HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අදට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් විස්මිත කාන්තා මහිමයන් විමසමු!

ලෝක කාන්තා දිනය අදයි. සෑම වසරකම මාර්තු 8 වැනිදා කාන්තා දිනය ලෙස සමරනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තා දිනය ඔවුන් සැමරුම් දින දර්ශනයට ඇතුළත් කර ගත්තේ 1975 දී වුනත් කාන්තාවන් සඳහා වූ ජාත්‍යන්තර ‍‍‍දිනයක් අවශ්‍යයයි කියා මුලින් ම යෝජනාවක් ගෙනාවේ, ඊට අවුරුදු හැට අටකටත් පෙරයි. ඒ ක්ලේරා සෙට්කින් නම් කාන්තාවක්. ඇය මේ යෝජනාව ඉදිරිපත් කළේ 1910 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර පැවති අන්තර්ජාතික කාන්තා සමුළුවකදියි. රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100ක් පමණ ඊට සහභාගිවූ අතර ඒ සියලු දෙනා ම එක හඬින් එය අනුමත කළා. 

ක්ලේරා සෙට්කින්

ඊට වසර දෙකකට කලින් 1908 දී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වැඩ කරන කාන්තාවන් 15,000 පමණ කාන්තාවන් පිරිසක් විරෝධතා පා ගමනක යෙදුණා, කාන්තාවන්ගේ ඉල්ලීම් කීපයක් මුල් කර ගෙන. ඒ කාලේ ඇමරිකාවෙ කාන්තාවන්ට දිනකට වැඩ කළ යුතු පැය ගණන පිරිමින්ට වඩා වැඩියි. ඒ වගේ ම පිරිමින්ට වඩා කාන්තාවන්ට පඩිත් අඩුයි. ඒ නිසා දිනකට වැඩ කරන පැය ගණන අඩු කර දෙන ලෙසත්, පඩි වැඩි කරන ලෙසත්, ඡන්දය දීමේ අයිතියත් ඉල්ලමින් තමයි, මේ උද්ඝෝෂණයි සිදු කළේ. මේ ඉල්ලීම අනුව 1909 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 1911 දී ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ජර්මනිය හා ස්විට්සර්ලනතය යන රටවල් කාන්තා දිනයක් සමරන්න බටන් ගත්තා. ඒ අනුව මේ සමරනු ලබන්නේ 110 වැනි කාන්තා දිනයයි. 

1975 වසරේදී එක්සත් ජාතීන් විසින් ‘අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු,’ යන්න තේමාව කර ගෙන මාර්තු 8 වැනි දින එය මුල්වරට සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබුණා. එහි 2021 තේමාව වන්නේ ‘කාන්තාවගේ නායකත්වය තුළින් කෝවිඩ් -19 ලෝකයේ සාමාන වූ අනාගතයක් සාක්ෂාත් කර ගනිමු’ යන්නයි. 

දන්නවාද? ලොව පුරා කාන්තාවන් පිළිබඳ විස්මිත තොරතුරු කෙටියෙන්...

ලෝක කාන්තා දිනය ලෙස ලොව රටවල් වැඩි ගණනක් සමරන්නේ මාර්තු මාසේ 8 වැනිදා බව. 

ලෝක ළමා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති රටවල් අතර රුසියාව, ලාඕසය, නේපාලය, මොංගෝලියාව, කියුබාව, උගන්ඩාව, ජෝර්ජියාව, කාම්බෝජය, එරිත්‍රියාව, ඇෆ්ඝනිස්ථානය, ඇන්ගෝලාව, ආමේනියාව, අසර්බයිජානය, කසකස්ථානය, බෙලාරූස්, කිර්ගිස්ථානය, ගිනිබිසවු, බුර්කිනා ෆාසෝ, මෝල්ඩෝවා, තුර්ක්මේනිස්ථානය ඇතුළත් වෙන බව. 

ලෝක කාන්තා දිනය, කාන්තාවට විතරක් සීමා වූ නිවාඩු දිනයක් කර ඇති රටවල් දෙකක් ඇති බව. ඒ චීනය හා මැඩගස්කරය බව. 

ලෝක කාන්තා දිනය ජර්මනියේ බර්ලින් නගරයේ ඉන්නා පමණක් කාන්තාවන්ට නිවාඩු දිනයක් බව. 

ජගත් කාන්තා දිනයට වර්ණ තුනක් නියම කර තියෙන බව. ඒවා නම් දම්පාට, කොළ පාට සහ සුදු පාට බව. 

ලොව පුරා සියලු ම රටවල සරණාගත හා අවතැන්වූ කඳවුරුවල සිටින මුළු ජනයාගෙන් සියයට 80ක් සිටින්නේ කාන්තාවන් බව. 

සෑම ගැබිනි කාන්තාවන් හතර දෙනකුගෙන් එක් කෙනකු කායික හා ලිංගික අතවරවලට ගොදුරු වෙන බව. 

