HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

චීන සෙන් කතාවක් - රාජ මාළිගයක්ද? නවාතැන්පොළක්ද?


චිනයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ සෙන් ගුරුවරයෙක් වරක් රජතුමාගේ මාළිගයට ගියා. සෙන් ගුරුතුමා දුටු මුර සෙබළුන් එතුමාට බාධා නොකොට රජ මාළිගය ඇතුළට යන්න ඉඩ දුන්නා. 

සෙන් ගුරුතුමා කෙළින් ම රජතුමා ළඟට ගියා. රජතුමා සිංහාසනාරූඪවයි සිටියේ. රජතුමාත් සෙන් ගුරුතුමා දුටු කෙණෙහිම අඳුනා ගත්තා. එතුමා ගුරුතුමා දෑත් එක්කොට ආචාර කළා. 

‘ගුරුතුමා ඔබතුමා දැකීම සතුටක්! මොකද හදිස්සියෙම මේ පැත්තෙ? මොනවද ඔබට මගෙන් කෙරෙන්න ඕනෑ?’ කියලා රජතුමා ඇහුවා. 

‘මට මේ නවාතැන්පොළේ අද රෑට නවාතැන් ගන්න ඕනෑ. ඒකටයි මං මේ ආවේ’ සෙන් ගුරුතුමා කීවා. 

රජතුමාට හොඳටම තරහ ගියා. කේන්තියෙන් පුපුර පුපුරා මෙහෙම ඇහුවා. 

‘මේක නවාතැන්පොළක් නෙමෙයි. මේක මගේ රජමාළිගය. තේරුණාද?’ 

සෙන් ගුරුතුමා කලබල වුණේ නැහැ. සන්සුන්ව මෙහෙම ඇහුවා. 

‘මං දෙයක් අහන්නද? මේ මාළිගය ඔබතුමාට කලින් කාටද අයිතිවෙලා තිබුණෙ?’ 

‘ඇයි මගේ පිය රජතුමා ? එයාට තමයි මේක අයිතිවෙලා තිබුණේ. අද එතුමා දැන් ජීවතුන් අතර නෑ.’ 

‘එහෙමද! එතකොට මේක එතුමාට කලින් කාටද අයිතිවෙලා තිබුණේ?’ 

‘මගේ සීයට. ඒ කියන්නේ පියරජතුමගේ පියාට, එතුමාත් අද ජීවතුන් අතර නැහැ’ 

‘ඉතින් මේ ගොඩනැගිල්ලෙහි ජීවත් වූ අය කලක් ඉඳලා පස්ස‍ෙ යන්න ගියා නම් මේක නවාතැන්පොළක් නෙමෙයිද?’ සෙන් ගුරුතුමා කීවා. රජතුමාට ජීවිතාවබෝධය ලැබුණේ එවිටයි.

- පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments