“ස්වාමීනි, නස්රුදින් අපිට විහිළු කරනවා, සරදම් කරනවා. එයා අපේ ජීවිතවලට ලොකු හිරිහැරයක්. තවදුරටත් ඒවා අපට ඉවසන්න බැහැ. එයාට මේ ගමෙන් යන්න කියලා නියෝගයක් දෙන්න.” ඔවුන් හැමදෙනාම එක පයින්ම ඉල්ලා හිටියා.
නඩුකාරතුමා නස්රුදින්ට කැඳවීමක් යැව්වා.
“නස්රුදින්, මේ ගමේ මිනිස්සු හැමෝම ඇවිත් මගෙන් ඉල්ලා හිටියා, ඒ අයට තමාගෙන් කරදර නිසා තමාව මේ ගමෙන් යවන්න කියලා. ඒ ගැන කියන්නයි, මං තමාට එන්න කීවෙ.” නඩුකාරතුමා කීවා.
“ඒක මුළු ගමේ ම ඒකමතික තීන්දුවක්ද?” නස්රුදින් පෙරළා ඇහුවා.
“ඔව් හැම දෙනාම එක පයින්ම කියා සිටිනවා. තමාව මෙහෙන් යවන්න කියලා”
“එහෙමනං, ඒ අදහසට විරුද්ධ වෙන්න බැහැ නෙ. ස්වාමීනි මට ඉන්නේ මං විතරයි. ඒ අයගේ පිරිස විසාලයි නොවැ. ඒ අයට කියන්න මේ ගම එපා නම් වෙනත් පළාතකට ගිහින් ගමක් හදාගෙන ජීවත්වෙන්න කියලා. ඒක ඒ අයට කරන්න ලේසියි. ඒ අය හුඟක් ඉන්න නිසා. මං මේ තනි මිනිහා කොහොමද වෙන පළාතකට ගිහින් තනිවම ගෙයක් හදාගන්න තියා ඒ වගේ දෙයක් පටන්ගන්නවත් හිතන්නෙ. ඒ හින්දා මේ ගමෙන් යාම මං ප්‍රතික්‍ෂේප කරනවා.” නස්රුදින් කීවා.
- පර්සි ජයමාන්න
0 Comments