සෑම තත්පර 90කට වරක් කාන්තාවක් ගැබිනි අවස්ථාවේදී හෝ දරු ප්‍රසූතියේ දී හෝ මිය යන බව. මේ තත්වය, කාන්තාවන්ට වෙනස්කමකින් තොර ව නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ වැළක්විය හැකි බව. 

ලෝක ජනගහනයෙන් එක් කෝටි හැට හතර ලක්ෂයක් (මිලියන 16.4ක් ) එච්අයිවී ආසාදනයෙන් හෙවත් ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින බව. 

ලෝකයේ මුළු ජනගහනයෙන් සියයට 70ක් කාන්තාවන් ඉන්නේ දිළිඳු බවේ පතුළේයි. ඉන් වැඩි දෙනෙක් උපයන්නේ දිනපතා රුපියල් 200කටත් අඩු ආදායමක් බව. 

ලොව පුරා අවුරුදු 18 අඩු වයසින් විවාහ වූ ගැහැනු දරුවන්, එනම් ළමා අම්මලා 6 කෝටියක් (මිලියන 60ක්) ඉන්නා බව. 

ලෝකයේ කාන්තාවන්ගෙන් 60 කෝටි තිස් ලක්ෂයක් (මිලියන 603ක්) වෙසෙන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපරාධයක් යැයි නොසලකන රටවල බව. 

කාන්තාවන් දවසකට වචන විසි දහසක් පිට කරන බව. එය පිරිමින් පිට කරන වචන ප්‍රමාණයට වඩා 13දහසකින් වැඩි බව. 

රුසියාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා මිලියන නමයකින් කාන්තාවන් වැඩි බව. 

කාන්තාවක් සිය මුලු ජීවිත කාලය තුළ අවුරුද්දක් ම ගත කරන්නේ තමන් අඳින්නේ මොනවාදැයි ‍තේරීමට බව. 

සාමාන්‍යයෙන් කාන්තාවන් වසරක් තුළ දී 30ත් 64ත් අතර වාර ගණනක් හඬන බව. මෙය පිරිමින්ගේ සාමාන්‍යය 6ත් 17ත් අතර බව. 

සාමාන්‍ය මිනිසකු දවසකට හය වතාවක් බොරු කියන බව. කාන්තාවන් එමෙන් දෙගුණයක් පොරු කියන බව. 

කාන්තා මරණවලට හේතු වන රෝග අතුරෙන් අංක 1 වශයෙන් සැලකෙන්නේ හෘදරෝග බව. 

තමන් ලස්සනයැයි කියා ගන්නේ කාන්තාවන් අතරින් සියයට 2ක් පමණක් බව. 

කාන්තාවක් මිනිත්තුවකට ඇසිපිල්ලන් ගහන වාර 19ක් වන අතර පිරිමින් ඇසිපිල්ලන් ගහන්නේ 11 වතාවක් පමණක් බව. 

ලොව කාන්තාවන් අතරින් සියයට 80ක් අඳින්නේ වැරදි ප්‍රමාණයේ බ්‍රසියරයන් බව. 

වන්ඩර් වුමන් චිත්‍රපටයේ එන සුපිරි වීරවරිය

පර්යේෂණවලට අනුව පිරිමිනට වඩා කාන්තාවන් වැඩිපුර රාත්‍රියේ සිහින දකින බව. එයින් වැඩිපුර ඔවුන් දකින්නේ හැඟීම් දනවන සිහින බව. 

ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් සියයට 6-10ත් ගණනක් සිරගත කරන අවස්ථාවේ දී ගැබිනියන්ව සිටි බවට වාර්තා වෙනවා. වසරක් පාසා සිරගෙවල් තුළ උපදින ළමුන් සංඛ්‍යාව 1400ක් පමණ වන බව. 

ඇමරිකාවේ කාන්තාවන්ගෙන් සියයට 60ක් විශ්ව විද්‍යාල උපාධිධාරීන් බව. 

ලෝකයේ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන ජපානයේ ‘ටේල් ඔෆ් ගෙන්ජි’ (The Tale of Genji) ක්‍රිස්තු වර්ෂ 1000 දී ලියා ඇත්තේ ද කාන්තාවක් විසින් බව.

 ලොව සුපිරි වීරවරියක ගැන කියැවෙන වන්ඩර් වුමන් (Wonder Woman) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පැටි ජෙන්කින්ස් නම් ඇමරිකානු කාන්තාවක් විසින් බව. 

 ඔබේ වාහනයේ ඉදිරි වීදුරුවේ ඇති පිසදමනය (විනිඩ්ෂීල්ඩ් වයිපරය) 1903 දී නිර්මාණය කළේ කාන්තාවක් (මේරි ඇන්ඩර්සන්) විසින් බව. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments