HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැලිෆෝනියාවේ පොදු භාවිතයට අවසර ලද ඉබේ දුවන බෙදා හරීමේ සේවාව - නූරෝ (Nuro)

කෝවිඩ්-19 වසංගත තත්වය නිසා කළ අත්හදා බැලීම් නිසා ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදය 2021 ජනවාරියේ සිට ස්වයංක්‍රීය ඩිලිවරි වෑන් රථ සේවාවකට අවසර දී තියෙනවා. පැයට හැතැප්ම 35ක උපරිම වේගයකින් පමණක් ධාවනය කෙ‍ෙරන මේ වෑන් රිය රියැදුරකු හෝ මෙහෙයවන්නකු හෝ නොමැතිව දෙන ලද ලිපිනයක් සොයා ගෙන ගොස් භාණ්ඩ බෙදා හැරීම සිදු කරනවා. 
කැලිෆෝනියාවේ නිල අවසරය ලත් මුල්ම රියැදුරු රහිත වෑන් ඩිලිවරි සේවය නියුරෝ.

මේ වෑන් රිය සේවාව සාමාන්‍යයෙන් යහපත් කාලගුණික තත්වයක් යටතේ පමණක් ක්‍රියාත්මක කර වීමට එ් ආයතනය බලාපොරොත්තු වෙනවා. 

නියුුුුරෝ ආයතනය මේ ස්වයංක්‍රීය වාහන සේවාව ගැන අත්හදා බැලීම් කළේ 2017 සිටයි. වසංගත සමයේ සැක්‍රමැන්තෝ ක්ෂේත්‍ර රෝහලට ඖෂධ හා වෛද්‍ය උපකරණ මේ ක්‍රමයට ඩිලිවරි කරන්නට ඔවුන් සමත් වුණා. 

මේ ආයතනය පිහිටුවා ඇත්තේ කලින් ගුගල් ආයතනයේ සේවය කළ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසිනුයි. ඔවුන්ගේ සැලසුමට අනුව මුල දී ඔවුන් භාවිත කරන්නේ ටොයෝටා ප්‍රියුස් රියැදුරු රහිත වාහනයි. පසුව ඔවුන්ගේම අඩු වේගී සැහැල්ලු වෑන් රියක් වන නූරෝ ආර් 2 යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. 

ඔවුන්ගේ ආර් 2 වෑන් මොඩලයට සුක්කානමක්, පෙඩ්ල්, පැති කන්නාඩි කිසිවක් නැහැ. ඔබ මෙහි දකින්නේ ඒ වෑන් රියයි. 

නූරෝ ආර්-2 වාහනය අඩි 4ක රාමුවක් සහිත නිසා අනිත් වාහනවලට එය පසු කර යාම පහසුයි.

රාජ්‍ය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ස්ටීව් ගෝඩන් දකින්නේ, ‘ප්‍රථමවරට නිකුත් කළ මේ බලපත්‍රය ස්වයංක්‍රීය වාහන ක්‍රියාවලියේ ඉතාමත් සුවිශේෂී ඓතිහාසික අවස්ථාවක් සලකුණු කරන දෙයක්’ ලෙසයි. ‘අපි අඛණ්ඩ අවධානයෙන් ඉන්නවා මේ වාහන සේවාව ගැන, අනික් මෝටර් රථ පදවන්නන්ට හා මහ මඟ යන අයට බාධාවක් හානියක් නොවන ආකාරයට ඒ සේවාවෙහි කටයුතු සිදු වෙනවා ද කියා.’ ඔහු කියනවා. 

මෙහි ධාවන වේගය පැ.සැ.35කට සීමා කර තියෙනවා. ක්‍රියාත්මක කළ යුත්තේ හොඳ කාලගුණයක් ඇත්නම් පමණක් යැයි නිර්දේශ කර තිබෙනවා. 

ආර් -2 වෑන් රිය ‘හතර වන මට්ටමේ’ වාහනයක් ලෙසයි, හඳුන්වා ඇත්තේ. එයින් අදහස් වන්නේ එහි ක්‍රියාකාරිත්වයට නිතරම මිනිස් සහයක් අවශ්‍ය නොවන බවයි. එයට තනිවම යායුතු මග සොයා යනවා පමණක් නොව කළ යුතු දෙය නැවත විමසීමක් නැතිව කළ හැකි බවයි. 

මේ නියුරෝ ආර්-2 රියේ සුක්කානමක් නැහැ. පෙඩ්ල් නැහැ. එහි කිසිවකුට යාමට ඉඩක් නැහැ. මග සොයා ගන්නේ තාප පිළිබිඹු හා රේඩාර් ක්‍රම යොදා ගෙනයි. වටේට අංශක 360 කැරකිය හැකි කැමරා පද්ධතියක් තියෙනවා.

එය ක්‍රියාත්මක වන්නේ තාප පිළිබිඹු ක්‍රමය, රේඩාර් ක්‍රමය සමග අංශක 360ක් හැරවිය හැකි කැමරා පද්ධතියකින්. මග සොයා ගෙන යන්නේ ඒවා ආධාර කොට ගෙනයි. ඒත් අවශ්‍ය නම් දුරස්ථ ක්‍රමයට මිනිස් ක්‍රියායාරියකුට එය හැසිරවිය හැකියි. 

එහි ඇති අඩි 4ක් පළල රාමුවක හැඩය නිසා පාරේ යන අනෙක් වාහනවලට හා මගීන්ට අපහසුවක් නැතිව ඒ වෑන් රිය යද්දී පරේ ගමන් කළ හැකි වෙනවා. 

පසුගිය වසරේ නූරෝ ආයතනය රෝබෝ කාර් රථ පෙළක් යොදා ගෙන හූස්ටන්හී ඩොමිනෝ ආයතනයේ පීට්සා ඩිලිවරි කරන්නටත් ක්‍රෝගර් සුපර් මාකට්වලට ඇනවුම් ගෙන ගොස් දීමටත් වෙනත් ආයතන කීපයකටත් අවශ්‍ය සේවා සැපයීම් සාර්ථකව කළා. 

පසුගිය කාලයේ නගරය තුළ වෙසෙන ‘කස්ටමර් වැලියු ස්ටෝස්’ හෙවත් CVS පාරිහෝගිකයන්ට ඔවුන් ඇණවුම් කළ වට්ටෝරු බෙහෙත් වර්ග නිවස අසල පාර අද්දරට නොමිලයේ ගෙන ගොස් දීමට ක්‍රියා කළා. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ ටොයෝටා ප්‍රියුස් රියැදුරු රහිත වාහනයි. 

පහත වීඩියෝව බලන්න!

පසුගිය දා හූස්ටන් නගරයේ දී පාරිභෝගිකයන්ට ඖෂධ නිවසට ගෙන ගොස් දුන්නේ මේ රියැදුරු රහිත වාහනවලින්.

ආරක්ෂාව සඳහා විශේෂ PIN අංකයක් ලබා දෙනවා පාරිභෝගිකයන්ට ඇණවුම් කරන අවස්ථාවේ දී. වාහනය තමා වෙත ආ පසු එහි දොර විවෘත කර තමාගේ ඇණවුම ලබා ගැනීමට මේ PIN අංකය යොදා ගැනීමට සිදු වෙනවා. 

පසුගියදා නූරෝ ආයතනය අයික් (Ike) නම් වූ රියැදුරු රහිත ට්‍රක් රථ සේවාවක් මිල දී ගෙන තියෙනවා. දැන් ඒ ආයතන දෙකම එක්වෙලයි දැන් අලුත් සේවාව පවත්වා ගෙන යන්නේ. ඔවුන් දැනටමත් ඩීඑච්එල් (DHL) සහ රයිඩර් (Ryder) වැනි දැවැන්ත සමාගම් සමගත් රියැදුරු රහිත වාහන භාවිත කිරීමේ තාක්ෂණය ලබා දීමට ගිවිසුම් අත්සන් කර තියෙනවා. 

මෙය ලෝකයේ අනාගතයයි. විෂ බීජ රහිතව, ආරක්ෂිතව බඩු බෙදා හරින්න මේ ක්‍රමය ඉතාමත් හොඳ ක්‍රමයක් වෙනවා නිසැකයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments