HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටයිම් කවරය සරසන ප්‍රථම හා එකම ළමා විද්‍යාඥවරිය - ගීතාංජලී

1927 සිට ලෝක ප්‍රකට ටයිම් සඟරාව වසරේ විශිෂ්තටතම පුද්ගලයා තෝරා නම් කරනවා. ඊට අමතර ව ටයිම් සඟරාව මේ වසරේදි තවත් නව විශේෂාංගයක් අරඹා තියෙනවා, ඒ වසරේ විශිෂ්ටම දරුවා යනුවෙන්. ඒ අනුව තෝරාගෙන ඇත්තේ ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ වෙසෙන 15 හැවිරිදි ගීතාංජලී රාවෝ යි. ඇය ළමා ‍විද්‍යාඥවරියක්, නව නිපැයුම් කාරියක්. 2017 දී ඇය, පානීය ජලයෙහි ඇති ඊයම් අන්තර්ගතව ඇද්දැයි විමසුමට අතේ ගෙන යාහැකි උපකරණයක් නිපදවීම වෙනුවෙන් ෆෝබ්ස් සඟරාව මගින් පවත්වන ලද වයස 30ට අඩු අය අතරින් හොඳම නව නිපැයුම්කරුවන් 30 අතරෙහිලා සම්මානයටද පාත්‍ර වුණා.  
15 හැවිරිදි ගීතාංජලී රාවෝ දැරිය


මෙවර ටයිම් සඟරාව එහි වසරේ විශිෂ්ටතම දරුවා ලෙස ප්‍රථමවරට15 හැවිරිදි ගීතාංජලී තෝරාගෙන තිබීම ඇත්තෙන් විස්මයජනක දෙයක්. ටයිම් සඟරාව ආරම්භ කර වසර හැත්තෑවක් තිස්සේ නාර්ෂිකව විද්‍යාඥයන්, රාජ්‍ය නායකයන්, සමාජ සේවකයන් ආදී වශයෙන් ලොව පුරා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් නම් කළ මේ සම්මානනීය සඟරාව ඒ විශේෂාංගයට පුද්ගලයන් නම් කිරීමට පෙර මෙවර ළමයින් වෙත ඔවුන්ගේ නෙත් යොමු කිරීම ඇත්තෙන්ම සමස්ත ලෝකයේ ම දරුදැරියන්ට කළ උපහාරයක්! 

ගීතාංජලී ඇගේ 2017 දී කළ නව නිපැයුම සිදු කළේ මිචිගන් ජනපදයේ ෆ්ලින්ට් නගරයේ ඇති පානීය ජලය විෂ වීමකට පිළියමක් ලෙසයි. මෑතදීම කළ ඇගේ අලුත් නව නිපැයුම වන්නේ කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන සයිබර් හිංසනය (cyberbullying) වැළැක්විය හැකි උපකරණයක්. 

ගීතාංජලී දැරියව මෙවර කවරය සඳහා තෝරාගෙන ඇත්තේ නම් කරන ලද ලොව විශේෂ පුද්ගලයන් 5000ක් දෙනා අතරිනුයි. ඒ තේරීම් කමිටුව මවිතයට පත් වුණා, ගීතාංජලී වැනි කුඩා දැරියක, ජල දූෂණය, සයිබර් හිංසනය වැනි සමාජ ප්‍රශ්න විසඳීමට සිය තාක්ෂණික දැනුම භාවිත කරමින් කළ නව නිපැයුම් පරාසය දැක මවිතයට පත් වුණා. 
ටයිම් සඟරාවේ අලුත් ම කලාපයේ ගීතාංජලී

ඇගේ මේ ජයග්‍රහණයෙන් පසු මානව ක්‍රියාකාරිනියක වූ ලෝපතල නිළි ඇන්ජලීනා ජොලී ගීතාංජලී දැරිය හමුවී රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් පවැත්වුවා. එහිදී ගීතාංජලී මුලින්ම ඇගෙන් ඇහුවේ, ‘ඔබ සාමාන්‍යයෙන් හිතන ආකාරයට විද්‍යාඥයකු ලෙස මාව පෙනෙන්නේ නැහැ නේද?’ කියායි. 

‘මා ටිවීවලින් බොහෝ විට විද්‍යාඥයකු ලෙස දකින්නේ වයෝවෘද්ධ අයෙක්. නිතරම පාහේ සුදු ජාතිකයෙක්.’ 

‘මට පුදුම හිතෙනව යම් යම් දේවලට නම් කරන කොට ඇයි ලිංගිකත්වය, වයස, හමේ පාට, ආදිය ගාවා ගන්නේ ඇයි කියලා.’ 

‘මගේ අරමුණ, හැම විටම මගේ නිර්මාණයක් එළි දැක්වීම ම පමණක් නොවෙයි. මා බලාපොරොත්තු වන්නේ එයින් ලෝකයේ පවතින ගැටලුවලට විසඳුම් දීමත්, ඒ වගේ ම තවත් අය මේ වගේ දේවල් කරන්න පෙලඹවීමත් කරන්නයි.’ ගීතාංජලී කියනවා. 
ඇයගේ ඒ නිර්මාණ‍ය ටෙතිස් (Tethys) කියලයි හැඳින්වුනේ.


‘ඒත් ඔබ වැනි තවත් කෙනෙක් ඇතැයි මට නම් හිතෙන්නේ නැහැ’ යයි ඇන්ජලීනා ජොලී කියයි. 

‘ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, මගේ ඒ පණිවිඩය, ඒ කියන්නේ ‘‘මට පුලුවන් නම් ඔබටත් පුලුවන්’’ කියන පණිවිඩය ලෝකයට ම දෙන්න කියා’ ගීතාංජලී තවදුරටත් කියනවා. 

ගීතාංජලී ඉගෙන ගන්නේ කොලරාඩෝ ජනපදයේ ඩග්ලස් ප්‍රාන්තයේ ‘ස්ටෙම් ස්කූල් හයිලන්ඩ්ස් රෑන්ච් (STEM School Highlands Ranch) විදුහලෙහියි. අය බලාපොරොත්තුව ඉන්නේ මසෙචුසෙට්ස් තාක්ෂිණික විශ්ව විද්‍යාල‍යට ඇතුළත්ව ජාන විද්‍යාව හා වසංගත වේදය ගැන හදාරන්නයි. 

ගීතාංජලී තෙවරක් ම ‘ටෙඩ් එක්ස්’(TEDx) දේශන තරගවලට සහභාගිවී ‍තියෙනවා. 2018දී ඇයට ඇමරිකානු පරිසර ආරක්ෂක අධිකාරිය විසින් පිරිනමන ලද ජනාධිපති ‍යෞවන පරිසර සම්මානය පිරිනමනු ලැබුවා. ඒත් ගීතාංජලී නියම වශයෙන් කරළියට ආවේ ඊටත් කලින්, එනම්, 2017 දියි. ඒ කාලේ ඇයට වයස 12යි. ඇය එදා තමයි දිනා ගත්තේ, ඇමරිකාවේ ප්‍රමුඛ යෞවන විද්‍යාඥයාට හිමි සම්මානය. ඇයගේ ඒ නිර්මාණ‍ය ටෙතිස් (Tethys) කියලයි හැඳින්වුනේ. පහසුවෙන් අතේ ගෙන යා හැකි වූ ඒ නිර්මාණයෙන්, කෙනෙකුට යන යන තැනක ගෙන ගොස් ජලයේ අපිරිසිදු බව මැන ගැනීමට හැකියි. 
ගීතාංජලී දැරියව මෙවර කවරය සඳහා තෝරාගෙන ඇත්තේ 
නම් කරන ලද ලොව කීර්තිමත් පුද්ගලයන් 5000ක් දෙනා අතරිනුයි.


ඇගේ මේ නිර්මාණය කොටස් හතරකින් යුක්තයි. ප්‍රධාන කොටස වූ හරය, බ්ලූටූත් දිගුවක් සහිත සකසනයක්, වෝල්ට් 9යේ බැටරියක් හා ඊයම් ඇති බව විමසීමට කරන පරීක්ෂණයට ඇතුළත් කළ හැකි කාට්රිජයක් සම්බන්ධ කළ හැකි කොටසක්, එය ස්මාට් ෆෝනයට යා කළ හැකියි. 

ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයට තනා ගත් නිල් පැහැති පෙට්ටියකයි, ටෙතිස් උපකරණය බහා ඇත්තේ. ඊට වයරයකින් සම්බන්ධ වෙනවා, පාවිච්චි කොට ඉවතලන කොටසක්, කාබන් නැනෝ ටියුබයක් කියා හඳුන්වන සංවේදකයක්. ඒ සංවේදකය වතුරට දමා විශ්ලේෂණය කර බැලිය හැකියි. බ්ලූටූත් එකෙන් එය ඔබේ ස්මාට් ෆෝනයට සම්බන්ධ කර ප්‍රතිඵලය ඹබට බලා ගත්තෑකි. ගීතාංජලී මේ විස්තර කීවේ 2017දියි. 

ටයිම් සඟරාව තවමත් වසරේ විශිෂ්ටතම පුද්ගලයා තෝරා ගෙන නැහැ. අලුතින් අරඹන ලද මේ විශේෂාංගයට ඇතුළත් වූ ගීතාංජලීගේ මේ විස්මිත කතාව මා තෝරා ගත්තේ අපේ දරුදැරියන් දිරිමත් කිරීමටයි.  

 - පර්සි ජයම‍ාන්න 



 

Post a Comment

0 Comments