HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජාන විද්‍යාඥයන් කළ දස්කමක්! යෝධ දැල්ලාගේ ජිනෝමිය වෙනස් කරයි!

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ජානමය වශයෙන් විකරණය කරන ලද යෝධ දැල්ලන් බිහි කිරීමට ජාන විද්‍යාඥයන් සමත් වී තියෙනවා. සත්ව විද්‍යාත්මකව ඩොරිතියති පීලියයි (Doryteuthis pealeii) කියා හැඳින්වෙන යෝධ දැල්ලන් විශේෂයේ කලලවල වර්ණක ජාන විනිවිද යා හැකි ලෙස යළි සකසන්නට ඔවුන් කටයුතු යෙදුවා. මේ මගින් පර්යේෂකයන්ට හැකියාව ලැබුණා, ඒ සත්වයාගේ සුවිශේෂ ශරීර පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය හදාරන්නට. 

(වමේ) මේ වෙනස් නොකළ දැල්ලන් පැටවුන්ගේ සාමාන්‍ය ස්වරූපයයි. 
(දකුණේ) CRISPR-Cas9 එන්නත් කළ පසු පළමු බෙදීමට සිදු වන්නට 
පෙර - ඒවායේ ඇත්තේ වර්ණක සෛල ස්වල්පයක් හා ලා පැහැති ඇස් පමණයි

පර්යේෂකයන් ඩොරිතියති පීලියයිවල තියෙන ජාන වෙනස් කරන්න යොදා ගත්තේ CRISPR-Cas9 අන්තර්ගත එන්නතක්. 

දැල්ලන්, බූවල්ලන්, අටපාවන් ඇතුළත් වන සෙෆලපෝඩාවන්ගේ ගෝත්‍රයේ සතුන්ගේ ස්නායු පද්ධතියේ ඇති වේශාන්තරණ හැකියාව ගැන පර්යේෂකයන් මවිතයට පත්වෙලයි, ඉන්නේ. නමුත් ඔවුන් කළ මේ සාර්ථක අත්හදා බැලීම නිසා ජීව විද්‍යාත්මක ගැටලු රැසකට විසඳුම් දෙන්න ඔවුන්ට හැකි වේවි. 

සෙෆලපෝඩාවන්ට තමයි, සියලු අපෘෂ්ඨවංශීන් අතරින් ලොකුම මොළේ තියෙන්නෙ. ඒ ස්නායු පද්ධතියට හැකියාව තියෙනවා වේශාන්තරය කරන්නට. ඒ විතරක් නෙවෙයි, ඒ සතුන්ට විශේෂ හැකියාවක් තියෙනවා, ඔවුන්ගේ සිරුරු තුළ ඇති පණිවිඩ ගෙන යන RNA වල ජානමය දත්ත කේත පවා වෙනස් කර ගන්නට. ඒ පවුලේ සාමාජිකයන් හැම දෙනාටම දුර්ලභ සිත්ගන්නාසුලු ගති ලක්ෂණ තියෙනවා. 

විද්‍යාඥයන් දිගු කාලයක් උත්සාහ කළා, මේ සතුන්ගේ රහස් හෙළිදරවු කර ගන්නට. ඒත් ‍මේ වන තෙක් ඒ සතුන්ගේ ව්‍යුහයන්ට ඇතුළු වීමේ හැකියාවක් විද්‍යාඥයන්ට තිබුණේ නෑ. මේ වතාවේ තමයි ඔවුන් ඒ ජයග්‍රහණය අත් කර ගත්තේ. 

ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයානු බද්ධ සමුද්‍රජීව රසායනාගාරයේ පර්යේෂකයකු වූ ජොසුවා රොසෙන්තාල් කියන්නේ, ‘ඔවුන් මේ ලොකු මොළ වගේම සංකීර්ණ චර්යා රටාවන් සම්පූර්ණයෙන් ම ඔවුන් විසින්ම ස්වාධීනව සංවර්ධනය කර ගත් ඒවා’ කියලයි. 

මේ නව සොයා ගැනීම නිසා ඔවුන්ගේ ජාන සංයුතිය, අපේ ඒවා සමග සංසන්දනය කර බලන්නට අපට හැකි වී තියෙනවා. ඒ වගේ ම අප සතු ඒවාට සමාන ඒවා මොනවාද, ඒ සතුන්ට විශේෂයෙන් ම ආවේණික ඒවා මොනවාද කියා සසඳා බලන්නට හැකි වී තියෙනවා. 

රොසෙන්තාල් සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ ගවේෂණය ආරම්භ කරන්නේ CRISPR-Cas9 සූත්‍රය ඒක සෛලික කලලයකට එන්නත් කරමිනුයි. ඒත් ඔවුන්ට එහිදී මුහුණ පාන්නට වූ මුල් ම ගැටලුව වූයේ එහි දැඩි ඝන ආවරණයයි. එය විනිවිද යා නොහැකි තරම් දැඩි වූ නිසා ඔවුනට එය කැපීම සඳහා වෙන ම මයික්‍රෝ කතුරක් නිර්මාණය කරන්න සිද්ධ වුණා. බිත්තරයේ මතුපිට ආවරණය කපා ඔවුන් CRISPR-Cas9 එන්නත් කළා. 

මෙසේ ජානමය වශයෙන් විකරණය කරන ලද දැල්ලන් පෙනුනේ හරියට වෙනත් ලෝකයෙන් ආ සත්ව විශේෂයක් වාගෙයි. සිරුර මුළුමනින් ම විනිවිද පෙනුණා. ඇස් පබළු වාගේ පැහැදිලිව දිලිසුණා. පර්යේෂණ කණ්ඩායම මේ වසර මුල දී යෝධ දැල්ලා පිළිබඳ පර්යේෂණයෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කළා. ජනවාරියේ දී ඒ සතාගේ පූර්ණ ජිනොමියේ විස්තරයක් ප්‍රකාශයට පත් කළා. එයින් ඒ සතාගේ බුද්ධියේ උසස් මට්ටම පෙන්නුම් කළා. 

මේ අන්තර්ජාතික පර්යේෂක කණ්ඩායම සොයා ගත්තා, ඒ ජානත් අනෙක් සතුන්ගේ ඒවාට සමාන වුනත් ජිනෝමියේ ප්‍රමාණය මිනිසුන්ගේ ප්‍රමාණයට ආසන්න බව. ආකිටිතියස් ඩක්ස් (Architeuthius dux) ගේ ඇස් පිඟානක් තරම් ලොකුයි, අඬුවකට පුලුවන් යාර 10ක් ඈත තියෙන ගොදුරක් වුනත් අල්ලා ගන්න. උගේ සාමාන්‍ය දිග අඩි 33ක් විතර ඇති. උගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් බස්රථයක් විතර ලොකුයි. 

මේ යෝධ සත්වයන් සැඟැවී යන්න හරිම දස්සයි. ඒ නිසා පහසුවෙන් දැක ගන්න බැහැ. අධ්‍යයනය කිරීමත් හරිම අමාරුයි, 

ලෝකයේ ප්‍රථම වතාවට විද්‍යාඥයන් දැල්ලාගේ කලලය ජානමය වශයෙන් වෙනස් කරන්නට සමත් වුණා. ඒවායේ වර්ණක ජාන විනිවිද පෙනෙන විදියට විකරණය කළ පසු පෙනෙන හැටි මෙහෙමයි.

ඒත් දැන් ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් මේ සත්ව විශේෂයේ සම්පූර්ණ ජිනෝමය සිතියම් කර තිබීම නිසා මෙම සත්වයාගේ පරිණාමය පිළිබඳව මතු වන සියලු ගැටලුවට පිළිතුරු සොයා ගත හැකි වේවි. 

ඔවුන්ගේ සොයා ගැනීම අනුව යෝධ දැල්ලාගේ ජිනෝමිය තුළ DNA පාදක සෛල යුගල බිලියන 2.7ක් තියෙනවා. ඒවායේ රසායන සංයෝග පිහිටා ඇත්තේ DNA රැහැන් දෑලේ ප්‍රති විරුද්ධවයි. ඒවා ප්‍රමාණයෙන් මිනිසාගේ ජිනෝමියේ බිලියන 3 හා සසඳන විට එය සියයට 90ක් විතර වෙනවා. 

මේ ජිනෝමියේ විශාලත්වය අනුව උගේ බුද්ධිය මිනිසාගේ මට්ටමට සමානව පිහිටන්නේ නැහැ. ඒත් සෛල බෙදීමේ වේගය, සිරුරේ ප්‍රමාණය වර්ධනය වීමේ වේගය පමණක් නොව වඳවී යාමේ වේගය අනුව ඒ ලක්ෂණවල වර්ධනීය වෙනසක් ඇති බව සොයා ගෙන තියෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments