HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙන් බොදු කතාවක් - ඔබට හරි අමුතු දෙයක් නෙ තියෙන්නෙ!

දවසක් බැන්කෙයි සෙන් ගුරුතුමා හමු වූ සෙන් සිසුවෙකු තමාගේ දුක්ගැනවිල්ලක් මෙසේ කීවා. 

‘ගුරුතුමනි, මට තියෙනවා පාලනය කරගන්නට බැරි තරමේ කේන්තියක්. මං කොහොමද ඒක නැති කර ගන්නෙ?’ 

‘ඒක එන්නෙ එකපාරටම බලාපොරොත්තු නැති විදියට’

‘ඔබ ළඟ තියෙන්නෙ හරි අමුතු දෙයක් නෙ.’ යැයි කී බැන්කෙයි සෙන් ගුරුතුමා, ‘මට පෙන්නන්න ඔබ ළඟ තියනවයි කියන ඔය ඔබට පාලනය කර ගන්න බැරි අමුතු එක.’ කියල ඉල්ලා සිටියා. 

‘මට දැන් ඒක ඔබතුමාට පෙන්නන්න විදියක් නැහැ.’ සිසුවා කීවා. 

‘එතකොට කවද්ද ඔබ ඒක මට පෙන්නන්නෙ.’ ගුරුතුමා ඇසුවා. 

‘ඒක එන්නෙ එකපාරටම බලාපොරොත්තු නැති විදියට’ සිසුවා උත්තර දුන්නා. 

‘එහෙනම්, ඒක ඔබට අයිති දෙයක් නොවෙයි. ඒ වගේ ම ඔබේ ස්වභාවයකුත් නොවෙයි. ඒක ඔබ ළඟ තියෙන දෙයක් නම් ඔබට ඕනැම වෙලාවක ඒක මට පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෑ. ඔබ උපදින කොට ඒක ඔබ ළඟ තිබුණෙ නෑ. ඒ වගේම ඔබේ දෙමාපියන් ඔබට ඒක දුන්නෙත් නෑ. ඒ ගැන ආයිත් පාරක් හිතන්න’ බැන්කෙයි ගුරුතුමා අවසාන වශයෙන් කීවා. 

 - පර්සි ජ‍යමාන්න

Post a Comment

0 Comments