HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හයිඋන්ඩේ (Hyundai) මෝටර් රථ සමාගමේ විස්මිත ඇවිදින කාරය මෙන්න!

දැන් අඟහරු ග්‍රහයාගේ ජනාවාස පිහිටුවන්නට යන නිසා හයිඋන්ඩේ (සමහරු මෙය ‘උන්දායි’ හෝ ‘හයිඋන්දායි’ හෝ හන්ඩේ කියා උච්චාරණය කරනවා) මෝටර් රථ සමාගම දැන්ම ම ඊට සූදානම් වෙනවා. ඔවුන්ගේ අලුත්ම කාරය දෙපා මරු කරනවා වාගේ ඇවිදගෙන යන්න පුලුවන් එකක්. ඕනෑම රළු බිමක වුනත් මේ කාරයෙන් යන්න පුලුවන්. හයිඋන්ඩේ සමූහ ව්‍යාපාරය දකුණු කොරියාවේ සෝල් නුවර මූලස්ථානය කර ගත් සමාගමක්. අද එහි අනුබද්ධ නිෂ්පාදන ආයතන ඇමරිකාවේත් යුරෝපයේත් තියෙනවා.

මෙය ඇමරිකාවේ හයිඋන්ඩේ අනුබද්ධ සමාගමක නිපදවූවක්. ඔවුන් මෙය හඳුන්වා ඇත්තේ ටයිගර් (TIGER) කියලයි. බැලූ බැල්මට ‘ව්‍යාඝ්‍රයා හෝ කොටියා’ යන අරුත් එයට දිය හැකි වුවත් ඒ වදන ඔවුන් හදාගත් අක්නමක්. (acronym) ඒ කියන්නෙ වචන කීපයක මුල් අකුරු එක්කොට තනාගත් නමක්. එය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ TIGER - Transforming Intelligent Ground Excursion Robot කියලයි. අරුත ‘නව මුහුණුවරක් ගත් බුද්ධිමත් භූමි චාරිකා රොබෝ රථය’යන්නයි. එය 2019 දී ඔවුන් ඉදිරිපත් කළ ස්වයංක්‍රීය ‘එලිවේට්’ (Elevate) රථයේ නවෝත්පාදනයක්. 

හයිඋන්ඩේ (Hyundai) මෝටර් රථ සමාගමේ විස්මිත ඇවිදින කාරය මෙන්න!

2019 දී ඔවුන් ඉදිරිපත් කළ එලිවේට් රථයේත් පාද හතරක් සමග දෙදෙනකුට යාමේ හැකියාව තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් ‘බොස්ටන් ඩයනමික්ස්’ නම් රොබෝවන් තනන සමාගමේ සහය ලබා ගත්තා. පසුගිය දෙසැම්බරයේ ඔවුන් ඒ ආයතනය ඩොලර් බිලියන 1.1කට මිල දී ගත්තා. ඒ අනුව මේ නව යානය තනා ඇත්තේ හයිඋන්ඩේ මෝටර් සමූහ ව්‍යාපාරයට අයත් ‘නිව් හොරයිසන්ස් ස්ටුඩියෝ’ (New Horizons Studio) නම් නව නිෂ්පාදනායතනයකින්. 

එහි ප්‍රධානියා වූ ආචාර්ය ජෝන් සූ (Dr. John Suh) කියන්නේ, ‘ටයිගර් වැනි වාහන සැලසුම් කිරීමේ දී අපේ නිර්මාණශීලී හැකියාව දියුණු කිරීමට මග පෑදෙනවා. අනාගත ප්‍රවාහනය හා සංචරණය පිළිබඳ නව සංකල්ප අප තුළ ඇති වෙනවා. අපට නව ආරකින් අපේ නිෂ්පාදන ඉදිරිපත් කරන්න මඟ පෑදෙනවා.’ කියායි. 

ඕනෑම දුෂ්කර බිමක යා හැකි හයිඋන්ඩේ ටයිගර් රථය

තවමත් මූලික අදියරෙහි පවතින මේ නිෂ්පාදනය අප පෙන්වා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද හතරේ වාහනයක් පාද හතරක් ඇති ඇවිදින යන්ත්‍රයක් බවට පත් කරන්නේ කෙසේද යන්නයි. අනාගතයේ විවිධාකාරයේ වාහන පෙළක් තැනීමට මෙයින් මග පෑදෙනවා. 

මෙහි පාද හතරට සම්බන්ධ වී මෝටර 28ක් හා සංවේදක 28ක් තියෙනවා. මේ නිසා මෙයට ඉදිරියට, පසුපසට හා දෙපැත්තට යන ඕනෑම අතකට යන්න පුලුවන්. ඕනෑම බාධකයකට උඩින් පැන යන්නට පුලුවන්. 

හයිඋන්ඩේ ටයිගර් රථය හඳුන්වා දෙන වීඩියෝව සඳහා පහත බලන්න! 

ටයිගර් යානය සාමාන්‍ය මෝටර් රථයකට වඩා එහා ගිය දෙයක්. ස්වයංක්‍රීයව ක්‍රියාකරන මොටෝ රියක් වන එය මිනිසුන් ගෙන යාමට වඩා සාමාන්‍ය වාහනයකට යා නොහැකි තැන්වලට ආධාර යැවීමට නිමවූ එකක්. එය ස්වාභාවික ආපදාවකදී මිනිසුන්ට ළඟා විය නොහැකි තැන්වලට ආධාර යැවීමටත්, ඉල්ලකයකට බඩු ප්‍රවාහනය කරන්නටත් යොදා ගන්න පුලුවන්. ලොව වෙනත් හදිසි ආපදා රථවලට වඩා මෙය වැඩි දියුණු කළ එකක්. මෙහි රෝද හතරම වෙන වෙන ම ක්‍රියා කරනවා. ඉදිරියේ බාධකයක් ඇති විට ඒ බාධකය හඳුනා ගෙන පාදයක් මිනිසකු පාදයක් ඔසවා තබන්නාක් මෙන් රෝදය සවි කළ පාදය ඒ බාධකය උඩින් තබා එය මැඩගෙන ඉදිරියට යාම මේ රථයට ඉතාමත් පහසු දෙයක්. 

යානයේ පාදම කොටස වූ පාද සේ දික් කළ රෝද සවි කළ අත් වෙන වෙනම හැරවිය හැකියි.

මෙය සැලසුම් කර තැනීමට විශේෂඥයන් රාශියකගේ සහය ලැබුණා. හයිඋන්ඩේ ආයතනය කියනවා.

‘මෙහි මුල් ම මාදිලිය ටයිගර් එක්ස්-1 තැනීමට විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික හා සැලසුම් විශේෂඥයන් රාශියකගේ දායකත්වය ලැබුණා.’ හයිඋන්ඩේ ආයතනය කියනවා. එය සූට් එකක් තරම් ඇති. අඟල් 32ක් දිග අඟල් 16ක් පළලින් යුතුයි. බරින් රාත්තල් 26ක්. ඒ මත සවි කර මිනිසුන් සහිත ස්වයංක්‍රීය ඩ්‍රෝන යානයක් ගෙන යා හැකියි. ඉලක්කයට යා නොහැකි බාධකයක් යෙදුනොත් අහසින් ගොස් සහන සලසනු පිණිස එහි ඩ්‍රෝනය මුදා හැරිය හැකියි. 

කෙසේවෙතත් ඔවුන් මෙහි රෝද කකුල් එහා මෙහා කළ හැකි තාක්ෂණය හෙළිදරවු කරන්නේ නැහැ. පාද අකුළා ගත් පසු මෙයට සාමාන්‍ය මොටෝරියක් මෙන් රෝදවලින් වේගයෙන් ධාවනය කරන්න එයට පුළුවන්. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments