HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ විසූ විශාලතම කුරුල්ලා ඕස්ට්‍රේලියාවෙන් හමු වෙයි!

වසර 50,000කට පෙර ඕස්ට්‍රේලියාවේ විසූ දැවැන්ත කුරුලු රාජයාගේ පොසිලයක් හමු වී තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ආදීවාසීන් විසින් ලොකු කුරුල්ලා යන අරුතින් මිහිරුන්ස්’ (mihirungs) කියා හඳුන්වන මේ කුරුලු විශේෂයටත් පියෑඹීමට හැකියාවක් නැහැ. ඒ කුරුලු දැවැන්තයා සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනි (Dromornis stirtoni) කියායි. ඌ උසින් මීටර 3ක් (අඩි 10ක්) වෙනවා. බර කිලෝ ග්රෑම් 600ක් (රාත්තල් 1,323ක්) වෙනවා. 

මේ යෝධ කුරුල්ලාගේ හිස් කබල අඩි එකහමාරක් (සෙ.මී. 45ක්) වූ නිසා උගේ මොළයට 
ලොකු ඉඩක් වෙන්වී තිබුණා. ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයන් පොසිල ඇසුරෙන් නිර්මාණය 
කළ අඩි 10ක් උස, රාත්තල් 1,323ක් බර ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනි‍ නම් කුරුලු යෝධයා.

සීටී ස්කෑන් යන්ත්‍රයක් පාවිච්චි කර, වෙනත් කුරුල්ලන්ගේ මොළයන් හා සසඳමින් මේ දැවැන්ත කුරුල්ලාගේ මොළය ගැන නිගමනයකට ආවා. උගේ හිස් කබලේ දිග මීටර බාගයක් විතර වන නිසා මොළයත් විශාල එකක් විය යුතුයි කියා ඔවුන් නිගමනය කළා. දේශ ගුණය හා ආහාර අනුව උගේ මොළය විටෙක ලොකුවටත් තවත් විටෙක කුඩාවටත් පිහිටන්න ඇතැයි ඔවුන් සිතනවා. 

ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනි තමයි ඕස්ට්‍රේලියාවේ විසූ ඒ වර්ගයේ ලොකුම කුරුල්ලා. වසර 50,000කට පෙර ඌ වඳවී යන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 

‘උගේ දැවැන්ත හොටට ඉහළින් ලොකු ඇස් ඉදිරියට යොමුවී තියෙන්න ඇති. උන්ගේ මොළයේ හැඩය හා ස්නායු පිහිටීම අනුව මේ කුරුල්ලන්ට හොඳින් වර්ධනය වූ ත්‍රිමානේක්ෂ දෘෂ්ටියක් හ‍ෙවත් ගැඹුර දැකීමේ හැකියාවත් තිබෙන්නට ඇතැයි මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ලියූ වොරන් හෑන්ඩ්ලි කියනවා. 

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයකු කීවේ මේ කුරුල්ලන් මෘදු කොළ වර්ග හා පලතුරු ආහාරයට ගන්නට ඇති කියායි. ඔහු තවදුරටත් කියන්නේ මේ අපූරු කුරුල්ලන් විල් හා ගංගාශ්‍රිත වනාන්තරවල ඉතා දිගු කලක් ජීවත් වන්නට ඇත කියායි. 

වසර මිලියන 24කට පෙර විසූ කුරුලු විශේෂයේ පටන් අවසාන කුරුල්ලා වශයෙන් සැලකෙන 
 මෝනිස් ස්ටිර්ටෝනි‍ දක්වා පොසිල රාශියක් ස්කෑන් කර විමර්ශනය කෙරුණා. ඒ එක් පැරණි 
කුරුල්ලකු වූ ඩ්‍රෝමෝනිස් ප්ලේනේගේ හිස් කබල හා රූප මාධ්‍යයට නැඟූ මොළයක් (වමේ). 
වර්මානයේ කුරුල්ලකගේ මොළයක රූපයක් (දකුණේ) සමග සසඳා ඇති ආකාරය.

පරිගණක භාවිත කර කරන නවීන රූප නිර්මාණ ක්‍රමවේදයන් යොදා ගෙන ඔවුන්ගේ ස්වරූපය සැකසූ විට එය එතෙක් කිසිදාක නොදුටු ආකාරයේ කුරුල්ලකු දැක ගත හැකි වුණා. 

මේ අධ්‍යයනයේ දී ඩ්‍රෝමෝනිතිඩ්ස් පොසිල ශේෂයන් මහත් රාශියක් පර්යේෂකයන් සසඳා බැලුවා. ඒ වසර මිලියන 24කට පෙර පටන් ඔවුන්ගේ අන්තිම කුරුල්ලා ලෙස සැලකෙන ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනි දක්වා දිගු කාල පරාසයකට අයත් ඒවායි. 

විශාල කාල පරාසයකට අයත් කුරුලු විශේෂ ගණනාවකගේ පොසිල ඔවුන්ගේ අවධානයට ලක්වුණා, වසර මිලියන 24කට පෙර විසූ ඩ්‍රෝමෝනිස් මුරායිගේ පොසිල, වසර මිලියන 12කට පමණ පෙර විසූ ඩ්‍රෝමෝනිස් ප්ලේනේ හා ලිබඩෝනිස් වුඩ්බර්නේ පොසිල හා වසර මිලියන 7කට පමණ පෙර විසූ ඩ්‍රෝමෝනිස් ස්ටිර්ටෝනිගේ පොසිල ඒ අතරට අයත් වුණා. එහිදී තමයි ඔවුන්ට දැක ගන්න ලැබුණේ ඒ කුරුල්ලන්ගේ පොසිල අනුව මොළයේ ප්‍රමාණයන් කලින් කලට වෙනස් වූ බව. 

ඔවුන් කියන්නේ මේ යෝධ කුරුල්ලන් දැන් ඉන්නා කුකුලන්ට හැඩයෙන් සමාන බවයි. ඕස්ට්‍රේලියානු මලීෆවුල් (Australian malleefowl) කුකුළු විශේෂයට බොහෝ සෙයින් සමාන බවයි. මේ කුරුල්ලන් වත්මන් කුකුලන් හා තාරාවන්ට පෙනුමෙන් සමාන වුවද ඔවුන් පැවත එන නියම කුරුලු විශේෂය තවමත් හෙළිකර ගෙන නැතැයි මේ අධ්‍යයනයට දායක වූ තවත් පොසිල විද්‍යාඥයකු වූ ට්‍රෙවර් වර්දි කියනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments