අප්‍රිකාවේ තණ බිම්වල ඇති වන අද්භූත කෘෂි චක්‍රවලට හේතුව කිරි ශාක විශේෂයක් යැයි දැන් සොයා ගෙන තියෙනවා. ඒ පිළිබඳව නවතම පර්යේෂණාත්මක අධ්‍යයනය කළ පිරිස් කියන්නේ යුෆෝබියා (Euphorbia) ගණයේ ශාකයක් මිය යාමට කලින් පසට නිකුත් කරන උග්‍ර විෂක් නිසා එ් විෂ බලපාන පරිසරයේ කිසිවක් නොවැවෙන බවයි. මේ විෂ වර්ගය ඒ ප්‍රදේශයේ වෙසෙන ස්වදේශිකයන් (bushmen) ඔවුන්ගේ ඊතල විස පොවන්නට යොදා ගන්නා බවයි.
දකුණු ඇංගෝලාවත් දකුණු අප්‍රිකාවේ උතුරු කොටස තෙක් භූමි ප්‍රදේශය තුළ මේ කෘෂි චක්‍ර සිය දහස් ගණනක් හමුවෙනවා. ඒවා මීටර 2ත් 15ක් අතර විවිධ ප්‍රමාණයේ විෂ්කම්භවලින් යුක්තයි.
විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, මේ අද්භුත කෘෂි චක්‍ර අඳින්නේ පිටසක්වලින් පැමිණි ජීවීන් පිරිසක් නොව මේ සංසිද්ධිය ඇති කරන්නේ එක්තරා ශාක විශේෂයන් විසින් බවයි. ඔවුන් ඒ ශාක විශේෂය හඳුන්වන්නේ ඒවා යුෆෝබියා (Euphorbia) කුලයට අයත් ශාක ලෙසයි. ඒ කුලයට අත් ශාක දෙකක් ඔවුන් නිශ්චිතව දක්වනවා. විද්‍යාත්මකව ඒවා හැඳින්වෙන්නේ යුෆෝබියා දමරාන (E. damarana) හා යුෆෝබියා ගමිෆෙරා (E. gummifera) කියලයි. ඒවා මිය යන විට ඒ ශාකය තිබුණු ප්‍රදේශය වටේට කිසිතැනකට ජලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙනත් කිසිවක් වැවෙන්නේත් නැහැ. ඒ තැන් පෙනෙන්නේ හරියට කිසියම් අද්භූත සත්වයෙකුගේ පාදයකට පිළිස්සී ගිය සෙයක්.
මේ ශාක කුලයට අයත් යුෆෝබියා ග්‍රෙගේරියා (E. gregaria) මේ ජලරෝධක ලක්ෂණය තියෙනවා ඔවුන් කියනවා. ඒත් මේ ශාක කුලයට අයත් අප දන්නා ශාක තමා දළුක් (E. antiquorum), නවහන්දි (E.tirucalli), බිං දදකීරිය (E.thymifoila) වගේ ඒවාටත් ජලරෝධක ලක්ෂණ තියෙනවාදැයි මා දන්නේ නැහැ.
මේ විද්‍යාඥයන් කියන්නේ මේ යුෆෝබියා ශාක මිය ගිය පසු ඒ අවට උෂ්ණත්වය වැඩිවීමක් සිදුවෙනවා. ඒ නිසයි, කිසිවක් එහි නොවැවෙන්නේ. ශාකය ඇති කරන චක්‍රයට තමයි කෘෂි චක්‍රය කියන්නේ. මේ හෙළිදරවුව කර ගත් අධ්‍යයනය සිදු කළේ දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා විශ්ව විද්‍යාලයේ හා රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි ITMO විශ්ව විද්‍යාලයේ පර්යේෂක විද්‍යාර්ථීන් කීපදෙනකුගේ එකතුවෙනුයි.
‘අප මේකට අත ගහනකොට මේ කෘෂි චක්‍ර ඇතිවීම ගැන මත ගණනාවක් ම ප්‍රසිද්ධව තිබුණා.’ යැයි ප්‍රෙටෝරියා විශ්ව විද්‍යාලයේ ශාක හා පංශු විද්‍යා අංශයේ මහාචාර්ය මේරියන් මේයර් ප්‍රකාශ කරනවා. ‘ඒවා කොයිතරම් විවිධ ආකාරයට සිදු වුණාද කීවොත් ඒ සංසිද්ධිය ඔප්පු කීරීම ඉතා අසීරු දෙයක් වුණා’ වැඩිදුරටත් කියනවා.
යුෆෝබියා කිරි වෑස්සෙන ශාක විශේෂයක්. ඒ කිරි විෂ සහිතයි. ඒ කිරි ඇස්වල ගෑවුණොත් අන්ධ වීමට ඉඩ තියෙනවා. ඒ වායේ ශාක පත්‍ර මාංසල සහිත නිසා ජලය නැති ශූෂ්ක ප්‍රදේශවල වුවත් වැවෙනවා. ඒ පත්‍රවල ජලය රැස්කර ගැනීමට ඇති හැකියාව නිසයි.
මේ කෘෂි චක්‍ර මතු වී ඇත්තේ කි.මී 50ත් 100ත් (සැතැපුම් 30ත් 60ත්) අතර පටු බිම් තීරයකයි. ඒ බිම් තීරුව අත්ලාන්තික් සාගරයේ සිට භූමිය ඇතුළට වෙන්නයි, පිහිටා තියෙන්නේ. එය නිරිතදිග ඇන්ගෝලාවේ සිට නැමීබියාව හරහා දකුණු අප්‍රිකාවේ වයඹදිග ප්‍රදේශය තෙක් විහිදෙනවා.
‘මම පශ්චාත් උපාධි අපේක්ෂකයන් හතර දෙනක් සමග වසර කීපයක් තිස්සේ පාංශු රසායන විද්‍යාව පැත්තෙන්, ඒ වගේම ජීවවිද්‍යාත්මක විෂ නිපදවීම හා භූවිද්‍යාත්මක අතින්.’ මහාචාර්ය මේයර් කියනවා. ‘අපි සම්පූර්ණයෙන් ම හෙළිකර ගත්තා යුෆෝබියා කිරි ශාක පඳුරු තමයි, අදත් මේ සංසිද්ධියට හේතුව බව.’
ඒ නිසා පර්යේෂකයන් ඒ සතුන් ගැනත්, පාංශු ක්‍රියාකාරිත්වය ගැන ඉතා සූක්ෂම අයුරින් පරීක්ෂා කර බැලුවා. පාංශු රසායන හා ද්‍රව විද්‍යාවන් අතින් විමර්ශන කළා. වෙනත් ගුප්ත චක්‍ර ගැනත් සොයා බැලුවා. එහෙම සොයා බලලයි මේ පරීක්ෂණය සම්පූර්ණ කළේ.
මේ ගුප්ත චක්‍ර පිළිබඳ පැවති මතවලට,පැහැදිලි විද්‍යාත්මක සාධක නොතිබුණු නිසා මහාචාර්ය මේයර් විවිධ පැතිවලින් අධ්‍යයනයක් කරන්න 2015 දී ආරම්භ කළා. එහි දී වැඩි අවධානයක් යොමු කෙරුණා මේ ගුප්ත චක්‍රවලට, ඒ වගේම පාංශු විද්‍යාත්මක හා ජලය ගැන විමර්ශනය කිරීමට.
යුෆෝබියා ශාකය තමන් වැඩෙන වැලි සහිත පොළොවේ බීජ ප්‍රරෝහණය වළක්වනවා. පස තුළ ක්ෂද්‍ර ජීවින්ගේ වැඩීම ද වළක්වනවා. මෙ වෙනස්කම් අනුවයි ගුප්ත චක්‍ර ඇති වන්නේ.
0 Comments