය ලැබුණා. 

මේ අත්හදා බැලීම සාර්ථක වූ පසු ඔවුන් බලාපොරොත්තු වෙනවා, ලබන වසරේ සිට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය හා ඒ අවට ඇති පර්යේෂණ විශ්ව විද්‍යාලවලට යන මාර්ග පද්ධතියට යොදා ගැනීමට. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වෙනවා, අවට දුම්රියස්ථානවලට එන හා අතරමග වාහන ගාල් කර පොදු ප්‍රවාහනයට එක්වන මගීන්ගේ පහසුව සඳහා මේවා යෙදවීමට. 

මේ විස්මිත අවස්ථාව, එක්සත් රාජධානියේ අනාගත ප්‍රවාහන කටයුතු බාර අමාත්‍ය රැචෙල් මැක්ලීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අවස්ථාව<

ඔවුන් බටහිර කේම්බ්‍රිජ් කලාපය මේ සඳහා තෝරා ගත්තේ එවැනි අතරමග කෙටි දුරක් තුළ එහා මෙහා යන බස් සේවයකට වඩා සුදුසු යැයි අවබෝධ කර ගත් නිසයි. මේ බස් රථ නිර්මාණය කළේ ඔරිගෝ (Aurrigo) ආයතනය විසිනුයි. ‘මෙය ඓතිහාසික අවස්ථාවක්! රියැදුරන් නොමැතිව පදවන වාහන භාවිතය පිළිබඳව’ ඔරිගෝ ආයතනයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කීන් කියනවා. ‘අපි මේ වගේ අත්හදා බැලීම් කළා සාර්ථකව නගර මධ්‍යස්ථානවල (city centres), විශ්‍රාමික නිවාස සංකීර්ණ තුළ ධාවනය කරමින්. ඒත් මේ තමයි, මහ මගක අනෙක් වාහන යන එන සංකීර්ණ තැනක ධාවනය කළ මුල් වතාව.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

මේ බස්රථ තනනු ලැබුවේ ඔරිගෝ ආයතනයට අයත් කොවෙන්ට්‍රි නගරයේ පිහිටුවා ඇති ඉංජිනේරු මධ්‍යස්ථානයෙදියි. ඒවා බටහිර කේම්බ්‍රිජ් කලාපය තුළ මිනිත්තු 20ක දුරක් එහා මෙහා යාමට යොදවන්නයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. 

පහත වීඩියෝව බලන්න! 

‘මේ බස්රථ ස්වයංක්‍රියව පැදවෙමින් යන්නේ අප විසින් සකස් කළ ස්වයංක්‍රීය මෘදුකාංගයක් භාවිතා කරමිනුයි. නවතම ලේසර් ආලෝකය මගින් දුර නිරීක්ෂණය කරන ක්‍රමයක් (Light Detection and Ranging) හා කැමරා පද්ධතියක් මේ සඳහා යොදා ගන්නවා. බාධක තෝරා බේරා ගෙන යන්නේ ඒවා උපයෝගී කර ගෙනයි.’ ඩේවිඩ් කීන් කියනවා. ‍

’මේ වාහන මහා මාර්ගයේ අනික් වාහන සමග ධාවනය වෙනවා දකින්න ආසයි. ග්‍රේටර් කේම්බ්‍රිජ් පාට්නර්ෂිප් හී අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ක්ලෙයාර් රස්කින් කියනවා. 

කේම්බ්‍රිජ් නගරයේ මේ ප්‍රදේශයේ දිනපතා දිවා රාත්‍රි පැය 24 තිස්සේ ම වැඩ කරන ආයතන විශාල ගණනක් තියෙනවා. ඒ නිසා මෙවැනි ස්වයංක්‍රිය ප්‍රවාහනයක් හරිම ප්‍රයෝජනවත්. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments