මීළඟට හඳට යන කණ්ඩායමට ඔබටත් එක් වෙන්න අවස්ථාවක්! ලෝකයේ කොහේ හිටියත් මේ සඳහා ඔබටත් මේ සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්. 2023 දී තමයි හඳ බලා ගමන් අරඹන්නේ. එය කරන්නේ ලෝකයේ ඉහළම ධනවතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානයක් මගින් යන මේ මුල් ම ගමනට සියලුම බර පැන දරන්නේ ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන යුසාකු මෙෂාවා (Yusaku Maezawa) යි. දැනටමත් ඒ සඳහා ඔහු ඒ සඳහා මුදල් ගෙවා අවසන්. ඔහු මුලින් සිතා සිටියේ තමාගේ මිතුරන් අතරින් අට දෙනකු තෝරා ගන්නටයි. ඒත් පසුව ඔහු ඒක සකල ලෝකයාට ම විවෘත කරන්න තීරණය කළා. දැන් ලොව කෙනෙකුුට ඉල්ලුම් කරන්න පුලුවන්.
ඔබට හඳට යන්න ඇරයුම් කරන ජපානයේ බිලියනපති ව්‍යාපරිකයා -යුසාකු මෙෂාවා.
ඔහු ඒ වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කීවේ, ‘මම සියලුම ආසන මුදල් ගෙවා වෙන් කරවා ගත්තා. දැන් මේක පුද්ගලික සංචාරයක්! දැන් ලෝකයේ සෑම ජන සමාජයකට ම අවස්ථාව දෙන්න මං බලාපොරොත්තු වෙනවා. මා ගානේ නොමිලේ ලැබෙන විස්මිත සංචාරයට එක් වන්න ඔබටත් පුලුවන්.’ කියායි.
1972 න් පසු මිනිසුන් රැගත් යානයක් හඳ බලා යන්නේ මේ පළමුවන වතාවටයි. මේ සඳ ගමන නම් කර ඇත්තේ dearMoon (ආරණීය සඳ) කියායි. ස්පේස්එක්ස් රොකටයකින් තමයි, මේ ගමන යන්නේ. මේ ගමන සඳහා යන අයට කොන්දේසි දෙකක් විතරයි, ගමනට බර පැන දරණ යුසාකු මෙෂාවා ඒ ගැන මෙහෙමයි කියන්නේ. ‘මේ චාරිකාවට එක්වෙන අයගෙන් මං බලාපොරොත්තු වෙනවා අභ්‍යවකාශගාමී මගීන් විසින් සපුරාලිය යුතු නිර්ණායක දෙකකට එකඟ වීමක්. පළමු වැන්න, ස්පේස්එක්ස් යානයෙන් යන මගීන්ට, සෙසු ගමන් සගයන්ට, අවශ්‍ය ඕනෑම විටෙක ඕනෑම මට්ටමක උපකාරයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි. ඒ වගේ ම යානයේ කාර්ය මණ්ඩලයට සෑම අයුරකින් ම සහය වීමට එකඟ වෙන්න ඕනෑ.’ මෙෂාවා කියනවා.
ඊලෝන් මස්ක් සැලසුම් කර ඇත්තේ මේ මුල් ම සඳ ගමන 2023 දී යාමටයි. ඔහු හඳ ගමනින් නතර වෙන්නේ නෑ. අඟහරු බලා යන්නත් එහි ජනපද පිහිටුවන්නත් ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහු ලන්ඩනයේ රාජකීය සංගමය විසින් FRS සම්මානයෙන් පුදනු ලැබූ අයෙක්. ලෝකයේ ඉහළ ම කීර්තියක් හිමි කර ගෙන සිටින මේ සම්මානයෙන් අතීතයේ පිදුම් ලැබුවේ චාල්ස් ඩාවින්, මයිකල් ෆැරඩේ, අර්නස්ට් රදර්ෆර්ඩ්, සිරිනිවාස රාමනුජාන්, ඇල්බට් අයින්ස්ටයින්, වින්ස්ටන් චර්චිල්, ටිම් බර්නර්ස් ලී, වැනි අයයි. අභ්‍යවකාශතරණයට විතරක් නොවෙයි, මස්ක් ටෙස්ලා විදුලි මෝටර් රථයේ නිර්මාතෘත් ඔහුයි. ස්පේස් එක්ස් අභ්‍යවකාශ වැඩ පිළිවෙළත් ඔහුගේ නිර්මාණයක්. ඔහු 2021 මුලදී ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයා වුණේ ඔහුයි. අද ඔහු දෙවැනි බවට පත් වෙනවා ඇමසන් හිමි ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ට.
- පර්සි ජයමාන්න
0 Comments