HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ක්‍රිස්තුස්වහන්සේ අවසාන ස්නානය කළ ස්ථානය හමුවේ!

බයිබලයේ සඳහන් වන අන්දමට ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ අවසාන රාත්‍රිය ගත කළේ ගෙත්සෙම්නේ (Gethsemane) උද්‍යානයේයි. ජදාස් ඉස්කාරියට් විසින් පාවා දෙන්නට පෙර අවසාන රාත්‍රියේ ජේසුතුමන් යාඥා පැවැත්වීමේ යෙදුනේ එහිදීයි. උන්වහන්නේ අවසාන වශයෙන් ස්නානය කළේද එතැන ලෙසයි සැලකෙන්නේ. ඒ සඳහා උන්වහන්සේ භාවිත කළේ යැයි විශ්වාස කෙරෙන ජල තටාකය පුරාවිද්‍යාඥයන් විසින් පුරාවිද්‍යාත්මක නටබුන් අතරින් මතුකර ගෙන තියෙනවා.

ජේසු සමිඳාණන් අවසානය ස්නානය කළ නාන තටාකය පිහිටි ගෙත්සෙම්නේ නම් තැන.

ඊශ්‍රායලයේ පුරාවිද්‍යා අධිකාරිය ඔලිව්ස් කන්ද පාමුල පුරා විද්‍යා බිමකින් තමයි, දියට බැසීමට පිය ගැට පෙළක් ද සහිත මේ ජල තටාකය සොයා ගෙන තිබෙන්නේ. විශේෂඥයන් පවසන්නේ කන්ද මුදුනට යාඥා පිණිස යන්නට පෙර ඒ අසල තිබූ තෙල් මෝලක සේවකයන් ඇඟපත සෝදා ගන්නට ඇත්තේ ද මේ ජල තටාකයෙන් යැයි විශ්වාස කළ හැකි බවයි. 

මෙතැන මීට කලින් තිබුණේ වර්තමාන ගෙත්සෙම්නේ දේවස්ථානයයි. එහි හිමිකරුවන් වන ෆ්රැන්සිස්කානුවන්ගේ ඉල්ලීම මත කළ අධ්‍යයනයකින් පසු එහි කළ කැණීම්වලින් තමයි මේ පියගැට පෙළ මතු වුණේ. බයිබලයේ ශුභ ආරංචියෙන් කියවෙන විදියට අවසන් රාත්‍රි භෝජනයෙන් පසු ක්‍රිස්තුස්වහන්සේ යාඥා පිණිස පිටත් වෙලා තියෙනවා. ඒ ජුදාස්ගේ පවා දීමට පෙරාතුවයි'

 මෙහි කැණීම් කළ දිස්ත්‍රික් පුරාවිද්‍යා අධිකාරි අමිත් රෙයීම් කියන්නේ 
එහි වසර 2000ක් පැරණි කෘෂිකර්මාන්තයක් හා තෙල් මෝලක් පැවති බවට සාක්ෂි ඇති බවයි.

මේ කැණීම් කටයුතු බාර ගත් දිස්ත්‍රික් පුරාවිද්‍යාඥ අමිත් රෙයීම් කියන්නේ මේ අවට ඉදිකිරීම් කිසිවක් නොමැති නිසා මෙහි වසර 2,000ක් පැරණි කෘෂිකර්මාන්තයක් පැවති බවත්, ඒ වගාවන්ගෙන් ගන්නා ධාන්‍යවලින් තෙල් හා වයින් සෑදීමට අවශ්‍ය කම්හලක් තමයි, මෙහි තිබෙන්නට ඇති බවයි. ‘යුදෙව් නීතියේත් සඳහන් වෙනවා, තෙල් හා වයින් නිපදවන සේවකයන් ස්නානය කොට පිරිසිදුව සිටිය යුතු බව. කන්ද පාමුල තිබූ මේ තටාකය යොදා ගෙන ඇත්තේ කඳු මුදුනෙහි වූ යුදෙව් දේවාලයට යන අයට දිය නා පිරිසිදු වීම සඳහායි.’ ඒ පර්යේෂකයන් කියනවා. 

නව ත‍ෙස්තමේන්තුවේ ශුභාරංචි හතරෙහි සඳහන් වෙනවා, ජුදාස් විසින් පාවාදීමෙන් පසු රෝමවරුන් විසින් කුරුසියේ ඇණ ගැසීමට අල්ලා ගෙන යාමට පෙර ගෙත්සෙම්නේ උද්‍යානයේදී අවසාන වරට යාඥා කළ බව. ඒ අනුව ඔලිව්ස් කඳු මුදුනෙහි වූ දෙවොලෙහි යාඥා කරන්නට පෙර මෙහිදී ස්නානය කරන්නට ඇතැයි සිතිය හැකි බවයි. 

ඒ බිමෙහි ග්‍රීක අක්ෂරවලින් කළ සටහනක් ද මතු කර ගෙන තියෙනවා.

මේ උද්‍යානයට ‘ගෙත්සෙම්නේ’ යන නම තබා ඇත්තේ ‘ගැට් ෂම්නිම්’ (Gat Shmaním) යන හීබෲ වදන අනුව යමිනුයි. ඒ වදනෙහි අරුත ‘තෙල් මෝල’යන්නයි. 

වසර 2,000ක් පැරණි නාන තටාකයක් සමග ඒ පුරාවිද්‍යා කණ්ඩායම මතු කර ගෙන තියෙනවා, වසර 1500ක් පැරණි බයිසැන්ටයින් දේවස්ථානයක චිචිත්‍ර කැටයම් හා සැරසිලිවල නෂ්ඨාවශේෂ රැසක්. කුරුස යුද සමයේ එහි වන්දනාවේ පැමිණි අය නැවතී සිටියේයි සැලකිය හැකි ලැගුම්හල්වල නටබුන් ආදියත් හමුවෙලා තියෙනවා. එහිදී 12 වැනි සියවසේ දී, කුරුස යුදකරුවන්ගෙන් ජෙරුසෙලම මුදා ගැනීමට අය්යුබ්ඩ් අධිරාජයා කළ යුද්ධයට අදාළ සාක්ෂි ලැබිලා තියෙනවා. සමහර විට 1187 දී සිදු වූවක් විය හැකියි. 

ඊශ්‍රායලයේ පුරාවිද්‍යා විශේෂඥයන් ඊශ්‍රායලයේ ඔලිව් කන්ද 
පාමුල පැරණි පුදබිමකින් පඩි පෙළක් සහිත නාන තටාකයක් සොයා ගෙන තියෙනවා. 
සිතියමෙන් දැක්වෙන්නේ එම ස්ථානයයි.

දේවස්ථානයේ බිම ග්‍රීක අක්ෂරවලින් සටහනක් තිබී හමුවුණා. ‘ඒබ්‍රහම්තුමන්ගේ නියෝගය අනුව කැප කිරීමට ලක් වූ ක්‍රිස්තු දෙවියන්ගේ (Christ God) ප්‍රේමවන්තයන් සමාදානයේ සැතපෙන ස්ථානය. මේ කැප කිරීම බාර ගෙන ඔබ වහන්සේගේ අපට දයාව අනුකම්පාව අපට දක්වන සේක්වා! ආමෙන්’ කියා එහි ලියා තිබුණා. 

ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ශුද්ධ භූමියේ වතිකානු නියෝජිත ෆ්රැන්සිස්කෝ පැටන් පියතුමා කියා තිබුණේ ‘ගෙත්සෙම්නේ ශුද්ධ භූමියේ ඉතාමත් වැදගත් අභයස්ථානයක්. ප්‍රවාදයට අනුව මෙහි දී ජේසු සමිඳාණන් උන්වහන්සේ පාවාදීමට පෙර කළ යාඥාවේ බලය නිසා වසරක් පාසා මෙම ස්ථානයට මිලියන ගණනක් මේ පුදබිමට ඇදී එනවා.’ කියායි. 

‘මේ නව කැණීම් නිසා කිතුනුවන්ගේ පුරාණ මතකයන් අලුත් වෙනවා නිසැකයි’ පියතුමා වැඩි දුරටත් කියනවා. 

- පර්සි ජ‍යමාන්න

Post a Comment

0 Comments