HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චන්ද්‍රිකා උඩු ගුවනට ගෙනියන ලොව විශාලතම ස්වයංක්‍රීය ඩ්‍රෝන යානය 'රාවන්එක්ස්' !

අප මෙතෙක් දැක තිබුණේ ඩ්‍රෝන යානා යනු අතේ ගෙන යා හැකි, අහසින් යමින් බිම සිදු වන දෑ අපට පෙන්වන්නට හැකි දුරස්ථව පාලනය කළ හැකි, කුඩා පියසැරි යානා විශේෂයක් හැටියටයි. ඒ වගේ ම කොරෝනාව නිසා දැමූ නීති කඩන අපේ අය අල්ලන්නට පොලීසියට ඔත්තු දෙන කුඩා යානා විශේෂයක් හැටියටයි. ඒත් දැන් ඇමරිකාව තනා තියෙනවා, ‍දැවැන්ත ඩ්‍රෝන යානයක්. ‘රාවන්එක්ස්’ (Ravn X) කියා නම් කර ඇති, අඩි 80ක් දිග මේ ඩ්‍රෝන යානයට සැතැපුමක් පමණ වන කෙටි ගුවන් පථයකින් වුනත් ගුවනට නගින්න පුලුවන්. 
මේ රාවන්රක්ස් ‍යානය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයයි. 
සැතැපුමක ධාවන පථයකින් ඉහළ නැංවිය හැකියි.

එක් ගමනකින් පසුව මේ දැවැන්ත යානයෙන් සියයට හැත්තෑවක් යළි ප්‍රයෝජනයට ගත හැකි බවයි, එහි නිෂ්පාදන සමාගම කියන්නේ. ඒවියුම් (Aevum) නම් ඒ සමාගම මේ යානය තනා ඇත්තේ එක්සත් ජනපද ස්පේස් ෆෝස් (US Space Force) ආයතනය සමග එක්වීමෙනුයි. 

දෙවැනි අදියරේ රොකට්ටුවක් උඩු ගුවනේ පහළ තලයකට ගෙන ගොස් ඇරලා යළි පෙළොව බලා ඇවිත් එය ගුවන් ගත කළ ධාවන පථයටම නැවත පැමිණ එය රඳවන ‘හැඟරයට’ ගොස් ගාල් වීම ස්වයංක්‍රීයව කිරීමට මේ නව ඩ්‍රෝනයට පුලුවන්. 

මේ ලොව ලොකුම ඩ්‍රෝන යානයයි. අඩි 80ක් දිගයි. අඩි 60ක් පළලයි.

මේ ‘රාවන්එක්ස්’ ඩ්‍රෝන යානය මුලින් ම උඩු ගුවනට ගෙනයාමට බලාපොරොත්තු වන්නේ 2021 දී එක්සත් ජනපද ස්පේස් ෆෝස් ආයතනයේ ‘ඇස්ලොන්-45’ නම් කුඩා චන්ද්‍රිකාවක්. තාක්ෂණය අනුව මේ ඩ්‍රෝන යානය නියමුවකු රහිතව ඒ සියලුම කටයුතු තනිවම ඉටු කරනවා. කිසිම විධියක මෙහෙය වීමක් සිදු වන්නේ නැහැ. 

ප්‍රමාණයෙන් පාසල් බස් දෙකක් තරම් විශාලත්වයෙන් යුත් මෙම ඩ්‍රෝන යානය කිලෝග්‍රෑම් 500ක බරින් යුත් කෘත්‍රිම චන්ද්‍රිකා කීපයක් සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීයව උඩුගුවනට ගෙන යාමට සමත්. ඒ හැර වෙනත් යටිතල පහසුකම් කිසිවක් අවශ්‍ය වන්නේ. 

ඩ්‍රෝනයේ පළමු අදියර සම්පූර්ණයෙන්ම නැවත පාවිච්චි කළ හැකියි. එය චන්ද්‍රිකාව 
 උඩුගුවනට ගෙන ගොස් රොකට්ටුවේ දෙවැනි අදියර යොදා ගෙන යැවිය යුතු තැනට 
ස්ථාන ගත කිරීමට යවා එය ආපසු පොළොවට එනවා.

මේ යානය තැනූ අය කියන්නේ හමුදා කටයුතුවලට පමණක් නොව, මේ ඩ්‍රෝනය මගින් විද්‍යාඥයන්ට තමන්ගේ විශේෂ පරීක්ෂණ සඳහා අවශ්‍ය සංවේදක උපකරණ උඩුගුවනට යැවීමටත් පුලුවන්කම ලැබෙනවා. 

‘මෙහි ‍අපේ ක්‍රියා සංවිධානයන් හා අපේ පරිගණක මෘදුකාංග හා තාක්ෂණික දැනුම අනාගත පරපුරට බලවත් පිටුවහලක් වේවි.’යයි ඒවියුම් ආයතනයේ ආරම්භක හා එහි ප්‍රධාන විධායක ජේ. ස්කයිලස් කියනවා. ‘ඇමරිකානු බලධාරීන් හා හමුදා අංශ අපෙන් ඉල්ලීමක් කළා, පහත උඩුගුවනට අනිත් හැම ක්‍රමයටකටම වඩා ඉක්මනින් අභ්‍යවකාශ යානා ගෙන යන්න ක්‍රමයක් ඉක්මනින් හදන්න කියා. ඒ නිසයි මේ යානය තනනු ලැබුවේ’ ඔහු තවදුරටත් කියනවා. 

‘අපේ ස්වයංක්‍රීය තාක්ෂණ ක්‍රමවේදය නිසා ඒවියුම් ආයතනයට හැකි වී තියෙනවා, මෙතෙක් රොකට් දියත් කිරීමට ගත වන කාලය අවුරුදු ගණන්වලින් මිනිත්තු ගණන්වලට අඩු කරන්න කියා අපට අපේ අනුග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් ආවා. ඒ වගේ ම එය මිහිමත වූ මිනිසුන්ගේ දිවිරැක දෙන ආරක්ෂාකාරී පියවරක් විය යුතුයි කියලත් කියැවුණා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

මේ නව සැලැස්මට අනුව ‍කාලගුණික තත්වයන්, ගුවන්පාලක කටයුතු, කක්ෂගත කළ යුතු තැන්, ගෙන යාහැකි බර, බිම් මට්ටමේ කටයුතු කරන්නන්ගේ කාල සටහන් ඇතුළු සංකීර්ණ කාර්යයන් සියල්ල එක විට සැකසීම සිදු කෙරෙන බවයි, ඒ ආයතනය කියන්නේ. 

මේ අනුව සෑම මිනිත්තු 180කට වරක් මේ ඩ්‍රෝන යානය මගින් චන්ද්‍රිකාවක් ගුවනට ගෙන යන්න පුලුවන්. ස්කයිලස් සමාගම කියන්නේ ඔවුන්ට මේ සේවාව පැය 24 පුරාම නොකඩවා සැලසීමේ හැකියාව ඇති බවයි. 

බ්‍රයිස් අභ්‍යවකාශ හා තාක්ෂණික උපදේශක ආයතනයේ විශේෂඥයකු වූ ෆිල් ස්මිත් කියන්නේ ‘දැන් චන්ද්‍රිකා ගුවන් ගත කළ හැකි කුඩා යානා 100ක් පමණ ලොව පුරා ආයතන ගණනාවක් මගින් සකසා ගෙන යන බවයි. ඒ වගේ ම ඉහළ කක්ෂයට චන්ද්‍රිකා ගෙන යා හැකි ‘වර්ජින් ඕබිට්’ (Virgin Orbit) වැනි ව්‍යාපෘතිද තියෙනවා.’ කියායි. 

‘අපේ ක්‍රියා සංවිධානයන් හා අපේ පරිගණක මෘදුකාංග හා තාක්ෂණික දැනුම අනාගත පරපුරට බාර දීමයි අපි බලාපොරොත්තු වන්නේ’ ඒවියුම් නිර්මාතෘ ජේ. ස්කයිලස් කියනවා'

රාවන්එක්ස් වීඩියෝව පහතින් නරඹන්න!

ඒ එකකවත් නැති ක්‍රමයක් තමයි මේ ඒවියුම් ආයතනය නිර්මාණය කර ඇත්තේ. එය සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රියයි. රොකට් දියත් කරන අට්ටාල කිසිවක් අවශ්‍ය නැහැ. ඒ වගේ ම ඉතාම කෙටි දැනුම් දීමකින් ඔවුන්ට ඕනෑම දියත් කිරීමේ කටයුත්තක් බාර ගත හැකියි. 

ස්කයිලස් කියන්නේ රාවන්එක්ස් ඩ්‍රෝනය වරක් පාවිච්චි කළ පසු එයින් සියයට හැත්තෑවක් නැවත පාවිච්චියට යොදා ගත හැකි බවයි. එසේම ඉදිරියේ දී එය සියයට 95ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මේ පිළිබඳ විස්තරයක් පළ කරන ‘සයන්ස්’ සඟරාව කියන්නේ මෙය ඉතාමත් වියදම් අඩු ක්‍රමයක් බවයි. මෙහිදී ඔවුන් අය කරන්න බලාපොරොත්තු වන්නේ ‘ස්පේස් එක්ස්’ ආයතනයේ ක්‍රමයට සමාන එකක්. ඒ අනුව චන්ද්‍රිකාව දියත් කරන අයට වැය කරන්න සිදු වන්නේ කිලෝග්‍රෑමයකට ඩොලර් කීප දහසක් පමණයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments