HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කතාකාරයාටත් සෙන් කතාවක්!

එන්කෝ ප්‍රසිද්ධ කතාන්තර කියන්නෙක්.ඔහු කතාන්තරවලින් අසන්නන්ගේ හද බැඳ ගන්න හරිම දක්ෂයි. ඔහු ආදරය ගැන කතාවක් කිව්වොත් අසන්නන්ගේ හදවත් ආදරයෙන් පිරෙනවා. යුද්ධය ගැන කතාවක් කීවොත් අසන්නන්ට තමුනුත් යුද බිමට ගියා වගේ දැනෙනවා.ඔහු ඒ තරමට ම දක්ෂයි. 


දවසක් දා එන්කෝට, යමෝකා තෙෂූ හමුවුණා. යමෝකා සාමාන්‍ය අයකු වුනත් සෙන් සුධීමතකු වෙන්නට ආසන්න වූවෙක්. ‘මට අහන්න ලැබුණා, ඔබ මේ රටේ සිටින අති දක්ෂම කතාකරුවා කියලා. ඔබට ඔබේ කතා මගින් මිනිසුන්ව හඬවන්නත්, හිනස්සන්නත් පුලුවන් කියලා. මට කියන්න මගේ වඩාත් ප්‍රියතම පීච් ළමයාගේ කතාව. මං ඉතාම පුංචි කාලෙ මගේ අම්මා මට නින්ද යනකන් නිතරම වාගේ ඒ කතාව කිව්වා. ඒ කතාව අතර මැද මට නින්ද යනවා. මගේ අම්මා කියූ විදියටම ඒ කතාව මට කියන්න.’ 

එන්කෝ එක පාරට ම ඒ කතාව කියන්න ටිකක් බය වුණා. සූදානම් වෙන්න කල් ගත්තා. 

මාස කීපෙකට පස්සෙ එන්කෝ ගියා, යමෝකා හමුවන්නට. ‘ඒ කතාව කියන්න දැන් මට අවසර දෙන්න’ එන්කෝ යමෝකාගෙන් ඉල්ලා සිටියා. 

‘අද බැහැ. වෙන දවසක’ යමෝකා කීවා. 

එන්කෝට පසුබසින්නට සිදු වුණා. ඒත් ඔහු උත්සාහය අත් හැරියේ නැහැ. ඔහු ඒ ගැන කවදුරටත් අධ්‍යයනයේ යෙදුණා. ඊට පස්සෙ නැවතත් කතාව කියන්න අවස්ථාවක් ඉල්ලුවා. 

යමෝකා කීපවතාවක් ම එන්කෝගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එන්කෝ මේ ගැන කතා කරන්නට හදන කොට ම, යමෝකා ඔහුව අතින් නවතාලමින් කීවේ, ‘ඔබ තවමත් මගේ අම්මා වගේ නෙ‍ාවෙයි’ කියලයි. 

එන්කෝට වසර පහක් ගත වුණා, යමෝකාට එයාගෙ අම්මා කී ආකාරයට ඒ කතාව කියන්න. 

මේ විදියට තමයි, යමෝකා එන්කෝ කියන කතාකාරයාට සෙන් කියා දුන්නේ. 

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග්‍රන්ථයෙනි.)

Post a Comment

0 Comments