HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ ප්‍රථම වරට නිපද වූ විෂ බීජ මඩින ස්මාර්ට් ෆෝනය!

එංගලන්තයේ සමාගමක් අමුතුම විදියේ ස්මාර්ට් ෆෝනයක් තනා තියෙනවා. මේ ෆෝනයට ප්‍රතිබැක්ටරීය හැකියාව තියෙනවා. මේ ස්මාර්ට් ෆෝනය පාවිච්චි කරන විට කනේ ඇති බැක්ටීරියා ව්‍යාප්තිය පැය 24ක් තුළ සියයට 99.9කින් අඩු කරන්න පුලුවන් කියලයි, නිෂ්පාදකයන් තියන්නේ. එක්සත් රාජධානියේ රීඩිං විශ්ව විද්‍යාලය සමග එක්ව මෙය නිපදවා ඇත්තේ බුලිට් දුරකතන සමාගම විසින්. මෙය නම් කොට ඇත්තේ කැට් එස්42 (Cat S42) කියලයි.

මේ ෆෝනය හොඳින් සබන් හා වතුර යොදා සෝදන්න පුලුවන්.
රීඩිං විශ්ව විද්‍යාලය සමග එක්ව මෙය නිපදවා ඇත්තේ බුලිට් දුරකතන සමාගමයි. 

කැට් එස්42 සලකනු ලබන්නේ ආරම්භක පියවරක් වශයෙන් කළ නිර්මාණයක් ලෙසයි. මෙය ඉතාමත් ශක්තිමත්, කල්පවතින උපකරණයක්. මෙහි වඩා දියුණු පියවරක් ඉදිරියේදී ඒවි. 

දැනට මෙහි මිල නියම කර ඇත්තේ පවුම් 229කටයි. ඒත් බයෝමාස්ටර් ප්‍රතිජීවක තාක්ෂණය මේ ටෙලිපෝනයට එක්කර නැහැ. ඒක එක් කෙරෙන්නේ 2021දියි. 

බුලිට් ආයතනය මේ ප්‍රතිජීවක හැකියාව කැට් ෆෝන්වලට එක්කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන අවුරුද්දෙදියි. එය ඔවුන්ගේ තාප සංවේදී පින්තූර ගත හැකි නව කැමරාවට එක් කර ගන්න තමයි ඔවුන්ගේ සූදානම තියෙන්නේ. එය නම් කර ඇත්තේ කැට් එස්62 කියලයි. 

බැක්ටීරියා මර්දනය සඳහා කටයුතු කරන්නේ ජංගම දුරකතනය තුළින් නිකුත් කෙරෙන සිල්වර් අයනවලින්. ඒවා ඊට එක් කෙරෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙදියි. ඒවා කෙළින් ම වයිරස හෝ බැක්ටීරියා අක්‍රිය නොකළත් කොවිඩ්-19 ඇතුළු විෂ බීජ රෝග කාරකවල වර්ධනය හා ව්‍යාප්තිය වළක්වන්න ඒවාට හැකියාව තියෙනවා. 

මෙහිදී මයික්‍රෝබවල අනුකෘති නිපදවීම, එනම් විෂබීජවල අණු ජීවීන් පිටපත් කිරීම නවතා දැමූ පසු එහි ආසාදන ශක්තිය හීන වෙනවා. බුලිට් ආයතනය කියන විදියට මිනිත්තු 15ක් ඇතුළත එහි බැක්ටීරියා ප්‍රමාණය සියයට 80කින් අඩු කෙරෙනවා. පැය 24ක් ඇතුළත සියයට 99.9කින් අඩු වෙනවා. 

මේ නව ෆෝනයට විෂබීජ මඬින හැකියාවක් තියෙනවා

නිෂ්පාදකයන් තවදුරටත් කියන්නේ මේ මෙවලම් සම්පූර්ණයෙන්ම ජලරෝධකයි කියලයි. එ්වා සබන් හා ජලය යොදා ගෙන හොඳින් සෝදා ගන්න පුලුවන්. සැනිටයිසර් යොදා පිරිසිදු කර ගත හැකියි. මේ කොවිඩ්-19 වසංගත සමයේ දී අත්පා විතරක් සෝදා ගෙන ෆෝන් අල්ලපුවාම ඒවායේ විෂබීජ තිබුණොත් යළිත් ඒවා අත්වල ගෑවෙනවා. ඒ නිසා ෆෝනයත් ඒ වගේ සෝදන්න හැකි වෙන්න ඕනෑ. 

‘දැන් තියෙන තත්වය අනුව සෞඛ්‍ය නීති රීතිවලට අනුගත විය යුතු නිසා, රැකියාවේ කටයුතු සඳහා දිනපතා විවිධ තැන්වලට යන අයට වඩාත් සුදුසු දුරකතනය ලෙස මේ කැට් ෆෝනය හඳුන්වන්න පුලුවන්.’ යැයි කියා බුලිට් සමූහ ආයතනයේ උප සභාපති පීටර් කැනින්හැම් කියනවා. 

විෂබීජ මඬින හැකියාව ඇති සබන් හා වතුර යොදා සේදිය හැකි එකම ෆෝනය මෙයයි.

‘කැට් ෆෝනයක් අතැති කෙනෙකුට තැන් කීපයකට යාමේදී ඒ ඒ අවස්ථාවල දී ෆෝනය සබන් යොදා සෝදා ගන්න පුලුවන්. නැතිනම් විෂබීජහාරකයක් යොදා පිරිසිදු කර ගන්න පුලුවන්.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

අනෙක් අතට තාප සංවේදී කැමරාවක් සහිත ෆෝනයකින් කාර්රේඩියේටරයක් හෝ ඇන්ජිමක් පමණ ඉක්මවා තාපය වැඩි වී ගෙන එන විට ඒ බව කල් තියා දැන ගත්තෑකි. නිෂ්පාදකයන් කියන්නේ ශරීර උෂ්ණත්වය බලන්නත් නව ෆෝනය යොදා ගන්න පුලුවන් කියලයි. එපමණක් නොව එදිනෙදා ජීවිතයේ දී තාපය මගින් හඳුනා ගන්නා ගැටලුවලදී ඒවා සොයා ගන්නටත් මේ ෆෝනය ප්‍රයෝජනයට ගත හැකියි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments