HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැ.කී.මී. 1200ක විස්මිත වේගයකින් යන අනාගතයේ ගමන් බිමන්!

 අනාගතයේ ගමන් යන්නට අධිවේගී රික්තක දුම්රියක් (high-speed vacuum train) දැන් තනා තියෙනවා. ඒ මගින් ඔබට පැ.කී.මී. 1200 (පැ.හැ. 750) වේගයෙන් යා හැකියි! එහි අත්හදා බැලීමේ ප්‍රදර්ශනාත්මක ගමනක් පසුගිය දා ඇමරිකාවේ ලාස් වේගාස් හිදී සිදු කෙරුණා. 

වර්ජින් හයිපර්ලූප් සමාගමේ සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක ජොශ් ගීගල් මැයි 5 වැනිදා 
නෙවාඩාවේ ලාස් වේගාස් අසල පිහිටි හයිපර්ලූප් නිෂ්පාදන පරිශ්‍රයේ පරීක්ෂා කරන අයුරු.

මේ විස්මයජනක වයාපෘතිය කරන්නේ වර්ජින් හයිපර්ලූප් කිය සමාගමක්. මෙහි දී අප දකින්නේ ඔවුන් ඒ අධිවේගී ගමන් යාම සඳහා තැනූ අඩි 1.640ක් දිග ලෝහමය ටියුබයයි. මේක ඉදිකර තියෙන්නේ නගරයෙන් පිටත නෙවාඩා කාන්තාරයෙයි. එහි තමා සමාගම මේ විස්මිත ව්‍යාපෘතියේ අත්හදා බැලීම් කෙරෙන්නේ. ඔවුන්ගේ අපේක්ෂාව වායු රහිත රික්තක නලයක් තුළින් මගීන් සහිත කුටියක් පා වී යාමට සැලැස්වීමෙන් අධිවේගයෙන් ගමනාන්තය වෙතට ගෙන යාමයි. 

ජොශ් ගීගල් හයිපර්ලූප් කුටීරයක අසුන්ගෙන සිටින අයුරු.

පොළොවට ඉහළින් සවි කළ උමං මාර්ගයක් ඔස්සේ හයිපර්ලූප් කුටීර 
ගෙන යන්නේ අඩි 1,640 ක් දිග සුදු යකඩින් නිම වූ ටියුබයක් තුළිනි.

වර්ජින් හයිපර්ලූප් (Virgin Hyperloop) ආයතනයේ සම නිර්මාතෘ ජොශ් ගීගල් (Josh Giegel) සමග එම ආයතනයේ මගී ප්‍රවාහන අධ්‍යක්ෂ වූ සාරා ලූෂියන් ද ඒ මුල්ම ගමනට එක් වුණා. 

‘මට දැනුනෙ ගුවන් යානයක ආරම්භය වගෙයි, වේගය වැඩි කරන විට’ යයි වර්ජින් හයිපර්ලූප් සමාගමේ සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක ගීගල් කියනවා. ඇමරිකාවේ මහා ව්‍යාපාරිකයකු වූ රිචඩ් බ්‍රොන්සන්ගේ ලෝක ප්‍රකට වර්ජින් ගෲප් සමාගමත් මේ වර්ජින් හයිපර්ලූප් සමාගමේ හවුල් ආයතනයක්. ‘ජෙට් යානාවල මෙන් වා කැළඹුම් ඇති කීරීමක් මෙහිදී කෙරෙන්නේ නැහැ. ශබ්දයක් හෝ අසුනේ සිටියදී උඩ විසිවීමක් නිසා ඇති වන හිරිහැරයක් සිදුවන්නේ නැහැ’ ඔහු තවදුරටත් කීවා. 

හයිපර්ලූප් ටියුබයේ ඇතුළත පෙනෙන අයුරු.

ගමන් යාමට එක හයිපර්ලූප් කුටීරයක අසුන්ගෙන පටි තදකර ගත යුතුවෙනවා.

මේ පද්ධතිය පාවිච්චි කරන්නේ විද්‍යුත් ප්‍රචාලන ක්‍රමයක්. ඉන් ඇති කරනවා සක්‍රිය චුම්බක බලයක් හයිපර්ලූප් ටියුබය තුළ රික්තකයකට ආසන්න තත්වයක් ඇති කරවනවා. ඒ ටියුබය තුළ එක ගමනක් යාමට 28 දෙනකුට ප්‍රමාණවත් හයිපර්ලූප් කුටීර තියෙනවා. 

නිව්යෝක් හා වොෂිංටන් නගර අතර හයිපර්ලූප් සංචාරයක් යාමට ගතවන කාලය මිනිත්තු 30ක් පමණයි. ඒ වේගයෙන් යන්නේ නම් ලන්ඩන් හා එඩින්බර්ග් නගර අතර යාමට ගතවන්නේ පැයකටත් වඩා අඩු කාලයක්. 

2014 දී වර්ජින් හයිපර්ලූප් සමාගම ආරම්භ කළේ ඊලොන් මස්ක් 
ළඟ සේවය කරමින් සිට ඔහු දුන් අදහසක් අරගෙනයි.

මගීන් 28ක් ගෙන යන කුඩා කුටිර (pod) වලින් එහි ඇතුළත පෙනෙන අයුරු

ප්‍රධාන විධායක ජොශ් ගීගල් එහි කවුළුවකින් බලා සිටියි.

‘මෙය තවමත් ආරම්භක තත්වයෙයි තියෙන්නෙ. මේ ගමන් වානිජ වශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ 2027 වසරේ මුල හරියෙදියි.’ ගීගල් කියනවා. මෙම සමාගම කලින් අපේක්ෂා කළේ 2025 දී ආරක්ෂක සහතිකය ලබා‍ගෙන 2030 දී වානිජ ආරම්භ කරන්නයි. 

මීට අවුරුදු 100ට පෙර කාර්, දුම්රිය, ගුවන්යානා අවුත් ගමන්බිමන්වල මහා විප්ලවයක් කළා වාගේ මහ පෙරළියක් මේ නව ක්‍රමයෙනුත් ප්‍රවාහනය තුළ සිදුවනු ඇතැයි ගීගල් විශ්වාසය පළ කරනවා. 

වර්ජින් ගෲප් නිර්මාතෘ රිචඩ් බ්‍රොන්සන් විශ්වාස කරනවා වසර 100කට පසු 
මේ ප්‍රවාහන ක්‍රමය ලෝකය තුළ මහ පෙරළියක් කරන බව.

වීඩියෝ පහතින් නරඹන්න

මේ සංකල්පය රොකට් විද්‍යාඥ රොබට් ගොඩාඩ් (Robert Goddard) ‘වැක්‍යුම්ට්‍රේන්’ යන කෙටි කර ‘වැක්ට්‍රේන්’ (vactrain) හෙවත් ‘රික්තක දුම්රිය’ යනුවෙන් මීට වසර 120කට පමණ පෙර ඉදිරිපත් කළ එකක්. පසු කාලෙක 60 හා 70 දශකවල ප්‍රංශය ‘ඒරෝට්‍රේන්’ (Aerotrain) යානයක් තනන්න සූදානම් වුවත් ප්‍රමාණවත් ආයෝජන නොමැති වීම නිසා ඒ ව්‍ය‍ාපෘති අසාර්ථක වුණා. 

2013 දී තමයි, මේ අදහස යළිත් මතු වුනේ ඇමරිකන් නවෝත්පදකයකු වූ ඊලොන් මස්ක්ගෙන්. එ වන ඔහුගේ ‘ස්පෙස්එක්ස්’ (SpaceX) ආයතනයේ සේවය කළ ගීගල්, ඊළඟ වසරේ ඉන් ඉවත්ව ගොස් වර්ජින් ගෲප් නිර්මාතෘ රිචඩ් බ්‍රොන්සන් හා එක්ව වර්ජින් හයිපර්ලූප් නමින් සමාගමක් පිහිටුවා ගෙන මේ කටයුත්ත ඇරඹුවේ. 

වර්ජින් හයිපර්ලූප් සමාගම ඊළඟට බලාපොරොත්තු වන්නේ මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ හා සෞදි අරාබියේ ඇති කිරීමටයි. මෙසේ දෙදෙනකුගෙන් ආරම්භ වූ මේ ගමන අනාගතයේ දී ලොව පුරා ලක්ෂ ගණනින් ප්‍රවාහනය කිරීමට යොදා ගනීවී. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments