තනිතීරු විකට චිත්‍ර (Pocket Cartoons) ලොව පුරා මහත්සේ ජනප්‍රිය පුවත්පත් විශේෂාංගයක්. ශ්‍රී ලංකාවේ පුවත්පත්වල වෙනත් රටවලට වඩා වැඩි තැනක් මේ විශේෂාංගයට ලැබෙනවා. මෙයින් වඩාත් කැපී පෙනුනේ ‘ලංකාදීප’ පත්‍රයයි. 50=60 දශකවල වැඩිම තනිතීරු විකට චිත්‍රකරුවන් පිරිසක් දායකත්වය දුන්නේ ඒ පත්‍රයටයි. හෙන්රි තෙන්නකෝන්ගේ ‘විහිළු තහළු’, ඇස්. කරුණාදාසගේ ‘කවටකම්’, අමිත අබේසේකරගේ ‘විකට විට’, (මහගම) සේකරගේ ‘ජරමර’ ඉන් කැපීපෙනෙනවා. ඔවුන් සියලු දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. මේ සමග පළවෙන්නේ ඇස්. කරුණාදාසගේ ‘කවටකම්’ ඇතුළත් කර මුද්‍රණයෙන් පළ වූ ‘කරුණාදාසගේ සිනාරැල්ල’ නම් පොතෙන් උපුටා ගත් කොටස් කීපයක්. මේ හැම සිනාකතාවක් ම පළ වූයේ ඉතාමත් සිත්ගන්නා කුරුටු චිත්‍රයක් සමගයි. ඒ චිත්‍රය මේ සමග පළ වෙන්නේ නැහැ. ඒ සිතෙන් මවා ගෙන රස විඳින්නට තරම් ඔබ දක්ෂ ඇතැයි මා හිතනවා.
සැමියෙකු හා බිරිඳ අතර දෙබසක්
බිරිඳ - ‘එහෙනම් කෝ මට දීලා නැත්තේ ඇයි?’
සැමියා - ‘ඉතින් නෝනා වතුර ගන්නෙ පයිප්පෙන්නෙ’
කාන්තාවන් දෙදෙනකු අතර දෙබසක්
2 කාන්තාව - ‘දොස්තර මොකද කිව්වෙ?’
1 කාන්තාව - ‘මැරිලයි කිව්වෙ!’
මිනිසුන් දෙදෙනකු අතර දෙබසක්
2 මිනිහා - ‘එහෙනම් දවසක් පප්පගෙ ඔළුවට කපුටෙක් කැත කළාය කිව්වෙ?’
මවක් දුවකට කී කතාවක්!
අම්මා - ‘අප්පිරිය වුණාට බැහැයි නොකියා මේ කසාය ටික බීපන් දුවේ, උඹ මධුරසාංගත් අහන්නේ’
මිනිසුන් දෙදෙනකු අතර දෙබසක්
2 මිනිහා - ‘අපොයි ඔව්, නැත්තං කැලෙන් එළියටවත් පන්න ගන්න බැරිවෙනවා.’
තරුණ කාන්තාවන් දෙදෙනකු අතර කතා බහක්
2 තරුණිය - දොස්තර මහත්තයා ඔයාගේ ස්කර්ට් එක දැක්කේ නැද්ද? දැක්ක නං මැහුම් හත අටක් ගයනවා.’
කෙල්ලන් දෙදෙනකු අතර කතා බහක්.
2 කෙල්ල - ‘ඒ මොකො?’
1 කෙල්ල - ‘අම්මා කිව්වා මේ සැරෙත් පේල් වෙලා තිබුණොත් තෝව ටියුෂන් මාස්ටර්ගේ කරේ එල්ලනව කියල’
ගැහුනුන් දෙදෙනෙකු අතර කතා බහක්
2 ගැහැනිය - කපු මහත්තයා නෑ. දේවාලේ පිං පෙට්ටිය නැතිවෙලා පොලිසි ගිහිල්ලා’
මන්ත්‍රීතුමා අම්මටයි දුවටයි කී දේ
අම්මා - ‘නෑ මන්ත්‍රීතුමා’
මන්ත්‍රීතුමා - ‘ඉක්මනින් බන්දලා දෙන්න. මම ළමයාව ලොකු ඉස්කෝලෙකට දාලා දෙන්නං’
මුදලාලි කෙනෙක් දරුවන් ගැන යාළුවෙකුට කී කතාවත්
මුදලාලි - ‘මගේ එක පුතෙක් හංදියේ හෝටලයක් දැම්මා. අනික් පුතා ඊට අල්ලලා බේත් සාප්පුවක් දැම්මා දැන් දෙන්නටම හරි ජයයි.’
බේබදු සැමියෙක් බිරිඳ ගැන යාළුවෙකුට කී කතාවක්
බේබද්දා - ‘මං අඩියක් ගැහැව්වහම කෑම ඇති වෙන්නේ අපේ ගෙදර එකීට නේ, ඒකි මාව කන්න හදනවා.’
මිනිසුන් දෙදෙනකු අතර දෙබසක්.
2 මිනිහා - ‘ඉතිං ගිහිං පොලිසියට කියහං’
1 මිනිහා - අපොයි බෑ ගිය පාරත් කියලා හොයාලා දුන්නා’
ඇස්. කරුණාදාස ‘කවටකම්’ කියල ලංකාදීපයට තනිතීරු කාටුන් අඳින කාලේ තවත් පුහුණු ගුරුවරයෙක් හැමදාම ලංකාදීපෙ මුල පිටුවට තනිතීරු කාටුන් එකක් ඇන්දා. ඒ තමයි, හෙන්රි තෙන්නකෝන්. තෙන්නකෝන් ඇන්ඳෙ ‘විහිළු තහළු’ කියලයි. කරුණාදාස සිංහල ඉගැන්නුවෙ. තෙන්නකෝන් ඉගැන්නුවෙ ඉංග්‍රීසි.
තෙන්නකෝන් හරි දක්ෂයි පැරණි කවිවල පද පෙරළලා විකට අවස්ථා මතුකර ගන්න. එක දවසක් තෙන්නකෝන්ගේ ‘විහිළු තහළු’ තීරුවේ මෙහෙම විහිළුවක් පළ වුණා. තෙන්නකෝන් ඒ විහිළු කතාවේ චිත්‍රයට ඇතුළත්වෙලා තිබුණේ, මිදුලක් අතුගාන තරුණියක් හා මිදුල අයිනේ ඇය හා කතා කරන ජාතික ඇඳුමෙන් සැරසුණ තරුණයෙක්.
නොසලකන්නේ පෙර මෙන
මට වැඩි තරම් වන
එකකු දුටුවා ඇද්ද වෙන තැන’
ගෙනා යෝජනාවට කැමතිවෙලා ගිය සතියෙ අමරපාල අයියාව බැන්ද!’
මාව කා අපරාදේ
බැඳ ගති කසාදේ
මෙහෙව් අයටත් මඟුල් සෑදේ’
මේ විහිළුව පළ වුණාට පස්සෙ, තෙන්නකෝන්ට ‘කවටකම’ක් කරන්න හිතපු කරුණාදාස එයාගේ ‘කවටකම්’ තීරුවට මෙහෙම එකක් ඇඳගෙන ගියා. බිරිඳ - ‘අපි බඳින්න කලින් ඔයා මට ලියලා එවපු කවි මොන තරම් රසවත්ද! අපි ඒ කවි ටික ඔක්කෝම එකතු කරලා පොකත් ගහමුද “ආදරය” කියලා? සැමියා - ‘අපොයි හාමිනේ, ඒ කවි ටික ඔක්කොම දාලා කවුද පොතක් ගහලා තිබුණ නෙ “ගුත්තිලය” කියලා.’ තෙන්නකෝන් ඉහත කවි දෙක අරන් තිබුණෙ 'ගුත්තිලයෙ'න්
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් තමයි, ඇස්. කරුණාදාසයන් ‘ලංකාදීපය’ට කැටුව ගිහින් ඩී.බී ධනපාල මහත්තයාට අඳුන්නලා දුන්නේ. ඔහු තනිතීරු විකට චිත්‍ර ශිල්පියකු ලෙස දොරට වැඩියේ 1954 සැප්තැම්බර් 5 වැනිදා මුල්ම ලංකාදීප පත්තරයෙන්.
1927 අප්‍රේල් 19 වැනිදා වීදියගොඩදී උපන් ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි. නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා පසුව විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය. ඔහුගේ තනිතීරු විකට චිත්‍ර එකතුව මුද්‍රණයෙන් නිකුත් වීමට ප්‍රථම ඔහු හදිසියේ ම මෙලොව හැර ගියේය. තනිතීරු විකට චිත්‍ර ඇඳීම වගේම ඔහුගේ තවත් විනෝදංශයක් ඇත. ඒ ගී ගායනයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් ලියූ ‘අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි' යන යුග ගීය කලකට පෙර කමලානි පෙරේරා සමග ගැයූවක් ඔහු 1999 අප්‍රේල් 7 හදිසියේ ම මිය ගියා.
2 Comments
එතුමාගේ තිබුනු එක බලාපොරොත්තුවක්ලු එයාගෙ කාටූන් එකතු කරලා පොතක් පල කරන එක. ඒත් ඒ දේ කරණ්නට උනේ එතුමා මිය පරලොව ගියාට පසුව දරුවන්ටයි!
ReplyDeleteඔබ හරි එතුමා පොත මුද්‍රණයට දුන්නා. ඒත් එය මුද්‍රණය වී පළ කිරීමට පෙර එතුමා 1999 ජූනි 7 වැනිදා හදිසියේ ම මිය ගියා. ඒ නිසා එතුමාට මුද්‍රිත පිටපත දැක ගන්න ලැබුණේ නැහැ.
ReplyDelete