HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රාත්‍රියේ චන්ද්‍රයා ‘වෙවුලා යන’ අයුරු දැක්වෙන විස්මිත වීඩියෝවක්!

රාත්‍රි 22ක් ඉතාමත් කැපවීමෙන් දැඩි වෙහෙසක් ගෙන කැමරාවට නැඟූ දෙයක්.

ලූනා ඡායාරූප ශිල්පියකු වූ ඇන්ඩෲ මැකාති දවස් 22ක් දෙකක් තිස්සේ චන්ද්‍රයාගේ නොකඩවා ගත් ඡායාරූප දහස් ගණනක් එක්කොට අපූරු වීඩියෝවක් තනා තියෙනවා. මේ ගැන විස්තර නොදැන මෙය බැලුවොත් ඔබ හිතන්න බැරි නෑ මේක අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කොටස් කියා. ඒත් මේක ඇත්ත සිදුවීමක්. ලූනා ඡායාරූප ශිල්පියකු වූ ඇන්ඩෲ මැකාති වසර ගණනාවක් තිස්සේ සැලසුම් කරල නොකඩවා රාත්‍රි 22ක් ඉතාමත් කැපවීමෙන් දැඩි වෙහෙසක් ගෙන කැමරාවට නැඟූ දෙයක්. 

ඇත්ත වශයෙන් මෙහිදී සිදුවන්නේ ස‍ඳ‍ෙහි වෙවුලීමක් (wobbling) නෙමෙයි, සන්තුලනයක් (libration) එහෙමත් නැත්නම් දෝලනයක් වගේ දෙයක්. තම කක්ෂය වටා භ්‍රමණය වෙමින් පෘථිවිය වටා යන ගමනේ දී සඳ එහි ආනතිය වෙනස් කරන විට ‍සිදුවන දෙයක්. 

‘අප දන්නේ සඳ හැමවිටම අපට පෙන්වන්නේ එහි එක් පැත්තක් කියලා විතරයි. ඒත් ඒක එහෙමම නෙමෙයි. අපට පෙනෙන්නෙ හරියටම එකම පැත්ත නෙමෙයි. එහි ආනතිය හෙවත් ඇලවීමත්, එහි කක්ෂයෙහි හැඩයත් නිසා මාසයක් පුරා සිදුවන භ්‍රමණයේ දී අපට හඳ ඉතා සුළු වශයෙන් වෙනස් කෝණවලින් තමයි පෙනෙන්නෙ. ස‍ඳ‍ෙහි මාසයක සිදුවීම් මාලාව තත්පර 24කට කැටි කළොත් එය අපට පෙනෙන්නේ හඳ වෙවුලනවා වගෙයි. තරාදියක් දෙපැත්තට පැද්දෙනවා වගේ දෙයක් සිද්ධ වෙන්නේ’ නාසා ආයතනය මෙය පැහැදිලි කරමින් සඳහන් කරනවා. 

මේ ඇන්ඩෲ මැකාති ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ චන්ද්‍ර මාසයක් තුළ චන්ද්‍රයා සිදු කරන චලනයන් සියල්ලම නිවැරදිව පෙන්වන්නයි. ඒ පින්තූර දුටුවායින් පසු ඔහුත් මවිතයට පත්වෙලා තියෙනවා. 

ඔහු මේ ඡායාරප දහස් ගණන එක් කර තැනූ වීඩියෝ ක්ලිප් එක තත්පර 40ක්. එක මත එකක් සිටින සේ තබා සකස් කළ මේ වීඩියෝ ඇත්තෙන්ම විස්මය ජනක එකක්. ඔහු එය හඳුන්වන්නේ ‘කොස්මික් ඩාන්ස්’ එකක් ලෙසයි. 

‘මා මෙතෙක් කළ ලොකුම ව්‍යාපෘතිය මෙයයි. දිනපතා රාත්‍රි 22ක් මං මේකට ගත කළා. මේ ඇත්තටම වෙවුලීමක් නොවෙයි. චන්ද්‍රයා ආනතියකට පිහිටමින් පෘථිවිය වටා යන ඉලිප්සාකාර කක්ෂය නිසයි, පොළොවේ සිටින අපට එහෙම පෙනෙන්නේ.’ ඇන්ඩෲ මැකාති කියනවා.

වීඩියෝව පහතින් නරඹන්න!

Post a Comment

0 Comments