HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 50කට පසු උපන් මේ කළු ජගුවර පැටික්කියට නම් තබන්න තරඟයක්!

බිළාල හෙවත් බළල් පවුලේ පුංචි ම සාමාජිකයා ඔබේ සුරතලා වෙමින් ඔබේ උකුලේ උණුසුම ලබද්දී විශාලතම සාමාජිකයා කැළේ රජ වුණා. බළලාගේ කතාවේ මුලත් අගත් එහෙමයි. ඒ පවුලේ අතර මැද ඉන්නා සාමාජිකයන් බොහොමයක් අපට සදහටම ආයුබෝවන් කියන්නට සූදානම්ව සිටිනවා. ඒ නිසා වඳ වී යන ඒ සතුන් බේරා ගන්නට ලොව පුරා නොයෙක් පියවර ගනිමින් තිබෙනවා. 

එවැනි එක් තැනක් වන්නේ එංගලන්තයේ කෙන්ට් හී මහා බිළාල අභයභූමිය (Big Cat Sanctuary)යි. ඔවුන් පසුගිය අප්‍රේල් 6 වැනිදා ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඒ කළු ජගුවර ගැහැනු පැටික්කියක ම‍ෙලොවට අලුතින් එක් කිරීමයි. යුරෝපයේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සතුන් බෝ කිරීමේ වැඩසටහන යටතේ ලත් මේ ජයග්‍රහණයට හවුල් වූයේ කීරා (Keira) සහ නේරන්(Neron) යන ජගුවර යුවළයි. කීරා නම් ජගුවර අම්මා 2017 දී උපත ලබා ඇත්තේ පැරඩයිස් වනෝද්‍යානයේයි. 2019 දී තමයි මේ මහා බිළාල අභයභූමියට ගෙනාවේ. එහි දී තමයි ඇයට නේරාන් මුණ ගැහුණේ. 

‘අපට හරිම සතුටුයි මේ කීරා පැටික්කියකු බිහි කිරීම ගැන. අපි සති ගණනාවක් තිස්සේ ඇය ගැන සෙවිල්ලෙන් හිටියේ. ඇය ගැබ් ගන්නට පෙර සිටම ඇගේ ලෙනට විශේෂ සීසීටීවී කැමරාවක් පවා සවිකර තිබුණා.’ ඒ අභය භූමියේ භාරකාර බ්‍රියෝනි ස්මිත් කියනවා. 

‘අප්‍රේල් 6 වැනි උදේ 11.10ට තමයි මේ සිඟිති ජගුවර පැටික්කිය මෙලොව එළිය දුටුවේ. ඇය උපදිනකොට ම ඇස් අරගෙනයි හිටියේ. මේ සතුන් අනිත් බළල් වර්ගවල සතුන් වගේ නෙවෙයි උන් වේගෙන් වැඩෙනවා. සති දෙකක් යන කොට දුව පැන ඇවිදින්න පටන් ගත්තා. දැන් ඔවුන්ගේ ලෙනේ හැම අස්සක් මුල්ලක් ම හුරුයි. අම්මට නාවන්න ඕනෑ වෙලාවට අල්ලා ගන්න එකත් ලේසි නැහැ.’ තවදුරටත් ස්මිත් කියනවා. 

තාම ඔවුන් මේ අලුත උපන් පැටියා දැක ගන්න මහජනයාට අවස්ථාව දිලා නෑ. එත් මහජනයාට අවස්ථාවක් දීලා තියෙනවා ඌට නමක් තියන්න. පසුගිය මැයි 25 වැනිදා ඒ සඳහා මහජනයා අතර තරඟයක් ඇති කරන්න ඔවුන් කල්පනා කළා. ඒ ගමන් ම කුඩා පැටික්කි වෙනුවෙන් අරමුදලකුත් ඇති කළා. 

ඇමරිකා මහාද්වීපවල මෙක්සිකෝවේ සිට ආජෙන්ටිනාව දක්වා රටවල් 18 මේ ජගුවරයන් වනගතව වාසය කරනවා. 

මේ එංගලන්තයේ කෙන්ට් හී මහා බිළාල අභයභූමිය දී උපත ලත් කළු ජගුවර පැටික්කියයි.

කීරා ජගුවරිය ඇගේ පැටික්කි සමග

මැයට තවමත් නමක් තබා නැහැ. පසුගිය දා ඔවුන් මැයට නමක් තබන්නැයි මහජනයාට ඇරයුම් කළා. දැන් එය නම් තැබීමේ තරගයක් වෙලයි තියෙන්නෙ.

මේ ජගුවර පැටවුන් හරි ඉක්මනට වැඩෙනවා. මේ පැටික්කිට වයස තාම දෙසතියයි.

මේ නමක් නැති පැටික්කිගේ ජගුවර තාත්තා නේරන්. ඌ කළු ජගුවරයක්. සාමාන්‍යයෙන් ජගුවරයන්ට සම මත පුල්ලි තියෙනවා. මේ කළු ජගුවරයන් බිහි වන්නේ සියයට 10ත් පමණක් කියලයි කියන්නේ.

නමත් තබනකම් මේ ජගුවර පැටික්කියට ඔවුන් ‘බේබි’ (Baby) කියලයි කියන්නේ. මේ පැටික්කියත් ඇගේ පියා වගේම කළු පාටයි. ජගුවර ගහනයෙන් සියයට 10ක් විතරයි කළුපැහයෙන් උපදින්නේ. අනිත් සියයට 90ම පුල්ලි සහිතවයි උපදින්නේ. ඔවුන් කියන විධියට වසර 50කට ම කළු ජගුවර පැටියකු උපන් බවට වාර්තා වී නැහැ. 

මේ ජගුවරයාට ලොකුම ජීවන තර්ජන එල්ල වී ඇති මිනිස් දඩයක්කරුවන්ගෙන්. සම් හා ලොම් ගැනීමට ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලංකා අලියාට වගේම මේ ජගුවරයාටත්, මිනිස් ජනාවාස ඇති වීම නිසා වඳවී යාමේ තර්ජනයක් එල්ල වී තියෙනවා. වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින බව IUCN රතු දත්ත පොතේ දක්වා තියෙනවා. 

පහත වීඩියෝවෙන් බලන්න!

Post a Comment

1 Comments