HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඟහරු ලොවේ දී මාරයා ඔබ කරා එන හැටි!

සක්වළ තරණය අපේ දරුවන් තුළ සුන්දර සිහින මවන්නක්. ඒ විදියටයි, බොහෝ දෙනා ඒ ගැන ලියන්නේ. හඳට යන එකත් අනතුරුදායක ලෙස දුටුවත් ඒ ගමන් ගැන අප දුටුවේ සුන්දර පැත්ත විතරයි. ගුරුත්වාකර්ෂණයේ වෙනස නිසා පොළොවේ දී උඩ පනිනවාට වඩා වැඩි ඉහළකට පනින්නට හැකි බව කී විට අප සිත තුළ මැවෙන්නේ සුන්දර චිත්‍රයක්. පෘථිවියේ දී තරම් ආරක්ෂාවක් හ‍ඳ මත දී ලැබෙන්නේ නැහැ. 

අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත යන අයට රතු එළියක් දැල්වෙන 
අවස්ථා හයක් ඔවුන් විසින් හඳුනාගෙන තියෙනවා.

පොළොවේ ඇති සුවිශේෂ වායුගෝලය නිසා අභ්‍යවකාශයෙන් එන අනතුරු වළක්වනවා. බොහොමයක් වස්තූන් වායුගෝලයට ඇතුළුවුණු ගමන් ම ගිනිගෙන විනාශ වෙනවා. ඒ වගේ ම හිරුගෙන් ලැබෙන අහිතකර කිරණ, (විශේෂ‍යෙන් මිනිස් සිරුරට අහිතකර විකිරණ) සුවිශේෂ වායුගෝලය‍ෙන් ම වළක්වනවා. සඳ මත දී එවැනි රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අඟහරුගේ හෙවත් රතු ග්‍රහයාගේ තත්වය තවත් භයානකයි. ඒ නිසා එහි යාමට පෙර, අඟහරු මත දී මිනිසාට මාරයා බැල්ම හෙළන හැටි ගැන විද්‍යාඥයන් විමසා බැලුවා. ඒ ඒවාට මුහුණදීමට කල්තියා පියවර ගැනීම පිණිසයි. 

දැනට අඟහරු මත ස්වයංක්‍රීයව ගවේෂණයේ ය‍ෙදෙන නාසා ආයතනයෙන් යැවූ ප්‍රසර්වරන්ස් රෝවරය.

පළමු වරට අඟහරු මත පියාසර කරමින් ගවේෂණයේ යෙදෙන හෙලිකොප්ටරය

අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත අය අයට රතු එළියක් දැල්වෙන අවස්ථා හයක් ඔවුන් විසින් හඳුනාගෙන තියෙනවා. 

1. අඟහරු හෙවත් රතු ග්‍රහයා කරා යන ගමනේ දී හා ඊට ගොඩ බැස්ස පසු අඟහරුගාමීන්ට විකිරණශීලතාවට මුහුණ දීමට සිදු වන නිසා මරණයට පත් විය හැකියි. මෙහිදී ඔවුන්ට මුහුණ පාන්නට වන විකිරණශීලතාව පෘථිවියට වඩා 700 ගුණයකින් වැඩි බවයි කියැවෙන්නේ. දිගු කාලයක් අන්තරීක්ෂණ කිරණවලට අසු වීම නිසා පිළිකා ආදිය ඉක්මනින් ඇති විය හැකිය. 

2. අඟහරු ග්‍රහයා වෙත යන අභ්‍යවකාශ යානය ගොඩ බැස්සවීමට යාමේ දී යානය හදිසියේ ම ඒ මතට කඩා අඟහරුගාමීන් මරණයට පත් විය හැකියි. 

3. රතු ග්‍රහයා ගවේෂණය කිරීමට යාමේ දී අඟහරුගාමීන්ගේ ආරක්ෂක ඇඳුම ඉරී යාමෙන් පීඩන පාලනය නොවීම හේතුකොට ගෙන, ඔක්සිජන් නොලැබී යාම නිසා හුස්ම ගැනීම අපහසු වීම නිසා මරණයට පත් විය හැකියි. 

4. අඟහරු මත ගුරුත්වාකර්ෂණය පහළ මට්ටමක පවතින නිසා අස්ථි බිඳීමේ තත්වයක් ඇතිවි හැකියි. ඔස්ටියෝපොරෝසියාව වැනි අස්ථි ක්ෂය වීම, පෘථිවියේදීට වඩා ක්ෂණිකව සිදු වන නිසා යම්තම් වැටිමකින්, කිවිසුමක් යාම වැනි දෙයකින් බරපතළ හානි සිදුවී මරණයට පත් විය හැකියි. 

5. අඟහරු පසෙහි ඇති අධි ලවණ සාන්ද්‍රණය නිසා මිනිස් සිරුරට හානිකර තත්වයක් ඇති විය හැකියි. 

6. අඟහරු මත දී ඇති විය හැකි මානසික සංකූලතාවන් හේතුවෙන් වියරු වැටෙන අඟහරුගාමීන් අතින් තම සගයන් ඝාතනය කෙරෙනු ඇත. 

අඟහරු වෙත යන ගමනේ දී මැරෙන්න සිදුවුණොත් ඉන් පසුව සිරුරට කරන දේ ‘අභ්‍යවකාශ ගවේෂණ’ යටතේ ‘මල්කැකුළු’ තුළින් පෙන්වා දුන්නා. එය දුටු වැඩි දෙනකු කළ ඉල්ලීම අනුව විද්‍යාඥයන් විසින් දැනට හඳුනාගෙන ඇති අඟහරු මත දී මියයාමට හේතු විය හැකි අවස්ථා හයයි, ඉහත දැක්වූයේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments