කුකුළන් නොමරා කුකුළු මස් බෙදන ලොව මුල් ම අවන්හල්!

සත්ව ඝාතනයෙන් තොරව රසායනාගරයේ නිපදවන ලද කෘත්‍රිම කුකුල් මස් සඳහා නීත්‍යානුකූල අවසරය දුන් ලොව ප්‍රථම රාජ්‍යය ලෙස සිංගප්පූරුව වාර්තා වෙනවා. මෙසේ අනුමැතිය දී ඇත්තේ චිගන් නගට්ස්වලටයි. ඇට රහිත චිකන් කැබලි නිර්මාණය කිරීමේ නවෝත්පාදන අදහස ඇමරිකාවේ ‘ඊට් ජස්ට්’ (Eat Just) ක්‍රියාන්විතයේ එකක්. මේ සඳහා යන නිෂ්පාදන පිරිවැය සැබෑ කුකුල් මස්වලට සමාන වුනත් කල් යාමේදී මෙය ඊට වඩා මිලෙන් අඩු වේවි. දැනට මොවුන් නිෂ්පාදනය කරන්නේ චිගන් නගට්ස් විතරයි. ඒත් අනාගතයේ දී අනෙක් මාංශ කොටස් ද නිෂ්පාදනය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ චිකන් නගට්ස් තනනු ලබන්නේ කුකුළන්ගෙන් ලබා ගන්නා 
පටක රසායනාගාර තුළ වර්ධනය කිරීමෙනුයි.

මේ චිකන් නගට්ස් තනනු ලබන්නේ කුකුළන්ගෙන් ලබා ගන්නා පටක රසායනාගාර තුළ වර්ධනය කිරීමෙනුයි. මෙතෙක් ශාක පටක රැගෙන ශාක ප්‍රවර්ධනට කළා සේ ම මේ සත්ව පටක ප්‍රවර්ධනය කිරීමෙන් තමයි, නව මාංශ කොටස් නිර්මාණය කර ඇත්තේ. මේ අපේ ආහාරය සඳහා එවැන්නක් නිර්මාණය කළ පළමු වන වතාවයි. ඔවුන් එතැනින් නොනැවතී එය කෙළින් ම ආහාරයට ගත හැකි වන පරිදි සකස් කළ දෙයක් හැටියටයි, මේ නව චිකන් නගට්ස් ඉදිරිපත් කරනු ලබන්නේ. 

අනාගතයේ දී සිංගප්පූරුවට යන ඔබට එහි අවන් හල්වලින් මේ ‘අහිංසක’ කුකුල් මස්වල මුලින් ම රස බැලීමට ඔබට අවස්ථාව උදා වේවි. මේවා සිංගප්පූරු බලාධිකාරය නීතිමය අනුමැතිය දුන් පසුව මුලින් ම ජනතාවට මේවා රස බැලීමට ලැබෙන්නේ සිංගප්පූරුවේ අවන් හල් හරහායි. 

මේ ඊට් ජස්ට් ක්‍රියාන්විතය ඇමරිකා‍ එක්සත් ජනපදය මූලික කර ගෙන ක්‍රියාකරන ආයතනයක් වුවත්, ඔවුනගේ අලුත් නිෂ්පාදනය මුලින්ම පිළිගත්තේ දකුණු ආසියාවේ නගර රාජ්‍යයක් වූ සිංගප්පූරුව බව පසුගියදා හෙළි කළා. ලෝකය වඩාත් පරිසර හිතකාමී වෙමින් පවතින නිසා මේ නව කුකුළු මස් ඉදිරිපත් කරන ක්‍රමය ලෝක ආහාර කර්මාන්තයේ නව පෙරළියක් සලකුණු කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. 

‘මට හොඳටම විශ්වාසයි, අපට මේ සඳහා නීතිමය අනුමැතිය ලැබුණු පසු සිංගප්පූරුව ප්‍රමුඛ කර ගත් ලොව පුරා රටවල් රාශියක් මේ සමග එකතු වෙන බව’ යයි ඊට් ජස්ට් ප්‍රධාන විධායක ජෝශ් ටේරික් කියනවා. 

නියම මාංශ පරිභෝජනය පරිසරයට ලොකු තර්ජනයක් යයි විශේෂඥයන් පවසනවා. පශු සම්පත් කර්මාන්තය නිසා මීතේන් හරිතාගාර වායුව නිෂ්පාදනය වෙනවා. සත්ව පරිපාලනය නිසා වනාන්තර කපා දමා සතුන්ට ඉඩකඩ සැලැසීම නිසා දේශගුණය රකින ස්වභාවික බාධක ඉවත් වීමෙන් දේශගුණයට බලවත් තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. 

මේ අපේ ආහාරය සඳහා එවැන්නක් නිර්මාණය කළ පළමු වන වතාවයි.

මස් වෙනුවට විකල්ප බහුල කරන ලෙස ඉල්ලා ලොව පුරා පරිසරවේදීන් හා සංවිධාන උද්ඝෝෂණය කරනවා. මේ නව නිෂ්පාදනය හැරුණු විට අනෙක් හැම විකල්ප ආහාරයක් ශාක පදනම් කර ගත් ඒවායි. සෝයා බෝංචි වැනි ශාකමය ආහාර යොදා ගෙන විවිධ මස් රස කවා වෙළෙඳ පොළට එවා ඇති නිෂ්පාදනවලට වඩා මේ නව නිෂ්පාදනය වෙනස් වන්නේ සැබෑ මස්වලට මෙය බොහෝ සේ සමීප වන නිසයි. 

සිංගප්පූරු ආහාර අධිකාරිය කියන්නේ මේ නව ආහාරයට නීතිමය අවසරය ලබා දුන්නේ ඊට් ජස්ට් ආයතනයේ චිකන් නගට්ස් නම් මේ මාංශ නිෂ්පාදනය මිනිස් ආහාරයට ගැනීමට ආරක්ෂා සහිත යයි කළ දැඩි පරීක්ෂාවකින් පසුව බවයි. 

මෑත වසරවලදී සිංගප්පූරුව ආහාරවල තිරසාර සංවර්ධනය සඳහා නොයෙක් නව පියවර සඳහා දිරි දුන් රාජ්‍යයක්. ආසියාවට හඳුන්වනු ලැබූ නව ආහාර වර්ග බොහොමයක් ආවේ ඒ රාජ්‍යය හරහායි. 

මේ ආහාරයත් මිනිස් පරිභෝජනයට ලක්වීමේ ඉතිහාසයක් නැති නිසා, මෙය මිනිස් ආහාරයට ගැනීමේ දී අතුරු ආබාධ ඇතුළු වෙනත් ගැටලු ඇති නොවන්නට වග බලා ගැනීම සඳහා දැඩි පරීක්ෂාවට ලක් කොට තමන් සෑහීමට පත් වුවත් මෙය ‘නව ආහාර ගණය’ට දමා තවදුරටත් ඉදිරියේ දීත් පරීක්ෂාවට ලක් කරන්නට එරට අධිකාරිය බලාපොරොත්තු වෙනවා.

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments