HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2020 වසරේ ටයිම් සඟරාවේ යුග පුරුෂ සම්මානය‘අත්‍යවශ්‍ය සේවක පිරිස’ටයි!

ලෝක ප්‍රකට ටයිම් (TIME) සඟරාව මෙවර පළමුවරට ළමා විද්‍යාඥවරියක් වසරේ විශිෂ්ටතම දරුවා ලෙස තෝරා සම්මානයට පාත්‍ර කළ අයුරු අපි ‘මල් කැකුළු’වලින් ඉදිරිපත් කළ බව ඔබ දන්නවා. 1927 බිහි වූ දා සිට වසරක් පාසා වසරේ විශිෂ්ට පුද්ගලයා නම් කළ ටයිම් සඟරාව මෙවරත් 2020 විශිෂ්ටතම පුද්ගලයා නම් කර එය දෙසැ. 7 වැනිදා ප්‍රකාශයට පත් කළා. ලෝකය පුරා ටයිම් සඟරා පාඨකයන්ගේ ඡන්දෙන් තමයි, මෙවරත් ටයිම් ඒ යුග පුරුෂයා තෝරා ගත්තේ. මෙවර ඒ සඳහා තේරුණේ එක් පුද්ගලයෙක් පමණක් නොවෙයි, ලොව පුරා කෝවිඩ් - 19 වසංගතයෙන් ලෝක ජනතාව රැක ගැනීම වෙහෙසක් ගන්නා ලෝකය පුරා විසිරී සිටින ‘අත්‍යවශ්‍ය සේවක පිරිස’(Essential workers) යි.

මේ ‘අත්‍යවශ්‍ය සේවක පිරිස’ කවුරුන්ද? ලෝකය පුරා විසිරී සිටිමින් සේවයේ යෙදෙන ඔවුන්ට අයත් වන්නේ හෙදියන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරින්නන්, පාරිභෝගික ද්‍රව්‍ය අළෙවිසල් සේවක සේවිකාවන් ඇතුළු, කෝවිඩ් - 19 වසංගතයට නිබයව ඉදිරිපෙළ සිටිමින් ඊට මුහුණ දෙමින් ලෝක ජනතාව කළ හා කරන සේවය වෙනුවෙන් තමයි, ඔවුන් මෙවර ටයිම් සඟරාවේ ‘වසරේ විශිෂ්ටතම පුද්ගලයා - 2020’ ලෙස සම්මානයට පාත්‍ර වුණේ. 

මෙවර මේ සඳහා ඡන්දය දුන් 80 ලක්ෂයක් ඡන්දදායකයන් අතරින් සියයට 6.5ක් ලබා ගෙන මේ වීරයන් පළමුවන තැනට පත් වුණා. ටයිම් සඟරාව සිය පාඨක ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් විසින් කෙටි ලැයිස්තු ගත කළ 80ක් දෙනා අතරින් 2020 වසරේ ‍ලෝක ජන දිවියට වඩාත් ම බලපෑමක් සිදු කළ පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට ඡන්දය දෙන ලෙසයි. මේ වසරේ නම් කෙරුණු විශේෂ පුද්ගලයන් අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මුහුණු පොතේ ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇතුළු ප්‍රකට චරිත රාශියක් ඒ අතර තිබුණා. 

ඇමරිකාවේ අසාත්මික හා ආසාදන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි තමයි, මේ ඡන්දයෙන් දෙවැනි තත්වයට පත් වුණේ. ඔහුට මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 5ක් ලැබුණා. සමහර විට ඇමරිකාවේ කොවිඩ් වසංගතයේ අවදානම් තත්වය ගැන නිදහස්ව අදහස් පළ කිරීම නිසා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඔහුට එල්ල වූ වාග් ප්‍රහාරයත් ඔහුගේ වාසියට හිටින්නට ඇති. 

තුන්වැනි තැනට පත් වූයේ සියයට 4.3ක් ඡන්දය ලබා ගත් ඕස්ට්‍රේලියාවේ හා බටහිර ඇමරිකානු ජනපදවල පැවති මහා ලැව්ගිනි නිවීමේ මහා මෙහෙය කළ ගිනිනිවන භට පිරිසයි. ජෝර්ජ් ෆ්ලොයිඩ්, බ්‍රෙයොනා ටේලර් වැනි ඝාතනයට ලක් වූ කළු ඇමරිකානුවන් වෙනුවෙන් හා ගෝලීය වර්ණභේද වාදයටත් පොලිස් මර්දනයටත් එරෙහිව ව්‍යාපාරය මෙහෙය වූ පිරිසට සියයට 4ක් ඡන්ද ලැබී තිබුණා. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ටත් ඡන්ද සියයට 3.8ක ඡන්ද ලබා ගෙන පස් වැනි තැන හිමි වුණා. 

Post a Comment

0 Comments