HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොත් කියවන්න විස්මිත ශීතකරණ පුස්තකාලයක්!

පොත් අපට උපන් දා සිට මැරෙනතුරු දැනුම සපයනවා. පාසල් කාලයේ දී පොත්වලින් දැනුම ලබා ගන්නා හැටි ඉගෙන ගන්නා අප ඉන්පසු පුස්තකාලවලින් නොකඩවා දැනුම ලබා ගන්නවා. ලෝකයේ ලොකුම පුස්තකාල වූ මිලියන 200කට වැඩි පොත් ඇතුළත් එක්සත් රාජධානියේ ලන්ඩනයේ හා බොස්ටන් ස්පාහී පිහිටි බ්‍රිතාන්‍ය පුස්තකාලය (British Library), මිලියන 170කට වැඩියෙන් පොත් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී.හී පිහිටි කොංග්‍රස් පුස්තකාලය (Library of Congress) පටන් අපේ ශ්‍රී ලංකාවේ ඈත කොණක වූ පාසලක ඇති තනි අල්මාරියක කුඩා පුස්තකාලයකින් වුනත් ඒ වගේ ම විශාල සේවයක් වෙනවා. 

නවසීලන්තයේ සංචාරයක යෙදෙද්දී මහ මඟ දුටු පුංචි පුස්තකාලයක් නිසා මට එරට පුස්තකාල ගැන ලියන්න සිදුවුනා. ඔබට මතක ඇති ‘මල්කැකුළු’ තුළින් ඒ ‘එක් ටැම්ගේ පුස්තකාලය පින්තූරත් එක්ක පළ කළා. අදත් ඒ වගේ අපූරු පුස්තකාලයක් හඳුන්වා දෙන්නයි, මේ හදන්නේ.නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී හොබ්සන්විල් පොයින්ට්වල හොබ්සන්විල් උද්‍යානයේ තමයි, අපුරු පුස්තකාලය තියෙන්නේ. ඉවත දමන ලද ශීතකරණයක් පුස්තකාලයක් සඳහා යොදා ගෙන ආකාරයයි. ලෝකයේ කිසිම තැනක මෙවැන්නක් ඇතැයි මං මෙ‍ෙතක් අසා තිබුණේ නෑ. 

මේ අපූරු පුස්තකාලය හඳුන්වා ඇත්තේ ‘පොතක් හුවමාරු කරන්න’ යන අරුත් ඇති Swap A Book නම් ඉංග්‍රීසි වදනින්. මේ පුස්තකාලය සොයාගෙන මාව දැනුවත් කළේ නවසීලන්තයේ ඉන්නා මගේ මිනිපිරිය ෂේන්යා (Shenya) යි.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments