HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොබෙල් සම්මානය ගැන ඔබ දතයුතු විස්මිත කරුණු


විද්‍යාඥ ලීනස් පෝලින්ට හිමිවූ රන්පදක්කම

ලෝකයේ අති දක්ෂයන්ට පිදෙන සම්මාන අතරින් විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන්නේ නොබෙල් සම්මානයයි. වසරක් පාසා පිරිනැමෙන මෙම සම්මානයෙන් ක්ෂේත්‍ර හතරක් ආවරණය වෙනවා. ඒවා නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, ආර්ථික විද්‍යාව හා සාමය ආදියයි. මේ සම්මානය පිරිනැමීම ආරම්භ වූයේ 1901 සිටයි. මුල්ම නොබෙල් සම්මානලාභීන් සඳහා රන්පදක්කමක් හා ස්වීඩන් ක්‍රෝනා 150,782ක මුදලක් හා ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමුණා. වසරක් පාසා මේ මුදල වැඩි කෙරෙනවා. මෙවර මේ ත්‍යාග මුදල ස්විඩන් ක්‍රෝනා මිලියන 10ක් ලෙස වැඩි කර තියෙනවා. ඔවුන් හැමදෙනාම ලොව පුරා හඳුන්වනු ලැබුවේ ‘නොබෙල් ලොරේට්’ (Nobel laureates) හෙවත් ‘නොබෙල් විශිෂ්ටයන්’ කියායි. 

කවුද මේ නොබෙල් සම්මානයේ නිර්මාතෘ ? 

ඇල්ෆ්‍රඩ් නොබෙල් හා ඔහුගේ නමින් පිරිනැමෙන සම්මානය

ඔහු තමා ඇල්ෆ්‍රඩ් නොබෙල් (1833-1896). ඔහු උපන්නේ 1833 ඔක්තෝබර් 21 වැනිදා ස්වීඩනයේ ස්ටෝක්හෝම්හිදියි. ඔහු ස්වීඩනය බිහිකළ විශිෂ්ට යුග පුරුෂයෙක්. ලෝකයට නව නිපැයුම් 355ක් දයාද කළත් එදා ලෝකයා ඔහු වඩාත් හොඳින් හඳුනාගත්තේ ඩයිනමයිට් නිර්මාතෘ ලෙසයි. කොතරම් ඵලදායී එකක් වුවත්, ඒ විනාශකාරී නව නිපැයුම තම නමට ඈඳනවාට අකමැති වූ නොබෙල් ඒ වෙනුවට උපායක් කල්පනා කළා. එහි ප්‍රතිඵලය තමයි, නොබෙල් ත්‍යාගයේ ආරම්භය. ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය මරණින් පසු ඔහු සිය මුළු බූදලයෙන් වැඩි කොටසක් යොදවා ලෝකයේ යහපත සඳහා නව අදහස්, නව නිපැයුම් කරන අයට සම්මාන පිරිනමන ලෙස 1895 නොවැම්බර් 27 දා ලියූ ඔහුගේ අන්තිම කැමැත්තෙහි සඳහන් කර තිබුණා. නොබෙල් මිය ගියේ 63 හැවිරිදි වියේ දී, ඒ 1986 දෙසැම්බර් 10 වැනිදායි. 

නොබෙල් සම්මාන තෝරන්නේ කවුරුන්ද? 

ඇල්ෆ්‍රඩ් නොබෙල් ඔහුගේ අන්තිම කැමැත්තෙන් වි‍ශේෂයෙන් නම් කළා නොබෙල් ත්‍යාගය සඳහා සුදුස්සන් තේරීම සිදු කළ යුත්තේ කවුරුන්ද කියා. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වෙනුවෙන් සම්මාන තේරීම ස්වීඩනයේ විද්‍යාව සඳහා වූ රාජකීය ඇකඩමියටත්, වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාවට සම්මානලාභීන් තේරීම ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය පර්යේෂණ ආයතනයටත්, සාහිත්‍යය සඳහා වූ සම්මානයට සුදුස්සන් තේරීම නොබෙල් ත්‍යාග පිරිමන ස්වීඩන ඇකඩමියටත්, නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන කමිටුවක් මගින් සාමය සඳහා සුදුස්සා තේරීමටත් ඔහු අන්තිම කැමැත්තෙන් යෝජනා කර තිබුණා. ඒ අනුව නොබෙල් සම්මාන ආරම්භ වූයේ 1901දියි.

.
ලාබාලතම නොබෙල් සම්මානලාභිනිය වූ 17 හැවිරිදි මලාලා යූස්ෆ්සායි.

 1968 දී ස්වීඩනයේ මහ බැංකුව තීරණය කළා නොබෙල් සම්මානයක් ඔහුගේ නමින් පිරිමන්න. ඒ ආර්ථික විද්‍යාව සඳහායි. ඒ මුදල පිරිනමන්නේ එරට මහ බැංකුව විසිනුයි. ඒ සම්මානය පිරිනැමීම ඇරඹෙන්නේ 1968දියි. 

නොබෙල් ත්‍යාගය මියගිය අයට පිරිනමන්නේ නැහැ. ඒ අනුව සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය පස්වරක් ම නම් කරනු ලැබූ මහත්මා ගාන්ධිතුමාට ඒ වාසනාව හිමි වුණේ නැහැ. හතර වැනි වතාවක් ම නම් කර නුදුන්නත් පස්වැනි වතාවේ මහත්මාට තීන්දු කළ ද ඒ සම්මානය පිරිනමන්නට කලින් එතුමා මියගිය නිසා ඒ සම්මානය පිරිනැමුණේ නැහැ. ඒ වගේ මෙවර 2020 භෞතික විද්‍යාව සඳහා වූ සම්මානය පිරිනැමුණේ කළු කුහර ගැන කළ සොයා ගැනීම් වෙනුවෙන් වුවත් ඊට සලකා බලනු ලැබූ පර්යේෂණ ලිපි අතර ස්ටීවන් හෝකින්ස් හා රොජර් පෙන්රෝස් එක්ව කළ නිබන්ධනයක් ද තියෙනවා. ස්ටීවන් හෝකින්ස් නො‍බෙල් සම්මානය සඳහා නම් නොකෙරුණේ ඔහු ඒ වන විට මියගොස් සිටි නිසයි. 

සම්මානය වෙනුවෙන් කැරට් 18ක රන් යොදා තැනූ මේ රන්පදක්කමට 
අමතරව ස්වීඩන ක්‍රෝනා මිලියන 10ක් හිමි වෙනවා.

1901 සිට මෙතෙක් නොබෙල් ත්‍යාග ලැබූ අය අතරින් වැඩි දෙනෙකු 60 හැවිරිදි විය පසු කළ අයයි. නොබෙල් සම්මාන ලැබූවන් අතර ලාබාලතමයා වන්නේ 2014 සාම සම්මානය ලද, 17 හැවිරිදි වියේ පසු වූ මලාලා යූස්ෆ්සායි. ඒ සම්මානය ලද වැඩිම වයස්ගත පුද්ගලයා වන්නේ 2019 දී රසායන විද්‍යාව සඳහා සම්මාන ලැබූ 97 හැවිරිදි ජෝන් බී. ගුඩ්ඉනෆ් නම් විද්‍යාඥයායි. 

භෞතික විද්‍යාව සඳහා 1956 දී හා 1972 දී දෙවරක් නොබෙල් සම්මාන ලද එකම සම්මානලාභියා වන්නේ ජෝන් බාර්ඩීන් නම් විද්‍යාඥයායි. නොබෙල් ත්‍යාගය දෙවරක් හිමිකර ගත් එකම කාන්තාව වන්නේ මාරි කියුරි මැතිනියයි. ඒ 1903 දී භෞතික විද්‍යාව සඳහා ද, 1911 දී රසායන විද්‍යාව සඳහා ද වශයෙනුයි. ‍‍ෆ්‍රෙඩ්රික් සැන්ජර් විද්‍යාඥයාට රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් සම්මානය 1958 දී 1980 දී දෙවරක් හිමි කර ගත්තා. ලීනස් පෝලින් විද්‍යාඥයාට 1954 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් 1962 දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගයත් යන දෙකම දිනා ගත්තා. 

1901 සිට 2020 දක්වා නොබෙල් සම්මානලාභීන් 962ක් බිහිකර තියෙනවා. එයින් කාන්තාවන් 57 දෙනෙකු නොබෙල් සම්මානය දිනාගෙන තියෙනවා. 1901 සිට 2020 දක්වා සාමය සඳහා වූ නොබෙල් සම්මානය 2020 වන විට 101 වතාවක් පවත්වා නොබෙල් සම්මානලාභීන් 135ක් බිහිවුණා. එය පුද්ගලයන් 107 දෙනෙකුටත් ආයතන 28කටත් හිමි වි තියෙනවා. ආර්ථික විද්‍යාව සඳහා 86 දෙනකු සම්මානය දිනා ගෙන තියෙනවා. සාමය සඳහා වූ සම්මානය 3 වරක් (1917, 1944 හා 1963) දිනාගෙන ඇත්තේ රතුකුරුස සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලය දෙවරක් (1954 හා 1981) දිනා ගත්තා. 

ඇල්බට් අයින්ස්ටයින්ට භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් සම්මානය 1921 දී හිමි වුණා. නොබෙල් සම්මාන හතක් දිනා ගන්නට ඔහුට සුදුසුකම් තිබුණත් ඔහු හිමිවුණේ එක නොබෙල් ත්‍යාගයක් පමණයි. එහි මුළු මුදලම ඔහුගේ අසාර්ථක විවාහයෙන් වෙන් වූ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් දුන්නා. 

1964 දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ප්‍රංශ ජාතික ලේඛක යෝන් පෝල් සාත්‍ර ප්‍රතික්ෂේප කළේ ආයතනික පිළිගැනීම් තමාට අවශ්‍ය නැතැයි කියමිනුයි. 

ඉන්දියානු මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ගීතාංජලීය වෙනුවෙන් සාහිත්‍යය සඳහා වූ සම්මානය හිමි කර ගනිමින් ආසියාවේ ප්‍රථමයා බවට පත් වුණා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments