HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් ගෙයක් මිලට ගන්න ගිහින් වෙච්ච දේ!

නස්රුදින් එයාගෙ පදිංචිය වෙනස් කරන්න හිතාගෙන මිලයට ගන්න හොඳ ගෙයක් හොය හොයා ගියා. ගෙවල් කීපයක් ම බැලුවා. හිතට අල්ලන එකක් තිබුණේ නෑ. ඒත් අදහස අත් ඇරියෙ නෑ. දිනපතා ම ගෙවල් බලන්න ගියා. එහෙම ගිය දවසක ඔහුට හිතට අල්ලන ගෙයක් හම්බ වුණා.

නස්රුදින් ‍ඒ ගේ වටේටම හොඳට ඇවිදලා බලලා ඇතුළට ගියා කාමර පරීක්ෂා කරන්න හිතා ගෙන. ඒක දැකපු අල්ලපු ගෙදර මනුස්සයා දුවගෙන ආවා. එයා නස්රුදින් පස්සෙන් යමින් ගෙයි වටිනාකම ගැන දිග වර්ණනාවක් කළා. 

 ‘මං තමයි මේ අල්ලපු ගෙදර ඉන්න‍ෙ. ඔහෙට මේ තරම් හොඳ ගෙයක් අහල ගම් හතකින්වත් සොයා ගන්න ලැබෙන එකක් නැහැ. ඔහේට හොඳටෝම වටිනවා. කියන්න මොනම අඩුපාඩුවක් වත් නැහැ.’ අල්ලපු ගෙදර මනුස්සයා කිව්වා. 

මිනිහා කතා කරලා ඉවර වුණාම නස්රුදින් කතා කළා. 

‘ඔහෙ කියන දේ ඇත්ත වෙන්න ඇති. ඒත් මෙහේ ජීවත්වෙන එකේ එක අඩුපාඩුවක් තියෙනවා. ඔහේ ඒ ගැන මට කිව්වෙ නෑනෙ.’ නස්රුදින් කිව්වා. 

‘ඒ මොකක්ද ඒ?’ අල්ලපු ගෙදර මනුස්සයා පුදුම වෙලා ඇහුවා. 

‘ඔහේ මට කිව්වෙ නෑනෙ, කරච්චල්කාර අසල්වැසියෙක් ඉන්න බව’ නස්රුදින් ගත් කටට ම කිව්වා. 

(පර්සි ජයමාන්නගේ නවතම නස්රුදින් කෘතිය වූ ‘නස්රුදින්ගේ අලුත් කතා’ නම් පොතෙනි.)

Post a Comment

0 Comments