පිනිමුවන් ගැන අමුතු කතාවක් කියන්නයි, මේ හදන්නේ. ඔබ දන්නවා නේ පිනිමුවන් ඉන්නේ කැරිබූ කියා හැඳින්වෙන මේ පිනිමුවන් වාසය කරන්නේ උතුරු ඇමරිකාවේ ආක්ටික ප්‍රදේශවල හා රුසියාවේ තුන්ද්‍රා බිම්වලයි. ඔවුන් අමුතු විදියේ ‘චක්‍රාවාටයක්’ හදනවා විලෝපිකයක්ගේ තර්ජනයක් එල්ල වුණු වහාම. ඔවුන් පැටවුන් මැදි කරගෙන වළල්ලක ආකාරයට ඉතා වේගයෙන් වටේට දුවනවා, ඒක මෙතෙක් අප නුදුටු දර්ශනයක්. ඒ දර්ශනය අපට දැක ගන්නට වාසනාව උදා කර දුන්නේ රුසියාවේ කැමරා ශිල්පියෙක්. ඔහු නමින් ලෙව් ෆෙඩොසෙයේව් (Lev Fedoseyev). ඩ්‍රෝන කැමරාවක් මගින් තමයි, ඔහු මේ දර්ශන කැමරාවට නැඟුවේ.
පිනිමුවන්ට පැයට කිලෝමීටර් 80ක (හැතැප්ම 50ක) වේගයෙන් දිව යන්න පුලුවන්. ඒ වගේම වසන්ත කාලයේ දී ඔවුන් පැටවුන් සමග විශාල රංචුවක් බවට පත් වෙනවා. එවැනි විශාල රංචුවකට 50,0000ක විතර පිනිමුවන් සිටිය හැකියි. මේ විධියේ ලොකු පිනිමුවන් රංචුවක් ‘චක්‍රාවාටයක්’ හදන හැටි ඇත්තෙන්ම විශ්මයජනක දසුනක්. මේ ක්‍රමයට වේගයෙන් චක්රාකාරව දිවීමෙන් පිනිමුවන් කරන්නේ විලෝපිකයාව මුළා කරන එකයි. විලෝපිකයාට දඩයම් කරන්නට එකකු තෝරා ගැනීම අපහසු වෙනවා.
පිනිමුවන් වක්‍රාකාරව දුවන හැටි පහත වීඩියෝවෙන් බලන්න!
පිනිමුවන් තමයි, ලෝකයේ එක මුවන් විශේෂය මිනිසා විසින් හීලෑකරගෙන ඉන්නා. රුසියාවේ වයඹදිග මර්මන්ක්ස් ඔබ්ලාස්ට් ප්‍රදේශයේ ස්වදේශික සැමී ගෝත්‍රිකයන් පිනිමුවන් ඇති කරනවා. ඒ ඔවුන්ගේ ප්‍රයෝජනය ගැනීමට ලොම්, සම් හා ආහාර පිණිස විතරක් නොවෙයි, ඔවුන්ගේ පුල්ක්ස් යැයි හඳුන්වන හිම රිය ඇද ගෙන යාමටයි.. පැටවුන් මැදි කර ගෙන කරන නැටුමක් වගේ මේ උපක්‍රමය ඔවුන්ට ඉගැන්නුවේ කවුරුන්ද? සොබාදහම මැවූ මේ අපූරු දර්ශනය පසුගිය සතියේ දැක ගැනීමට ලැබුණේ මර්මැනක්ස්වලදි, පශු වෛද්‍යවරයකු ඒ සතුන්ට ඇන්ත්රැක්ස්වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්නට ආ අවස්ථාවෙදියි.
මේ පිනිමුවන් 10ක රංචුවක සිට සිය ගණනක රංචු දක්වා ඉන්නවා. ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය කියන විදියට වසන්ත කාලයේ දී ඔවුන් 50,000හේ හෝ 500,000යේ සුපිරි රංචු ලෙස දැක ගන්න පුලුවන්. ටයිමීර් කියා හැඳින්වෙන සයිබීරියානු තුන්ද්‍රා බිම්වල ඉන්නා පිනිමුවන් විශේෂය තමයි ලෝකයේ විශාලතම සත්ව රංචුව ලෙස සැලකෙන්නේ. පර්යටන කාලයට ඔවුන් එක් පළාතක සිට තවත් පළාතකට යන්නේ ආරක්ෂාවට මිලියන ගණන් එකට එක්වයි.
0 Comments