HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

26 වැනිදාට යෙදෙන බොක්සිං නොගහන බොක්සිං දිනය ඇති වුණේ කොහොමද ?

ඉංග්‍රීසිගේ යටත් විජිතයක් වෙලා තිබුණු කාලේ අපට ලැබුණු දායාදයක් තමයි, දෙසැම්බර් 26 වැනිදාට යෙදෙන බොක්සිං දිනය (Boxing Day). ඉංග්‍රීසින් විසින් යටත් කර ගෙන සිටි රටවල් හැම එකකම, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව. කැනඩාව වගේ රටවල් හැම එකකමත්, බ්‍රිතාන්‍යයට යටත් වෙලා ඉඳලා නිදහස් වුණු, පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් අපි වගේ රටවල විතරක් නොවෙයි, ලෝකයේ බොහෝ රටවල බොක්සිං නිවාඩු දිනය පවත්වනවා. ඒක දැන් බොහෝ රටවල පාරිභෝගික භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමේ දිනයක් වෙලා!
 

බොක්සිං දිනය කිව්වට ඒකට බොක්සිං ක්‍රීඩාව සම්බන්ධ නැහැ. එතැන බොක්සිං කීවේ තෑගි පෙට්ටි වලටයි. නත්තල් දාට පසුදා දිනය ලොවපුරා සේවකයන්ගේ නිවාඩු දිනයක් ලෙසයි, මුල් කාලයේ දී පටන් ගත්තේ. ඒ අවුරුද්ද පුරාම තැපෑලෙන් ලියුම් හා පාර්සල් ගෙනගිය තැපැල් සේවකයන්ට, වෙනත් සේවා සැපයූ සේවකයන්ට, වගේම ලොව පුරා හාමුපුතුන්ට කළ සේවා වෙනුවෙන් ඒ සේවකයන්ටත් හාමුපුතුන් විසින් නත්තල් තෑගි පෙට්ටි ලබා දෙන දිනය ලෙසයි, එය සලකනු ලැබුවේ. 

බොක්සිං දිනය යෙදෙන්නේ නත්තල් දාට පසුදායි. පසුදා ඉරිදා නම් එය යොදන්නේ සඳුදාටයි. එය සාන්ත ස්ටීවන්ගේ දිනය ලෙසත් හැඳින්වෙනවා. මෙය ආරම්භ වූවේ 1930 ගණන්වලදියි. වික්ටෝරියානු යුගයේ තමයි සේවකයන්ට තෑගි පෙට්ටි දෙන දිනය ලෙස මෙය අරුත් ගැන්වුණේ. නත්තලට තමන්ට තෑගි පෙට්ටිවලට දමා තමන්ට ලැබුණු නත්තල් තෑගිවලින් කොටසක් සේවකයන් අතර බෙදා දීමයි මුලදී කරනු ලැබුවේ. 

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සඳහන් වන ආකාරයට.බොක්සිං දිනය දක්වා ඇත්තේ ‘නත්තලෙන් පසු එළඹෙන සතියේ මුල් දිනය. පෙර පැවති වෙළඳ සේවකයන්ට තෑගි දීමේ චාරිත්‍රය සඳහා වෙන්වූ දිනය’ කියායි. 1833 දී චාල්ස් ඩිකන්ස්ගේ ‘පික්වික් පේපර්ස්’ කෘතියේ ඒ ගැන විස්තරයක් සඳහන් වෙනවා. 

හරියටම එහි ආරම්භය නිශ්චිතව කිව නොහැකි වුනත් පිළිගත හැකි ආකාරයේ අදහස් දෙකක් සඳහන් වෙනවා. සියවස් ගණනාවකට පෙර පැවති එක අදහසක් නම් වංශවතුන් හා සාමිවරුන් නත්තලෙන් පසු තමන්ගේ දිළිඳු සේවකයන්ට නත්තල් රාත්‍රි භෝජන සංග්‍රහයෙන් ඉතිරි වූ කෑම බීම පෙට්ටිවල දමා සුළු තෑගි ද සමග පරිත්‍යාග කිරීමයි. අනික් අදහස නම් දේවස්ථානවල පුණ්‍යාධාර පෙට්ටිවලට ගෙනවුත් දමන පරිත්‍යාග සහ ධනවතුන් විසින් දුප්පතුන්ට බෙදා දීමට ගෙනවුත් දෙන දෑ අදාළ අය රැස්කර බෙදා දීම සඳහා වෙන්වුණු දිනය යන්නයි. 

කල්යාමේ දී, දෙසරම්බර් 26 වැනි දා දිනය, හාමුපුතුන් සේවකයන්ට තෑගි දීමේ දිනය හෝ දුප්පතුන්ට ‘දන් දීමේ දිනය’ වෙනස් වී අද එය වසරාවසානයේ වෙළෙද ආයතන මගින් අළෙවි නොවී එතෙක් ඉතිරිව තිබූ පාරිභෝගික භාණ්ඩ විශාල ලෙස මිල අඩු කර විකිණීම සඳහා වෙන්වූ දිනය බවට පත් වී තියෙනවා. ඒ වගේ ම එක්සත් රාජධානියේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ජනතාව එදිනෙදා කරන වැඩි අත්හිටුවා, පාපන්දු, ක්‍රිකට්, වැනි ක්‍රීඩා නරඹමින්, සාප්පු සවාරියමින්, යාළුමිත්‍රාදීන්ගේ නිවෙස්වලට යමින් සතුටින් ගෙවන දිනයක් බවට පත්වී තියෙනවා. ඒ වගේම බොක්සිං දිනය ලොව පුරා හැමෝම සතුටින් ගෙවන පොදු විවේක දිනයක් වී තියෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments