HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ මාසයේ දී ඔබට අහසේ දැක ගත හැකි අසිරිමත් දසුන් මෙන්න!

ඔක්තෝබර් මාසය තුළ රාත්‍රි අහසේ විස්මිත දසුන් මැවෙනවා. ඔක්තෝබර් 2 වැනි සිකුරාදා රාත්‍රි අහසේ අඟහරු හා චන්ද්‍රයා එක ළඟ ඉන්නවා දර්ශනය වුණා. ඊළඟට පෘථිවිය, අඟහරු හා සූර්යයා අතරින් යමින් ඒ ග්‍රහයන් දෙදෙන‍ා එකිනෙකට වඩාත් ළං වන අවස්ථාවක් මේ මාසේ මැද හරියේ දී උදා වෙනවා. පෘථිවියේ දකුණු අර්ධගෝලයේ ඉන්නා අයට මෙය පහසුවෙන් දැක ගත හැකියි. 

අඟහරු ග්‍රහයාත් චන්ද්‍රයාත් ආසන්නව තිබෙනු දැක ගත හැකි වූ දුර්ලභ අවස්ථාව. 
මේ අඟහරු ග්‍රහයා පෘථිවියට වඩාත් ළංවන්නේ ඔක්තෝබර් 13 වැනිදායි.

අඟහරු හා පෘථිවිය මේ ආකාරයට ළං වන්නේ සෑම අවුරුදු දෙකකට වරක් විතරයි. එයට හේතු වන්නේ අඟහරු සූර්යයා වටා යන්නේ මාස 26කට වරක් වීමයි. පෘථිවිය සූර්යයා වටා යන්නේ මාස 12කට වරක්. ඒත් මේ ග්‍රහයන් දෙදෙන‍ා අතර දුර නම් ඒ හැම වතාවකම වෙනස් වෙනවා. 

අඟහරු මෙවර නිකුත් කරන දීප්තිය තවත් අවුරුදු 15ක් යනතුරු අපට දැක ගන්න ලැබෙන්නේ නෑ. 

ඒ වගේම ඔක්තෝබර් මාසයේ ආකාශය නිරීක්ෂණය කරන්නන්ට ඉතා කලාතුරකින් දකින්ට ලැබෙන උල්කාපාත වර්ෂාවක් දැක ගතහැකියි. ඔරායන් තරුපන්තිය ආශ්‍රිතව දක්නට ලැබෙන මේ උල්කාපාත වර්ෂාව ඔක්තෝබර් 2 වැනිදා සිට නොවැම්බර් 7 වැනිදා දක්වා දිනපතා දැකිය හැකියි. මෙහි උච්චම අවස්ථාව ලෙස සලකනු ලබන්නේ ඔත්කෝබර් 21 වැනිදායි. මේ උල්කාපාත වර්ෂාව ඇති වන්නේ පෘථිවිය, හේලි ධූම කේතුව ඉතිරි කර ‍ගිය ශේෂයන් හරහා යන අවස්ථාවේදියි. ඒ නිසා තමයි මේ උල්කාපාත වර්ෂාව ඔරියනිඩ් උල්කාශ්ම වර්ෂාව ලෙස නම් කර ඇත්තේ. 

මේ අසිරිමත් සිදුවීම අපට දැක හැකි වූයේ ඔක්තෝබර් 2 වැනිදායි. 
මෙහි දක්වෙන්නේ 2003 දී එම සිදුවීම සිදුවූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්.

තාරකා විද්‍යාඥයන් කියන්නේ මේ උල්කාශ්ම පැයට සැතැපුම් 148,000ක වේගයකින් වායුගෝලය තුළ ගමන් කරන බවයි. ඒවා තත්පර කීපයක් තිස්සේ වායු ධාරාවක් වායු ගෝලය තුළ රඳවන විට තමයි, ඒවා අපට දැක ගත හැක්කේ. 

නාසා ආයතනය කියන්නේ මේ ඔරිනොයිඩ වර්ෂාව මේ වසර තුළ ඇති වන ඉතාමත් අලංකාර උල්කාපාත වර්ෂාව වන බවයි. 

ඒ වගේ ම මේ ඔක්තෝබර් 1 වැනිදා පැයූ චන්ද්‍රයා මෙතෙක් පෑයු දීප්තිමත් සඳ වූ බවත්, එය දුර්ලභ දසුනක් මැවූ බවත් කියැවෙනවා. එයට ‘නිල් සඳ’ අරුත් දෙන ‘බ්ලූ මූන්’ කියා කියන්නේ එකම මාසය තුළ පෑයූ දෙවැනි පසළොස්වක සඳ එය වූ නිසයි.‍‍‍‍‍ 

ඔක්තෝබර් මාසයේ දී ඔරයන් තරු පන්තිය දෙසින් මේ විස්මිත උල්කාපාත වර්ෂා මෙහි පතිත වන අන්දම දැක ගත හැකියි. මේ අසිරිමත් දසුන ඔක්තෝබර් 2 දා සිට නොවැම්බර් 7 වැනි දා තෙක් දැක ගත හැකිවන අතර එහි උච්චතම අවස්ථාව ඔක්තෝබර් 21 දා පන්දර දැක ගත හැකියි.

මෙවැනි අන්තරීක්ෂ සන්දර්ශනයක් සිදුවන්නේ වසර 19කට වරක් පමණයි. ඒ කියන්නේ 2039 ඔක්තෝබර් 31 වන තෙක් මෙවැනි අලංකාර දසුනක් නැවත දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. 

මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ හැම තැනක ම සිටින අයට මේ දසුන පළමු වතාවට දැක ගන්නට ලැබීමයි. උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීප අයට ‘නිල් සඳ’ යම්තමිනුත්, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවලටත්, යුරෝපා රටවලටත් මෙය ඉතා හොඳින් දර්ශනය වේවි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments