HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

3D මුද්‍රණ ක්‍රමයෙන් නිපදවූ අපූරු මො‍ටෝරියක්!

බ්‍රිතාන්‍ය මෝටර් ඉංජිනේරුවන් ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් මෝටර් රථයක් නිර්මාණය කරල තියෙනවා. ඒ විතරක් නෙවෙයි එය තනා ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරලයි. මේක දුර ධාවනයට නම් සුදුසු නැහැ. තනි කෙනෙකුට කෙටි දුරක් යන්න අපුරු වාහනයක් කියලයි මෙහි නිෂ්පාදකයන් කියන්නේ. බැටරි බලයෙන් ක්‍රියාකරන මෙයට පැයට සැතැපුම් 45ක උපරිම වේගයකින් යන්න පුලුවන්. මෙපමණ කලක් 3D මුද්‍රණ ක්‍රමයෙන් ගොඩනැගිලි තැනුවත් මොටෝරියක් තැනූ පළමු වතාව මෙයයි. 
ඩේවිඩ් ස්පයිට් 3D මුද්‍රණ ක්‍රමයෙන් තැනූ කාරය පදවමින්.

කොවිඩ් 19 වසංගතයට කොටු වෙලා ඉන්න කාලේ තුන්මාසයක් තුළ කළ නිර්මාණයක්. මේ අපූරු වාහනයට නම දාලා තියෙන්නෙ ‘චැමලියන්’(Chameleon) කියලයි. එහි අරුත ‘කටුස්සා’ යන්නයි. ඒ කාරයට ඕනෑම පරිසරයකට ගැළපෙන්නට හැඩ ගැසෙන්නට ඇති හැකියාව නිසයි. එ් කාරය නිපදවූ සමාගමට ඒ සඳහා වැය වූ මුදල පවුම් 10,000ක් විතර වෙනවා. 

මේ කාරයේ චැසිය තනා ඇත්තේ, ඉවතන ලන, ඉතාමත් ශක්තිමත් ප්ලාස්ටික් විශේෂයක් යොදා ගෙන වන අතර ඒ සඳහා 3D මුද්‍රණ යන්ත්‍ර කීපයක් යොදා ගෙන ත්‍රිමාන මුද්‍රණ ක්‍රමය ඔස්සේ තැනුනු කොටස් වලිනුයි. පරිගණකයකින් සකසා දුන් සැලැස්මකට අනුව ඒ 3D කොටස් මුද්‍රණය කළ පසුව ඔවුන්ගේ ස්වින්ඩන්හී කර්මාන්ත ශාලාව තුළදී ඒවා එකලස් කිරීම සිදුවුණා. 

ස්කේල්ඩ් කියන තාක්ෂණික සමාගම ලොක්ඩවුන් කාලය 
යොදා ගත්තා බ්‍රිතාන්‍යයේ පළමු 3D මුද්‍රණ කාරය තැනීමට.

කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් ස්පයිට් කියන්නේ ඔවුන් මේ සඳහා ප්‍රථම වරට විශාල 3D මුද්‍රණ යන්ත්‍ර භාවිත කළ බවයි. මේ ව්‍යාපෘතිය යටතේ ඔවුන් තැනූ පළමු කාරය තමයි, මේ තියෙන්නේ. ‘මේ ක්‍රමයට වරකට එක කාරයයි තනන්න හැකියාව ඇත්තේ. ඒත් අපට අවශ්‍යතාව අනුව ඒවා එකින්එක වෙනස් කර තනන්නත් පුලුවන්. 
තාක්ෂණික කණ්ඩායම විදුලියෙන් දුවන කාරයක් සම්පූර්ණයෙන් තැනීමට 
මහා පරිමාණ ත්‍රිමාන මුද්‍රණ ක්‍රමය යොදා ගත්තා.

‘බොහෝ දෙනා හිතන්නේ ප්ලාස්ටික් ශක්තිමත් දෙයක් නොවෙයි කියා. ඒත් අප මේ මගින් ඔප්පු කරනවා ප්ලාස්ටික් කෙතරම් ශක්තිමත් ද කියා. අපට මේ මගින් අවශ්‍ය ඕනෑම වෙනස් කමක් ඉතා ඉක්මනින් කරලා මේ චැසි තනන්න පුලුවන්.’ ස්පයිට් කියනවා. 

චැමලියන් කාරය මේ දිනවල දැඩි පරීක්ෂණ ක්‍රියාදාමයකට යොමු කරලයි තියෙන්නේ. දැනට හෙළිවී තියෙන විධියට මේ බැටරිය පැය භාගයකට වරක් ආරෝපණය කළයුතු වෙනවා. ඒ නිසා එය වරක් ආරෝපණය කළාම දුවන්න පුලුවන් කිලෝමීටර් 36ක් පමණයි. බැටරිය කාරයෙන් ඉවතට ගෙන ඕනෑම විදුලිය සැපයුමකින් ආරෝපණය කර ගන්න පුලුවන්. 

ඩේවිඩ් ස්පයිට් හා බොබ් බ්‍රැඩ්ලි යන දෙදෙනාට තමයි 
මේ නිර්මාණයෙහි ගෞරවය හිමිවන්නේ.

‘අපි මේක සැලසුම් කළේ නැහැ දුර ගමන්වලට. එක් අයකුට යා හැකි, ළඟ ගමන්වලට විතරක් ධාවනය කරන්නයි. මේක විශේෂයෙන් සැලැසුම් කළේ. කොවිඩ් තත්වය යටතේ තනි අයකුට ආරක්ෂිත දුරකින් ගමන් යා හැකි වන විධියට, පරිසරයට හිතකර වායුගෝලයට විමෝචන කිසිවක් එක් නොකරන, මොනම ආකාරයෙවත් පරිසර දූෂණයක් නැති, වාහනයක් තනන්නයි අපට අවශ්‍ය වුනේ. මේ යානය තුළ ගෙන යන එකම වානේවලින් තැනූ දෙය ඔබේ බ්‍රීෆ් කේස් එක විතරක් වෙන්න පුලුවන්. මෙහි ඇති සියල්ල ප්ලාස්ටික්.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

 - පර්සි ජයමාන්න

චැමලියන් විදුලි කාරය පදවන අයුරු පහත වීඩියෝවෙන් කරඹන්න.


Post a Comment

0 Comments