HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ දැනුමට ලෝකය පිළිබඳ විස්මයජනක ප්‍රශ්න පත්තරයක්!

ඔබේ දැනුම වැඩුම පිණිස විවිධ ක්ෂේත්‍ර ආවරණය වන සේ නව ආරක විශේෂාංගයක් අද අරඹනවා. ලෝකයේ විවිධ තැන්වලට යමින් තොරතුරු කෙටියෙන් ඔබ වෙත ලබා දීම මෙහි අපේක්ෂාවයි. 

ප්‍රශ්නය - අප ජීවත්වන මේ මහ පොළොව කොපමණ වේගයකින් භ්‍රමණය වෙනවා ද? 

පිළිතුර - පැයට සැතැපුම් 1000ක (තත්පරයකට මීටර 460ක්) වේගයකින්. සමකය අසල පෘථිවියේ පරිධිය කිලෝමීටර් 40,070ක්. දවසකට ඇති පැය 24 තුළ ඒ ගමන සම්පූර්ණ කිරීමට ඊට ආසන්න වේගයකින් යා යුතු වෙනවා. 

මහ පොළෙවේ වේගය පැයට සැතැපුම් 1000ක්!


ප්‍රශ්නය - සෑම පැත්තක් ම සෙන්ටි මීටර් 28ක් වන රත්තරන් කුට්ටියක බර කොපමණ විය හැකි ද? කිලෝ ග්‍රෑම් 50ක්? කිලෝ ග්‍රෑම් 100ක්ද? කිලෝ ග්‍රෑම් 500ක්ද? කිලෝ ග්‍රෑම් 750ක්ද? 

පිළිතුර - කිලෝ ග්‍රෑම් 907කට මඳක් වැඩියි! (907.185ක්!) 

ප්‍රශ්නය - රන් හෙවත් රත්තරන්වලට වඩා වැඩි වටිනාකමින් යුත් ලෝහ වර්ග අටක් හඳුනා ගෙන තියෙනවා. ඒවා මොනවාදැයි ඔබට නම් කළ හැකි ද? 

පිළිතුර - රේඩියම්, ප්ලැටිනම්, ඔස්මියම්, ඉරිඩියම්, රෝඩියම්, රුතේනියම්, සීරියම් හා යුරේනියම්. 

ප්‍රශ්නය - ලෙඩ් හෙවත් ඊයම්වලට වඩා බරින් වැඩි ලෝහ වර්ග 12ක් තියෙනවා. ඒවා නම් කරන්න ඔබට පුලුවන් ද? 

පිළිතුර - රන්, ඔස්මියම්, මර්කරි හෙවත් රසදිය, ප්ලැටිනම්, ටංග්ස්ටන්, යුරේනියම්, ඉරිඩියම්, පැලඩියම්, රෝඩියම්, රුතේනියම්, ටැන්ටලම් හා තැල්ලියම් යන ඒවායි. 

ලොකුම ශබ්දය නිකුත් කරන්නේ කිරි තල්මහයි.

ප්‍රශ්නය - මිහිමත වෙසෙන සතුන් විශාලතම ශබ්දය නිකුත් කරන සතා කවරෙක් ද? 

පිළිතුර - කිරි තල්මහ (sperm whale) හෙවත් මහ තල්මහයි. අප දන්නා පරිදි සාමාන්‍යයෙන් ජෙට් යානයක් ඉහළ නංවන විට ඩෙසිබල් 188ක ප්‍රබල ශබ්දයක් නිකුත් කරනවා. කිරි තල්මහ නිකුත් වැඩි ම ශබ්දය ලෙස වාර්තා වන්නේ ඩෙිසිබල් 230ක් එකක්. 

ප්‍රශ්නය - ලෝකයේ භාෂා වැඩි හරියක් ලියන්නේ දකුණේ සිට වමටයි. ලෝකයේ භාෂා අතරින් දකුණේ සිට වමට ලියන භාෂා කීයක් තියෙනවා ද? 

පිළිතුර - භාෂා 12 යි. ඒවා නම් අරාබි, ඇරමයික්, අසේරි, දිවෙහි, ෆූලා, හීබ්රූ, කුර්ඩිෂ්, න්’කෝ, පර්සියන්, රොහින්ග්‍යා, සිරියැක් හා උර්දු ඒවායි. 

ප්‍රශ්නය - ලෝකයේ විශාලතම ග්ලැසියරය ඇත්තේ කොහේ ද? ඒ කුමක් ද? 

පිළිතුර - ලැම්බර්ට්-ෆිෂර් ග්ලැසියරය. ඇත්තේ ඇන්ටාර්ටිකාවේ. එය සැතැපුම් 250ක් (කිලෝමීටර් ක්) දිගින් හා සැතැපුම් 60ක් (කිලෝමීටර් ක් ) පළලින් යුක්තයි. 

ප්‍රශ්නය - අප ගන්න ආහාරයක් මිනිස් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතිය තුළින් යන ගමන සම්පුර්ණ කර පිට කිරීමට සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගතවේ ද? 

පිළිතුර - පැය 53යි. ඒ සඳහා ගත වන කාලය ඔබ ගන්නා ආහාර වර්ගය අනුවත්, ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය අනුවත්, සිරුරේ නිරෝගී භාවය අනුවත් අඩු වැඩි විය හැකියි. 

ප්‍රශ්නය - ලෝකයේ වෙසෙන ඉගිල්ලෙන්නට නොහැකි එකම ගිරා වර්ගය කවරෙක් ද? 

පිළිතුර - නවසිලන්තයේ සිටින කාකාපෝ නම් ගිරා විශේෂය.

නවසීලන්තයේ කාකාපෝ ගිරවාට ඉගිල්ලෙන්න බැහැ.
 

ප්‍රශ්නය - ලෝකයේ වඩාත් වියළිම ස්ථානය ඇත්තේ කොහේ ද? 

පිළිතුර - ඇටකාමා කාන්තාරයේ. චිලි රටේ. නාසා ආයතනය කියන විදියට වසර 400කින් වැස්සක් වැටිලා නැහැ.  

ලොව වියළිම තැන ඇටකාමා කාන්තාරයයි.

ප්‍රශ්නය - පෘථිවිය ආරම්භ වූ මුල් කාලයේ දී දවසකට පැය කීයක් තිබුණා ද? 

පිළිතුර - පැය 6යි! දැන් පෘථිවියේ එක දවසක් පැය 24යි! ඒත් පෘථිවිය ආරම්භ වූ මුල් කාලයේ එක දවසකට තිබුණේ පැය 6ක් විතරයි! එයට හේතුව පෘථිවිය හැදුණු අවස්ථාවේ වැඩි වේග‍යකින් භ්‍රමණය වීමයි. නාසා ආයතනය කියන විධියට වසර 100කට වරක් අපේ දවසක් තත්පර 0.0017කින් වැඩි වෙනවා. 

ප්‍රශ්නය - ලෝකයේ පානයට සුදුසු වැඩිම ජලය (මිරිදිය) ප්‍රමාණයක් ඇති රට කුමක් ද? 

පිළිතුර - බ්‍රසීලය. ලෝකයේ ඇති රටවල් අතරින් පානය සඳහා සුදුසු ජලය (මිරිදිය) ඝන කිලෝමීටර් 8,233ක් තියෙන රට බ්‍රසීලයයි, ඒ නිසයි, මුලට එන්නේ. ඒක ලෝකයේ ඇති මුළු මිරිදිය ප්‍රමාණයෙන් සියයට 12ක්. දෙවැනි තැනට එන්නේ රුසියාවයි. එහි ඝන කිලෝමීටර් 4,508ක් තියෙනවා. ඊළඟට එන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එහි ඝන කිලෝමීටර් 3,069ක් තියෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments